ඔබේ වාහනයත් ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියම වාහන වර්ගයට අයිතිද? (SBS සිංහල/වාර්තා)

Most popular vehicles in Australia 2019.

Source: AP

පසුගිය වසර හා සසඳන කල 2019 වසර සඳහා ඔස්ට්‍රේලියාවේ වාහන ලියා පදිංචිය 1.7% කින් මිලියන 19.5 දක්වා ඉහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම සංගණන දත්ත පෙන්වයි.


 

SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

පසුගිය වසරට සාපේක්ෂව 2019 වසර සඳහා ඔස්ට්‍රේලියාවේ වාහන ලියා පදිංචිය වැඩි වුවද එය 2015 වසරේ 2.1% ක ඉහළ යාමට සාපේක්ෂව බලන කළ මද වැඩිවීමක් බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ රථ වාහන සංගණන දත්ත පිළිබඳ අධ්‍යක්‍ෂ Lauren Binns පවසයි.
Most popular vehicles in Australia 2019.
Source: AAP

2019 වාහන ලියාපදිංචිය

2019 වසර සඳහා වාහන ලියාපදිංචිය බොහෝ ප්‍රාන්ත සහ ටෙරටරි වල ඉහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම සංගණන දත්ත පෙන්වයි.

නමුත් ටස්මේනියා ප්‍රාන්තයේ සහ බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ හැර ලියාපදිංචි වාහන වල වර්ධන අනුපාතිකය 2018 වසරට සාපේක්ෂව තරමක් මන්දගාමී වී තිබේ.

ඔස්ට්‍රේලියාවේ තවමත් වැඩිපුරම ලියාපදිංචි කළ වාහන වර්ගය ලෙස Toyota වාහන හැඳින්විය හැකි අතර ඔස්ට්‍රේලියාවේ තවමත් ජනප්‍රිය වාහන වර්ගය ලෙසද Toyota වාහන දැක්විය හැකි බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි.
2019 වසර සඳහා පමණක් Toyota වාහන මිලියන 2.9 ක් ලියාපදිංචි කර ඇති බවද ඔවුන්ගේ නවතම දත්ත පෙන්වා දෙයි.

මේ අතර Ford සහ Holden වර්ග වල වාහන ලියාපදිංචිය ක්‍රමිකව අඩුවෙමින් පවතින බව ද වාර්තා වේ.

2018 සිට 2019 දක්වා Holden වාහන වල ලියාපදිංචිය 5.8% කින් පහත බැස ඇති අතර Ford වාහන වල ලියාපදිංචිය 5.9% කින් පහත බැස තිබේ.

කෙසේනමුත්, Mazda සහ Hyundai වාහන වල ලියාපදිංචිය පසුගිය වසර කිහිපය මුළුල්ලේම කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බවත් එම වාහන් වර්ග ද්විත්වය පිළිවෙලින් ඔස්ට්‍රේලියාවේ තුන්වන සහ පස්වන ස්ථාන හිමි කරගෙන ඇත.
car park
Source: SBS

පෙට්‍රල් ද ඩීසල් ද ?

ඔස්ට්‍රේලියාවේ ඩීසල් වාහන වල ලියාපදිංචිය ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බවද වාර්තා වේ.

2019 වසරේ ලියාපදිංචි වාහන වලින් 24.6% ක් ඩීසල් වාහන බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි.

නමුත් 2014 වසරේදී එම අගය පැවතුණේ 18.5% ක් ලෙසිනි.

තවමත් ඔස්ට්‍රේලියාවේ ඉදිරියෙන් සිටින්නේ පෙට්‍රල් වාහන වන නමුත් එහි ක්‍රමික අඩුවීමක් දක්නට ලැබේ.

2018 වසරේදී 78.8% ක්ව තිබූ පෙට්‍රල් වාහන ලියාපදිංචිය 2019 වසරේදී 73.6% ක් ලෙස සටහන් වේ.
Most popular vehicles in Australia 2019.
Source: SBS Sinhala

Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔබේ වාහනයත් ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියම වාහන වර්ගයට අයිතිද? (SBS සිංහල/වාර්තා) | SBS Sinhala