ඔස්ට්‍රේලියාවේ නව ඩිජිටල් නීති සමගින් ඔබේ ජංගම දුරකථනය සහ Mobile Apps වර්ග වෙනස්වන්නේ කොහොමද? (SBS සිංහල/වාර්තා)

Digital Laws

Source: Flickr

ඔස්ට්‍රේලියානුවාසීන්ගේ ජංගම දුරකතන වල භාවිතා කරන විවිධ apps වර්ග වලින් ඔබේ  පුද්ගලික තොරතුරු ලබා ගැනීම සහ ඒවා අදාළ සමාගම් භාවිතා කිරීම් පිළිබඳ නව නීති හා රීති මාලාවක් Australian Competition and Consumer Commission විසින් නිර්දේශ කර ඇති බව වාර්තා වේ.


 

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


 

ජංගම දුරකතන භාවිතා කරන්නන්ගේ තොරතුරු භාවිතා කරන ආකාරය පිළිබඳ ඇතුලත් නිර්දේශ අඩංගු කෙටුම්පතක් Australian Competition and Consumer Commission විසින් මේ වනවිට ඉකුත් කර ඇති බවත් එහි සම්පූර්ණ වාර්තාව ලබන වසරේදී නිකුත් කෙරෙන බවත් The Age පුවත්පත වාර්තා කාරයි.
Digital Laws
Source: Flickr

පුද්ගලික තොරතුරු එක්රැස් කිරීම හා භාවිතය

ඔස්ට්‍රේලියාවේ නවීන තාක්ෂණික ජංගම දුරකතන භාවිතය ඉහළ යාමත් සමග ඒවා හරහා භාවිතා වන විවිධ apps වර්ග වල භාවිතයද ඉහළගොස් තිබේ.

විශේෂයෙන්ම සමාජ ජාලා apps වර්ග, මුල්‍ය කටයුතු සඳහා වූ apps වර්ග මෙන්ම අන්තර්ජාලය ඔස්සේ මිලට ගැනීම් කළ හැකි apps වර්ග වලින් ඒවා භාවිතා කරන්නන්ගේ තොරතුරු එක්රැස් කිරීම, ඒවා වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම, වැනි ක්‍රියා හේතුවෙන් ඔස්ට්‍රේලියාව තුළ Privacy හෙවත් පුද්ගලිකත්වය පිළිබඳ විශාල ගැටළු රැසක් පසුගිය සමයේදී ඇතිවිය.

එනිසාම පාරිභෝගිකයින්ට තම පුද්ගලික තොරතුරු ලබා ගැනීම සම්බන්ධයෙන් විමසා සිටීමට මෙන්ම ඒවා මකා දැමීමට ඉල්ලීම් කිරීමට ද මේ හරහා අයිතිය සැපැයෙන බව වාර්තා වේ.

මෙම යෝජිත නිර්දේශ සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අවසානයේදී එකඟ වුවහොත් ඔස්ට්‍රේලියාවේ Privacy Act හෙවත් පුද්ගලිකත්වය පිළිබඳ සංශෝධනයකට ලක්වනු ඇත.
Digital Laws
Source: Flickr

ප්‍රධාන වෙනස්කම් දෙකක්

මෙම නව යෝජිත නිර්දේශ මගින් ඔස්ට්‍රේලියානු ඩිජිටල් ක්ෂේත්‍රයේ ප්‍රධාන වෙනස්කම් දෙකක් සිදුවන බව The Age පුවත්පත විස්තර කරයි.

01. පුද්ගලික තොරතුරු එකතු කිරීම විනිවදභාවයකින් යුක්ත වීම.

අදාළ app වර්ගය මගින් හෝ තුන්වන පාර්ශවයක් මගින් හෝ පාරිභෝගිකයින්ගේ පුද්ගලික තොරතුරු එකතු කිරීමේදී ඒවා සංක්ෂිප්තව, අවබෝධකරගත හැකි අයුරින් ඉතා පැහැදිලිව ලිඛිතව දැනුම් දිය යුතු බවට මෙම නව යෝජිත නිර්දේශ මගින් යෝජනා කර තිබේ.

නමුත් පාරිභෝගිකයින් අදාළ app වර්ගය භාවිතා කිරීම නතර කළ විට ඔවුන්ගේ තොරතුරු භාවිතා වන්නේ කුමන අයුරින්ද යන්න මේ හරහා ආමන්ත්‍රණය නොකර ඇති බවද සඳහන්.

02. සමාගම් මගින් පුද්ගලික තොරතුරු එකතු කිරීම පාරිභෝගිකයින්ට තවදුරටත් පාලනය කිරීමට හැකිවීම.

ඔබ යම් app එකකට ලියාපදංචි වීමේදී ඔබේ පුද්ගලික තොරතුරු එක් රැස් කිරීමට අදාළ options ක්‍රියා විරහිත කර තැබීමට ඔබට එහි Settings හරහා හැකියාව ලැබේ.

ඒවා On කිරීම ඔබ සතු වගකීමකි.

නමුත් ඒ සැම option එකකටම අදාළ වැදගත් කරුණු සහ එහි ප්‍රතිඵල පිළිබඳ පාරිභෝගිකයා දැනුවත් කිරීම අවශ්‍ය වේ.

විවිධ apps හරහා තමන්ගේ පුද්ගලික තොරතුරු එකතු කිරීම පාලනය කිරීමට පාරිභෝගිකයාට වැඩි බලයක් ලබාදීමේ ක්‍රමයක් මේ හරහා නිර්දේශ වී ඇත.
Digital Laws
Source: Flickr

නිත්‍ය නියෝග සහ පාරිභෝගික කැමැත්ත

පරිගණක, ටැබ්ලට් සහ ජංගම දුරකථන සඳහා අදාළ operating systems හෙවත් මෙහෙයුම් පද්ධති අදාළ නිෂ්පාදන සමාගම් වලින්ම නිර්දේශ කර ලබාදෙයි.

එමෙන්ම ඒවායෙන් අන්තර්ජාලයට පිවිසීමට හැකි internet browsers සහ search engine, ඒ ඒ නිෂ්පාදන සමාගම් විසින් default හෙවත් නිත්‍ය නියෝග ආකාරයෙන් ස්ථාපනය කර තිබේ.

නමුත් මෙම නව නීති හරහා පාරිභෝගිකයින්ට තමන් කැමති ආකාරයේ internet browser එකක් සහ search engine එකක් තම පරිගණකයට, ටැබ්ලට් එකට හෝ ජංගම දුරකථනයට බාගත කොට භාවිතා කිරීමේ හැකියාව ලැබේ.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියාවේ නව ඩිජිටල් නීති සමගින් ඔබේ ජංගම දුරකථනය සහ Mobile Apps වර්ග වෙනස්වන්නේ කොහොමද? (SBS සිංහල/වාර්තා) | SBS Sinhala