ඔස්ට්‍රේලියාවේ ගුවන් තොටුපොල වලට මුහුණු හඳුනාගැනීමේ නව smart ගේට්ටු 105 ක්.

105 new smart gates will be rolled out at Australian airports.

Source: SBS

ඔස්ට්‍රේලියාවේ ගුවන් තොටුපොල වල ඉදිරියේදී ගුවන් මගීන්ට තම ගුවන් ගමන් බලපත්‍රය කවුන්ටර වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය නොවන බව වාර්තා වේ.

ඔස්ට්‍රේලියාව පුරා ඇති ගුවන් තොටුපොළවල ස්වයංක්‍රීය ගේට්ටු හෙවත් smart gates 105 ක් ඉදි කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සූදානම් බව ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton නිවේදනය කළේය.

ඒ සඳහා ඩොලර් මිලියන 22.5 ක් වෙන් කිරීමට අපේක්ෂා කරන අතර දෙවැනි අදියරේදී තවත් smart gates ඉදි කිරීමට අපේක්ෂිත බවද ඔහු පවසා ඇත.

ඒ අනුව බොහෝ රටවල සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන ගුවන් මගීන් හට මුහුණු හඳුනාගැනීමේ උපකරණ වෙත  තම මුහුණ හොවමින් තම අනන්‍යතාව ඔප්පු කළ හැකිවේ.

ජාත්‍යන්තර ගුවන් මගීන් තම ගුවන් යානයට යාමේදී ඇතිවන දිගු පෝලීම් ද මෙමගින් නැති වන බව අමාත්‍ය Peter Dutton පැවසීය.


Share

Published

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service