ඔස්ට්‍රේලියාවේ bridging visa ලාභීන් විශාල ලෙස ඉහළට. ජාත්‍යන්තර සිසුන්ට සහ සංචාරකයින්ට චෝදනා. (SBS සිංහල/වාර්තා)

bridging visa

Source: Getty Images

රැකවරණය පතා ඔස්ට්‍රේලියාවට ගුවන් මගින් පැමිණෙන පිරිස් වල වර්ධනයක් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අපේක්ෂා කරයි.


 

SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

සංඛ්‍යාත්මකව වර්ධනය වන සංචාරකයින් සහ ජාත්‍යන්තර සිසුන් හට මේ හෙයින් චෝදනා එල්ල වන්නටද පටන් ගෙන තිබේ.
Australia visa
Picture for representational purpose only. Source: SBS

ආරක්‍ෂිත වීසා අයදුම්පත් ප්‍රමාණය ඉහළට

නීත්‍යානුකූල වීසා සහිතව ගුවන් මගින් ඔස්ට්‍රේලියාවට පැමිණි පුද්ගලයින් ඔස්ට්‍රේලියාවේ රැකවරණය පතා ඉදිරිපත් කළ protection visa හෙවත් ආරක්‍ෂිත වීසා අයදුම්පත් ප්‍රමාණය කැපී පෙනෙන ලෙස පසුගිය සමයේදී ඉහළ ගොස් ඇති බව කම්කරු පක්ෂයේ ස්වදේශ කටයුතු පිළිබඳ නියෝජිතවරිය වන Kristina Keneally පැවසුවාය.

2014 ජූලි මාසයේ පටන් 2019 ජනවාරි මස දක්වා එලෙස ආරක්‍ෂිත වීසා සඳහා යොමු කෙරුණු අයදුම්පත් ප්‍රමාණය 81,596 දක්වා ඉහළ ගොස් ඇති බව ඇය පෙන්වා දුන්නාය.

මේ හේතුවෙන් bridging visa මත ඔස්ට්‍රේලියාව තුළ වාසය කරන පිරිස දෙගුණ වී ඇති බවත් එය මේ වන විට  230,000 කට ආසන්න සංඛ්‍යාවක් බවට පත්වී ඇති බවත් ඇය වැඩි දුරටත් පැහැදිලි කළාය.

ගුවන් මගින් නීත්‍යානුකූලව ඔස්ට්‍රේලියාවට පැමිණි පිරිස් මෙලෙස bridging වීසා වල ගොඩගසා තබාගැනීමට ස්වදේශ කටයුතු අමාත්‍යවරයා කටයුතු කරනුයේ ඇයිදැයි ද කම්කරු පක්ෂයේ ස්වදේශ කටයුතු පිළිබඳ නියෝජිතවරිය වන Kristina Keneally සෙනට් සභාවේදී ප්‍රශ්න කළාය.

නමුත් bridging වීසා වල වැඩි වීම ජාත්‍යන්තර සිසුන් හා සංචාරකයින් නිසා සිදුවූවක් බව සෙනට් සභාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩටන් නියෝජනය කරමින් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෙනට් සභික  Linda Reynolds ඊට පිළිතුරු දුන්නාය.

ජාත්‍යන්තර සිසුන්ගේ සහ සංචාරකයින්ගේ සංඛ්‍යාත්මක වර්ධනයක් ඔස්ට්‍රේලියාව අපේක්ෂා කරන බවත් එවිට මෙවැනි තත්ත්වයක් උද්ගතවන බවත් ඇය එහිදී පැහැදිලි කළාය.
bridging visa
Source: AAP

ඔස්ට්‍රේලියාවේ රැකවරණය සඳහා අයදුම් කිරීමේ ප්‍රමාණය ඉහළට

නීත්‍යානුකූලව ගුවන් මගින් ඔස්ට්‍රේලියාවට පැමිණ ඔස්ට්‍රේලියාවේ රැකවරණය සඳහා අයදුම් කිරීමේ ප්‍රමාණය පසුගිය මුල්‍ය වර්ෂයේ පමණක් 28,000 කට ආසන්න බව වාර්තා වේ.

එම ප්‍රමාණය 2016/17 මුල්‍ය වර්ෂයේ 18,290 ක් බවත් 2015/16 මුල්‍ය වර්ෂයේ 9,554 ක් වූ බවත් වාර්තා වේ.

ඒ අතර චීන සහ මැලේසියානු අයදුම්කරුවන් විශාල සංඛ්‍යාවක් සිටින බවද සඳහන්.

කෙසේනමුත්, එයින් 90% ක් පමණ අයදුම්පත් ප්‍රතික්ෂේප වී ඇති අතර ඔවුන් සියල්ලම පාහේ bridging වීසා වල සිටින බව වාර්තා වේ.

2014 වසර වන විට ඔස්ට්‍රේලියාවේ bridging visa හිමි පුද්ගලයින් 107,000 ක් වූ බවත් එය 2019 මේ වන විට 230,000 ක් ලෙසට ඉහළ ගොස් ඇති බවත් දැක්වෙයි.
SBS Sinhalese
Source: SBS Sinhala

Share

Published

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියාවේ bridging visa ලාභීන් විශාල ලෙස ඉහළට. ජාත්‍යන්තර සිසුන්ට සහ සංචාරකයින්ට චෝදනා. (SBS සිංහල/වාර්තා) | SBS Sinhala