"ප්‍රාදේශීය පෙදෙස් වල රැකියා නොමැතිනම් වෙනත් නගරයකට මාරු වී රැකියා සොයා ගන්න" ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය Michael McCormack පවසයි (SBS සිංහල / වාර්තා)

sc

Source: AAP


ඕස්ට්‍රේලියාවේ රැකියා නොමැති නමුත් රැකියා සොයමින් සිටින පුද්ගලයන්ට ලබා දෙන සුභ සාධන දීමනාවක් වන Newstart දීමනාව වැඩි කරන ලෙස ඉදිරිපත් වන ඉල්ලීම් වලට පිළිතුරු ලෙස තම ප්‍රදේශයෙන් බැහැරව වෙනත් ප්‍රදේශ වලට මාරු වී රැකියා සෙවීමට අවශ්‍ය බවට ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය Michael McCormack පවසා තිබේ.
Nationals පක්ෂයේ නායක Michael McCormack පවසන්නේ තමා වෙසෙන ප්‍රදේශයෙන් ඉවත්ව වෙනත් ප්‍රදේශ වලට යාමෙන් රැකියා ලබා ගත හැකි අවස්ථා වැඩි වන බවයි . ඔහු පවසා ඇත්තේ ඔස්ට්‍රේලියාවට එසේ ජංගම ශ්‍රම බලකායක් අවශ්‍ය වන්නේ විවිධ ප්‍රාදේශීය පෙදෙස් වල රැකියා අවස්ථා ඇති නිසා බවයි

ඔහුගේ අදහස තම පෙදෙසේ සුව පහසු දිවියෙන් මිදී වෙනත් ප්‍රදේශ වලට මාරු වන අයට රැකියා අවස්ථා ලබා ගැනීමේ හැකියාව වැඩි බවයි. McCormick මහතාගේ පක්ෂයේ පසු පෙළ මන්ත්රීන්ගෙන්ද Newstart දීමනාව වැඩි කරන ලෙස ඉල්ලීම් ඇති අතර හිටපු Nationals නායක Barnaby Joyce ද ඒ සදහා බලපෑම් කොට තිබේ. Joyce මහතා පවසා ඇත්තේ විශේෂයෙන්ම ප්‍රාදේශීය පෙදෙස් වල සති 2ට ලබා දෙන ඩොලර් 555ක මුදල ප්‍රමාණවත් නොවන බවයි. නමුත් McCormick මහතා පවසන්නේ මෙය වැටුපක් නොව රැකියා දෙකක අතර කාලය සදහා ලබා දෙන දීමනාවක් පමණක් බවයි.  


ඔහු පවසන්නේ බොහෝ ප්‍රාදේශීය පෙදෙස් වල රැකියා පුරප්පාඩු ඇති බවයි. ඒ නිසා අලුත් මානසිකත්වයකින් එම පෙදෙස් කරා යා යුතු බව ඔහු පවසයි .

විවිධ සමාජ සේවා සංවිධාන වල විවේචන


The Australian Council of Social Service සංවිධානය නියෝජ්‍ය අගමැතිගේ මෙම ප්‍රකාශය හෙලා දැක තිබේ. එසේ වෙනත් ප්‍රදේශ වලට මාරු වීමට යයි පැවසුවත් ප්‍රාදේශීය පෙදෙස් වල ජනයා රැකියා සොයා ගැනීමට වෙහෙසෙන බව එම ආයතනයේ ප්‍රධානී acqueline Phillips පවසයි. ඇ පවසන්නේ ප්‍රාදේශීය පෙදෙස් වල බොහෝ රැකියා කලක් පමණක් හෝ තාවකාලික ඒවා බවයි. ඒ නිසා ඔවුන් ස්ථාන මාරු කලද එය තාවකාලික බවයි ඇගේ අදහස.එම සංවිධානය විපක්ෂය විසින් සහය ලබා දෙන සතියකට ඩොලර් 75කින් මෙම දීමනාව වැඩි කිරීමේ අදහසට එකග වනවා 

ලිබරල් පසු පෙළ මන්ත්‍රීන්ගේ සහය

ලිබරල් පසු පෙළ මන්ත්‍රීන් දෙදෙනෙකු වන Dean Smith හා Russel Broadbent මෙම සතියකට දීමනාව ඩොලර් 75කින් හා තනිකඩ දරුවන් නොමැති පුද්ගලයෙකුගේ දීමනාව ඩොලර් 275කට වැඩි කිරීමට එකග වී තිබේ .

කම්කරු පක්ෂය සිය පක්ෂ රැස්වීමෙන් අනතුරුව පවසන්නේ දීමනාව වැඩි කල යුතු බව වුවත් එය කොපමණ අගයක්දැ යි ඔවුන් පවසන්නේ නැහැ. රජයේ අදහස මෙම Newstart දීමනාව ලබන 700,000කගේ 3න් දෙකකගේ පමණ දීමනා අවශ්‍යතාව වසරකට වඩා අඩු කලක් බවයි . නමුත් සමාජ සේවා අමාත්යංශය පවසන්නේ එය වසර 3ක පමණ කාලයක් ලබා දීමේ අවශ්‍යතාවක් ඇති බවයි. මෙම දීමනාව වසර 20න පමණ උද්ධමන අගයට වඩා වැඩි වීමක් සිදු වී නැහැ
c
Source: SBS

Share

Published

By Charitha Adikari
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
"ප්‍රාදේශීය පෙදෙස් වල රැකියා නොමැතිනම් වෙනත් නගරයකට මාරු වී රැකියා සොයා ගන්න" ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය Michael McCormack පවසයි (SBS සිංහල / වාර්තා) | SBS Sinhala