නව දෙමාපිය වීසා යටතේ ඔස්ට්‍රේලියාවට පැමිණෙන දෙමාපියන් නොදන්වා අන්තර්ජාලයේ පෞද්ගලික තොරතුරු වෙනස් කළහොත් රටින් පිටුවහල් කිරීමේ අවධානමක්? ...

screen

Source: ABC Australia

ඕස්ට්‍රේලියාවේ හඳුන්වා දී ඇති නවතම දෙමාපිය වීසා යටතේ මෙරටට පැමිණෙන වැඩිහිටියන් ඔවුන්ගේ ඊ මේල් ලිපින හා අන්තර්ජාල තොරතුරු වෙනස් කිරීම රජයට නොදැන්වුව හොත් ඔවුන් රටින් පිටුවහල් කල හැකි ලෙස නීති සකස් වී ඇති බවට වාර්තා වේ.ඒ අනුව එසේ දෙමාපියන් සිය අන්තර්ජාල අනන්‍යතා වෙනස් කිරීමට දින 2ට පෙර එය රජයට දැන්විය යුතු වේ. රජය විසින් මෙම parent reunion නම් හැඳින්වෙන වීසා කාණ්ඩය මාර්තු මසදී හඳුන්වා දුනි . ඒ සදහා අයදුම්පත් මේ මසදී  විවුර්ත වූ අතර , වසරකට 15000ක් සදහා අවකාශ එයින් ලැබේ. එමගින් ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට හා ස්ථිර පදිංචි කරුවන්ට වීසා 2ක් ඔස්සේ වසර 5කට ඩොලර් 10000ක ගාස්තුවකට දෙමාපියන් වසර 10ක් දක්වා ගෙන්වා ගැනීමේ හැකියාව ලැබේ.
මේ පිලිබදව අදහස් දක්වන Federation of Ethnic Communities Councils ආයතනයේ ප්‍රදානී Mohammad Al-Khafaji පවසන්නේ මෙම වීසා කාණ්ඩය පවුල් නැවත එක් කිරීමට වැදගත් වුවත්, ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු රජයට දැන්වීමට සිදුවීම පිළිගත නොහැකි බවයි.
ඔහුගේ අදහස මෙසේ පැමිණෙන වැඩිහිටියන් පිළිගැනීමේ සංස්කෘතියක් රට තුල ඇති විය යුතු බවයි.

මේ පිලිබදව අදහස් දක්වන ස්වදේශ කටයුතු අමාත්යංශය පවසන්නේ ඔවුන්ගේ පෞද්ගලික ඇමතීමේ තොරතුරු වෙනස් කිරීමට පෙර රජයට දැන්වීම මෙහිදී අවශ්‍ය වන බවටයි.

මෙම රෙගුලාසිය මීට පෙර පැවති ආකාරය

සැබවින්ම මෙම නීතිය වසර 2013 සිට තාවකාලික bridging වීසා සහ චීන සංචාරක වීසා සදහා පමණක් මීට පෙර දැඩි ලෙස ක්‍රියාත්මක වී ඇති අතර එමගින් වීසා ලාබීන්ගේ ලිපිනය, දුරකථන අංක, ඊ මේල් ලිපින, online profile හි user name ආදිය වෙනස් කිරීමට දින 2කට පෙර එය රජයට දැන්විය යුතුයි. Migration Institute of Australia ආයතනයේ ප්‍රධානී John Hourigan පවසා ඇත්තේ ඔහුට මෙම රෙගුලාසි සම්පුර්ණ නොකළහොත් රටින් පිටුවහල කල හැකි බවට ස්ථිර ව දැනුවත් වීමක් නැතත් එම රෙගුලාසි ඉවත් කල යුතු බවයි. ඔහු පවසන්නේ එම රෙගුලාසි වෙනත් වීසා වලට යෙදෙන්නේ තොරතුරු වෙනස් කර දින 14ක් තුලදී රජයට දැන්විය යුතුයි යනුවෙන් බවයි. බොහෝ දෙනා පවසන්නේ මෙම රෙගුලාසිය හේතුවෙන් මෙම parent වීසා කාණ්ඩ ලාබීන් මෙය දැඩි රෙගුලාසියක් ලෙස දක්නා බවයි.

ගාස්තුව අධික වුවද මෙහි ජනප්‍රියත්වය


වාර්තා වන අන්දමට නව වීසා ක්‍රමය කලින් පැවති ඉතා වැඩි ගාස්තුවක් හා වසර 8කටත් වඩා වැඩි කාලයක් බලා සිටීමට සිදුවූ වීසා කාණ්ඩ වල ඇති අපහසුතා නිසා බොහො දෙනා විසින් පිලිගෙන තිබේ. මෙම වීසා කාණ්ඩය ඉදිරිපත් කරමින් සංක්‍රමණික අමාත්‍ය David Coleman පැවසුවේ මෙමගින් බොහෝ ඕස්ට්‍රේලියානු පවුල් වලට සාමාජීය වශයෙන් වාසි ලැබෙන බවයි. මේ සදහා දරුවන් ඩොලර් 83000ක පමණ ආදායමක් ලැබිය යුතු අතර පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ වියදම්ද දැරිය යුතු වේ.
මේ පිලිබදව අදහස් දැක්වීමට තැත් කලද අමාත්‍ය Coleman මේ දිනවල නිවාඩු ගෙන ඇතැයි වාර්තා වේ

Source :ABC News

 


Share

Published

Updated

By Charitha Adikari

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
නව දෙමාපිය වීසා යටතේ ඔස්ට්‍රේලියාවට පැමිණෙන දෙමාපියන් නොදන්වා අන්තර්ජාලයේ පෞද්ගලික තොරතුරු වෙනස් කළහොත් රටින් පිටුවහල් කිරීමේ අවධානමක්? ... | SBS Sinhala