Breaking

වික්ටෝරියානු ප්‍රාන්තයෙන් යළිත් කොරෝනා ආසාදිතයෙකු හමුවෙයි, වැඩිදුර තොරතුරු මෙන්න (SBS සිංහල/ වාර්තා)

30 හැවිරිදි වියෙහි පසුවන මෙම පුද්ගලයා විදෙස්ගතව සිට ඔස්ට්‍රේලියාවට පැමිණ දකුණු ඔස්ට්‍රේලියාවේ හෝටල් නිරෝධායනය වීමෙන් පසුව මැයි 04 වන දින වික්ටෝරියානු ප්‍රාන්තයේ Wollert හි පිහිටි තම නිවසට පැමිණ තිබේ.

People wearing face masks are seen walking down Melbourne's Elizabeth Street.

People wearing face masks are seen walking down Melbourne's Elizabeth Street. Source: AAP

විදෙස්ගතව සිට ඔස්ට්‍රේලියාවට පැමිණි වික්ටෝරියානු ප්‍රාන්ත වාසියෙකු හට දින 14 හෝටල් නිරෝධායනයෙන් පසුව කොරෝනා වයිරසයට ධනාත්මක වී ඇති බව මීට සුළු වේලාවකට පෙර වාර්තා විය.

විදෙස්ගතව සිට ඔස්ට්‍රේලියාවට පැමිණි ඔහු දකුණු ඔස්ට්‍රේලියාවේ හෝටල් නිරෝධායනය වීමෙන් අනතුරුව වික්ටෝරියානු ප්‍රාන්තයට පැමිණ තිබේ.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් යළි කොරෝනා ආසාදිතයෙක්

30 හැවිරිදි වියෙහි පසුවන මෙම පුද්ගලයා විදෙස්ගතව සිට ඔස්ට්‍රේලියාවට පැමිණ දකුණු ඔස්ට්‍රේලියාවේ හෝටල් නිරෝධායනය වීමෙන් පසුව මැයි 04 වන දින වික්ටෝරියානු ප්‍රාන්තයේ Wollert හි පිහිටි තම නිවසට පැමිණ තිබේ.

ඉන් දින 4 කට පසුව ඔහුට කොරෝනා රෝග ලක්ෂණ වර්ධනය වන්නට වූ බව සඳහන්.

ඒ හේතුවෙන් ඔහු මැයි 10 වන දින කොරෝනා පරීක්ෂාවක් සිදුකර ඇති අතර අද (11/05) පෙරවරුවේ එහි ප්‍රතිඵල ධනාත්මක ලෙස පැමිණ ඇත.

මේ හේතුවෙන් වික්ටෝරියානු සෞඛ්‍ය බලධාරීන් පූර්ණ මහජන සෞඛ්‍ය ප්‍රතිචාරයක් ලබා ගනිමින් සිටින බව ප්‍රාන්තයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

"රෝග විනිශ්චය තහවුරු කිරීම සඳහා වැඩිදුර පරීක්ෂණ ඉතා ඉක්මණින් සකස් කර ඇත. එතෙක් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මොහු කොරෝනා වයිරසයට ධනාත්මක ආසාදිතයෙකු ලෙස සලකන අතර ඒ අනුව කටයුතු කරයි." යනුවෙන් ද එහි සඳහන් වේ.

අදාළ පුද්ගලයා ආ ගිය ස්ථාන

අදාළ ආසාදිතයා පහත සඳහන් දින වලදී පහත ස්ථාන වලට ගොස් ඇති බව වාර්තා වේ.

  • මැයි 6 වන දින Altona North හි Pact Retail Accessories (TIC Group - front office) - ඕනෑම වේලාවක
  • මැයි 6 වන දින Altona North හි 7Eleven - 6:30pm - 7pm
  • මැයි 7 වන දින Melbourne CBD හි The Curry Vault Indian restaurant - 6.30pm - 9.30pm
  • මැයි 8 වන දින Altona North හි 7Eleven - 11:10am - 11:40am
  • මැයි 8 වන දින Epping Indiagates Spices and Groceries - 5:00pm - 6:00pm
  • මැයි 8 වන දින Epping Woolworths - 5:40pm - 6:38pm
ඉහත වේලාවන් හිදී යම් අයෙකු ඉහත ස්ථාන වෙත ගොස් ඇත්නම් ඔවුන් වහාම කොරෝනා පරීක්ෂාව සිදුකර දින 14 ක් ස්වයං නිරෝධායනය විය යුතු බවත් වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඇමතිය යුතු බවත් සඳහන්.

මේ වන විට අදාළ පුද්ගලයා මෙන්ම ඔහුගේ පළමු සමීපතම ආශ්‍රිතයින් නිවසේම ස්වයං නිරෝධායනය කර ඇත.

ඔවුන්ව කොරෝනා පරීක්ෂණ වලට භාජනය කර ඔවුන්ගෙන් ප්‍රශ්න කළ බවද වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

මොහු හට වයිරසය ආසාදනය වීමේ ප්‍රභවය තීරණය කිරීම සඳහා දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය සමඟ කටයුතු කරන බව ද වික්ටෝරියානු සෞඛ්‍ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නිරෝධායනයේදී තමාට යාබදව පිහිටි හෝටල් කාමරයේ සිටි ආසාදිතයෙකුගෙන් මෙම පුද්ගලයා හට වයිරසය වැළඳී ඇති බවක් පෙනී යන බව දකුණු ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීහු පවසති.

ඔහුගේ නිරෝධායන කාල සමයේදී ඔහු මුහුණ දුන් කොරෝනා පරීක්ෂණ ත්‍රිත්වයෙන්ම ඔහුට වයිරය වැළඳී ඇති බවක් තහවුරු නොවූ බව ද සඳහන්.

දකුණු ඕස්ට්‍රේලියාවේ සිටියදී මෙම පුද්ගලයා ආසාදනය වී ඇති බවක් එයින් පෙනී යන බව දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනි Nicola Spurrier පැවසුවාය.

අදාළ පුද්ගලයා දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ නිරෝධායනයේ සිටි ඇඩිලේඩ් හි Playford හෝටලයේ CCTV දර්ශන මේ වන විට ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් විසින් පරීක්ෂා කරමින් සිටියි.

Share

Published

Updated

By Rashida Yosufzai, Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service