ඔස්ට්‍රේලියාවේ ත්‍රස්ත ලැයිස්තුවට හමාස් සංවිධානය ඇතුළු තවත් නම් කිහිපයක් එක්වෙයි: SBS සිංහල වාර්තා

ලොව පුරා ඇති අන්තවාදී සහ නාසි සංවිධාන කිහිපයක් ඔස්ට්‍රේලියාවේ ත්‍රස්ත සංවිධාන ලැයිස්තුවට එක් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පියවර ගෙන තිබේ.

In this Dec. 18, 2016 file photo, masked militants from the Izzedine al-Qassam Brigades, a military wing of Hamas, attend the mourning ceremony

In this Dec. 18, 2016 file photo, masked militants from the Izzedine al-Qassam Brigades, a military wing of Hamas, attend the mourning ceremony Source: AAP

හමාස් සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ලැයිස්තුගත කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සූදානම් වේ.

ඔස්ට්‍රේලියාව තුළ අන්තවාදී කණ්ඩායම් සහ සංවිධාන තහනම් කිරීමේ වැඩපිළිවෙලේ තවත් පියවරක් ලෙස මෙම තීරණය ගැනීමට නියමිතය.


Highlights

  • හමාස් සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ලැයිස්තුගත කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සූදානම් වේ.
  • ඊට අමතරව Hayat Tahrir al-Sham සහ Hurras al-Din යන සංවිධානද ත්‍රස්තවාදී සංවිධාන ලෙස ලැයිස්තුගත කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පියවර ගෙන ඇත
  • Abu Sayyaf Group, al-Qa’ida, al-Qa’ida in the Lands of the Islamic Maghreb සහ Jemaah Islamiyah යන සංවිධාන ත්‍රස්තවාදී සංවිධාන ලෙස යළි ලැයිස්තුගත කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ ත්‍රස්ත සංවිධාන ලැයිස්තුවට අලුතෙන් නම් කිහිපයක්

ලොව පුරා ඇති අන්තවාදී සහ නාසි සංවිධාන කිහිපයක් ඔස්ට්‍රේලියාවේ ත්‍රස්ත සංවිධාන ලැයිස්තුවට එක් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පියවර ගෙන තිබේ.

එහිදී Atomwaffen Division ලෙස මීට පෙර හැඳින්වූ National Socialist Order අන්තවාදී කණ්ඩායම අපරාධ නීති සංග්‍රහය යටතේ ඔස්ට්‍රේලියාවේ ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර තිබේ.

මෙය ඇමෙරිකා එය එක්සත් ජනපදය පදනම් කරගත් ජාතිකවාදී සහ වර්ගවාදී ප්‍රචණ්ඩ අන්තවාදී කණ්ඩායමකි.

ඊට අමතරව Hayat Tahrir al-Sham සහ Hurras al-Din යන සංවිධානද ඔස්ට්‍රේලියානු අපරාධ නීති සංග්‍රහය යටතේ ත්‍රස්තවාදී සංවිධාන ලෙස ලැයිස්තුගත කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පියවර ගෙන ඇත.
එම සංවිධාන ද්විත්වය සිරියාව පදනම් කරගත් සුන්නි ඉස්ලාමීය ආගමික අන්තවාදී කණ්ඩායම් දෙකක් ලෙස හැඳින්වේ.

ඔස්ට්‍රේලියානුවන් ආරක්ෂා කිරීම සඳහා මෙම තීරණ ගෙන ඇති බව ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනි Karen Andrews පැවසුවාය.

ඔස්ට්‍රේලියානුවන් ත්‍රස්තවාදයෙන් සහ ප්‍රචණ්ඩ අන්තවාදයෙන් ආරක්ෂා කර ගැනීම කෙරෙහි මධ්‍යම රජය නොකඩවා අවධානය යොමු කරන බවද ඇය සඳහන් කළාය.

අන්තවාදී අදහස් සඳහා ඔස්ට්‍රේලියාවේ ඉඩක් නොමැති බව ද ස්වදේශ කටයුතු ඇමතිනි Karen Andrews අවධාරණය කළාය.
Home Affairs Minister Karen Andrews speaks during a press conference at Parliament House in Canberra.
Home Affairs Minister Karen Andrews speaks during a press conference at Parliament House in Canberra. Source: AAP

සංවිධාන කිහිපයක් යළි ලැයිස්තුගත කරයි

ඉහත සංවිධාන සහ කණ්ඩායම් අලුතින් ඔස්ට්‍රේලියාවේ ත්‍රස්ත ලැයිස්තුවට එක් කිරීමට අමතරව තවත් සංවිධාන කිහිපයක් යළිත් ත්‍රස්ත සංවිධාන ලෙස නම් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර ඇත.

ඒ අනුව Abu Sayyaf Group, al-Qa’ida, al-Qa’ida in the Lands of the Islamic Maghreb සහ Jemaah Islamiyah යන සංවිධාන ත්‍රස්තවාදී සංවිධාන ලෙස යළි ලැයිස්තුගත කර තිබේ.

පසුගිය වසරේ නොවැම්බරයේදී ලෙබනනය පදනම් කරගත් හිස්බුල්ලා කණ්ඩායම මුළුමනින්ම ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස තහනම් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ගත් තීරණයට අනුව මෙම ලැයිස්තුගත කිරීම් සිදු කෙරේ.
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය දැනට අපරාධ සංග්‍රහය යටතේ ත්‍රස්තවාදී සංවිධාන 28ක් ලැයිස්තුගත කර තිබේ.

ත්‍රස්තවාදී සංවිධාන සම්බන්ධ වැරදිවලට ​​වසර 25ක් දක්වා සිර දඬුවම් ඇතුළත් වේ.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


හමාස් සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ලැයිස්තුගත කිරීම

හමාස් යනු බටහිර ඉවුරේ සහ ගාසා තීරයේ පදනම් වූ සටන්කාමී සහ දේශපාලනික පලස්තීන කණ්ඩායමකි.

ඊශ්‍රායලය විසින් එම ප්‍රදේශවලට හිමිකම් කීමට ඔවුහු විරුද්ධ වන අතර ස්වාධීන රාජ්‍යයක් පිහිටුවීමට කැපවී සිටිති.

හමාස් සංවිධානය මේ වන විට පලස්තීන ජාතික අධිකාරියේ පාර්ලිමේන්තුවේ බහුතර බලය දරයි.
ඔස්ට්‍රේලියාවේ බුද්ධි හා ආරක්‍ෂාව පිළිබඳ පාර්ලිමේන්තු කමිටුව පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී නිකුත් කළ වාර්තාවක් මගින් ත්‍රස්ත සංවිධානයක් ලෙස සමස්ත හමාස් සංවිධානයම නම් කිරීමට නිර්දේශ කළේය.

හමාස් සංවිධානයේ පැරාමිලිටරි අංශය වන The Brigades ප්‍රථම වරට ත්‍රස්ත සංවිධානයක් ලෙස 2003 දී ලැයිස්තුගත කරන ලද අතර එතැන් සිට නැවත ලැයිස්තුගත කර ඇත.

හමාස් සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කිරීමට යන තීරණය නිසා සාමාන්‍ය පලස්තීනුවන් වෙනස්කොට සැලකීම්වලට භාජනය වනු ඇතැයි යන සැකයක් මේ වන විට මතුව තිබේ.

නමුත් ත්‍රස්තවාදී සංවිධානවලට සහාය නොදක්වන පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා නීතිපති Michaelia Cash විසින් කටයුතු කරන බව ස්වදේශ කටයුතු ඇමතිනි Karen Andrews ප්‍රකාශ කළාය.

Share

Published

Updated

By Tom Stayner, Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service