ජාත්‍යන්තර සිසුන්ගේ සහ බැක්පැකර්වරුන්ගේ යළි පැමිණීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ ශුද්ධ සංක්‍රමණය ඉහළම මට්ටමට වැඩිවෙයි

කොවිඩ් වයිරසය පැමිණ මාස කිහිපයකට පසු, 2020 මුල් භාගයේදී ඔස්ට්‍රේලියාවේ දේශසීමා වසා දැමීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණය දැඩි ලෙස කඩා වැටුණි.

Australia's young migrants overwhelmingly feel they belong here, a new study has found.

Net migration to Australia ballooned to around 400,000 people in the last 12 months. Source: AAP

පසුගිය වසර තුළ ඔස්ට්‍රේලියාවේ ශුද්ධ සංක්‍රමණය (net migration) 400,000 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව එය එහි මෙතෙක් පැවති ඉහළම මට්ටම වන බවත් තවත් මාස 12 ක් සඳහා රජය විසින් අපේක්ෂිත අගයට වඩා බෙහෙවින් වැඩි අගයක් බවත් සඳහන්.

නමුත් කොවිඩ් වසංගතයට පෙර පැවති සංක්‍රමණ මට්ටමට පැමිණීමට ඔස්ට්‍රේලියාවට තවමත් අපහසු වී ඇත.

ඔස්ට්‍රේලියාවේ නවතම ශුද්ධ සංක්‍රමණය

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතිය සඳහා විශාල ප්‍රතිසංස්කරණයක් සිදුකළ යුතු බවට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු අමාත්‍ය Clare O’Neil පසුගිය අප්‍රේල් 27 වනදා පවසා සිටි නමුත් තමන් “විශාල ඕස්ට්‍රේලියාවක්” වෙනුවෙන් පෙනී නොසිටින බව එහිදී අවධාරනය කළාය.

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතිය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රධාන සමාලෝචනයක වාර්තාව පිළිබඳ නිවේදනය කරමින් ඇය මේ බව සඳහන් කළාය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
නමුත් ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණය ස්ථාවරත්වයේ කාලපරිච්ඡේදයකට පෙර මූලික ඇස්තමේන්තුවලට වඩා ඉහළින් ශුද්ධ සංක්‍රමණය වසර දෙකක වේගවත් වර්ධනයක් පෙන්නුම් කරන බව SBS ප්‍රවෘත්ති වෙත සපයා ඇති සහ අප්‍රේල් 28 වනදා ජාතික කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කරන ලද සංඛ්‍යාලේඛනවලින් පෙන්නුම් කරයි.

ශුද්ධ විදේශීය සංක්‍රමණය (net overseas migration) 2019-20 දී පුරෝකථනය කළ ප්‍රමාණයට වඩා මේ වසරේ 315,000 අඩු මට්ටමක පවතිනු ඇති අතර, වසර 2030 දක්වා කොවිඩ් වසංගතයට පෙර මට්ටමට ළඟා වීමට අපේක්ෂා නොකෙරේ.

ඔස්ට්‍රේලියාවේ ශුද්ධ විදේශීය සංක්‍රමණය මෙම මුල්‍ය වර්ෂයේ සහ ලබන වසරේ 235,000 දක්වා යථා තත්ත්වයට පත් වනු ඇතැයි පසුගිය ඔක්තෝබර් මාසයේ ඉදිරිපත් කළ අයවැය ලේඛන ඉඟි කර ඇත.
නමුත් බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් ජාත්‍යන්තර සිසුන් සහ holiday makers ගේ පැමිණීම නිසා 2022-23 දී 400,000 ක් සහ 2023-24 දී 315,000 ක් දක්වා එය ඉහළ යනු ඇති බව ජාතික කැබිනට් මණ්ඩලයට දන්වා ඇත.

වසංගතයකට පසු එය මෙතෙක් වාර්තා වූ ඉහළම වාර්ෂික ශුද්ධ විදේශීය සංක්‍රමණ වැඩිවීමවේ.

ඔස්ට්‍රේලියාවේ ශුද්ධ විදේශීය සංක්‍රමණය යළි වාර්ෂිකව 235,000 ක් වෙත ක්‍රමයෙන් ආපසු ඇද වැටෙනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.
A woman standing at a lectern speaking in front of microphones.
Home Affairs Minister Clare O'Neil has said she is "not advocating for a big Australia." Source: AAP / Lukas Coch

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතියට කොවිඩ් බලපෑම

කොවිඩ් වයිරසය පැමිණ මාස කිහිපයකට පසු, 2020 මුල් භාගයේදී ඔස්ට්‍රේලියාවේ දේශසීමා වසා දැමීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණය දැඩි ලෙස කඩා වැටුණි.

ඔස්ට්‍රේලියාවේ දේශ සීමා 2021 නොවැම්බර් දක්වා වසා තබන ලදී.

එම පියවර හේතුවෙන් ජාත්‍යන්තර සිසුන් සිය දහස් ගණනකට දුරස්ථව අධ්‍යාපනය ලැබීමට බලකෙරුණු අතර, තාවකාලික වීසා බලපත්‍රලාභීන් රටින් පිටමං කිරීමට එවකට පැවති ලිබරල් සන්ධාන රජය උන්නදු කළේය.

ඔස්ට්‍රේලියාවේ දේශසීමා නැවත විවෘත වන විට, වසංගතයට පෙර අපේක්ෂා කළ අගයට සාපේක්ෂව ඔස්ට්‍රේලියාවේ ශුද්ධ විදේශීය සංක්‍රමණය 500,000 කින් අඩුවී තිබුණි.

නමුත් නැවත දේශ සීමා විවෘත කිරීම හරහා වසර කිහිපයක ශිෂ්‍ය කණ්ඩායම්වලට එකවර ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට ඉඩ සලසා දී ඇති අතර, backpackers සහ අනෙකුත් කෙටි කාලීන වීසා බලපත්‍රලාභීන් ද ඔස්ට්‍රේලියාවට පැමිණීමේ අවස්ථාව ලබාගෙන ඇත.

සංක්‍රමණ ක්‍රමය හරහා නිවැරදි පුද්ගලයින් ඔස්ට්‍රේලියාවට ලබා ගැනීම

කම්කරු පක්ෂ රජයේ මූලෝපාය "තවත් බොහෝ මිනිසුන් ගැන නොවේ" යන්න ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු අමාත්‍ය Clare O’Neil පසුගිය අප්‍රේල් 27 වනදා අවධාරණය කළාය.

ඔස්ට්‍රේලියාව මුහුණ දෙන විශාල ජාතික ගැටලු විසඳීමට උපකාර කිරීම පිණිස සංක්‍රමණ ක්‍රමය හරහා නිවැරදි පුද්ගලයින් මෙරටට ලබා නොගැනීම මෙහි ඇති ගැටලුව වී ඇති බව ඇය පැවසුවාය.

එහිදී ඉහළ දස්කම් දක්වන ජාත්‍යන්තර සිසුන් රට තුළ රඳවා ගැනීම වත්මන් කම්කරු පක්ෂ රජයේ ප්‍රධාන අරමුණක් වී තිබේ.

ඔවුන් උපාධිය ලැබීමෙන් පසු බොහෝ විට සංකීර්ණ හා වෙහෙසකාරී වීසා ක්‍රියාවලියකට මුහුණ දුන් බව අදාළ සමාලෝචනයෙන් සොයා ගන්නා ලදී.

Share

Published

By Finn McHugh, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ජාත්‍යන්තර සිසුන්ගේ සහ බැක්පැකර්වරුන්ගේ යළි පැමිණීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ ශුද්ධ සංක්‍රමණය ඉහළම මට්ටමට වැඩිවෙයි | SBS Sinhala