ලෝකයේ නිවාස මිල ගණන් කඩා වැටීමේ අයහපත්ම රට බවට ඔස්ට්‍රේලියාව පත්වෙයි. (SBS සිංහල/වාර්තා)

House price in Sydney and Melbourne has been suffered from a major setback.

House price in Sydney and Melbourne has been suffered from a major setback. (AAP) Source: AAP

මේ වසරේදී නිවාස මිල ගණන් කඩා වැටීම සම්බන්ධ ලෝකයේ අයහපත්ම රට ලෙස ඔස්ට්‍රේලියාව වාර්තා වන බව ලොව ප්‍රධානතම credit rating නියෝජිත ආයතනයක් වන Fitch Ratings ආයතනය පවසයි.


 

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”'


 

මේ තත්ත්වය සමනය වීමට වසර 2020 වනතුරු බලා සිටීමට සිදුවනු ඇතැයි ඔවුන් පැවසු බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
house price fall
Source: AAP

ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළෙඳ පොළ කඩා වැටීම

ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළෙඳ පොළ පිළිබඳ Fitch Ratings ආයතනයේ වාර්තාව පසුගිය සතියේදී එළිදැක්විණි.

ඒ අනුව මේ වසරේදී ඔස්ට්‍රේලියාවේ නිවාස මිල තවත් 5% කින් පමණ පහත බසිනු ඇතැයි එම වාර්තාව පෙන්වා දෙයි.

එය මේ වන විට වාර්තාවන 6.7% ක පහළ බැසීමේ ප්‍රතිශතය මතින් ක්‍රියාත්මක වන බව සඳහන්.

ඒ අනුව නොකඩවා දෙවැනි වසරටත් නිවාස වෙළෙඳ පොළ බැස්මක් පවතින රටවල් 24 අතරින් ඔස්ට්‍රේලියාව අයහපත්ම රට බවට පත්ව ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි.
ඔස්ට්‍රේලියාවේ නිවාස මිල පහත යාම සහ නිවාස අලෙවි කරගැනීමට දිගු කලක් බලාගෙන සිටීමට සිදුවීම හේතුවෙන් නිවාස ණය ගෙවීම් පැහැර හැරීම් වැඩි වශයෙන් සිදුවිය හැකි බවත් Fitch Ratings ආයතනය අනතුරු අඟවයි.

දැනට පවතින තත්ත්වය මත ඔස්ට්‍රේලියාවේ දළ දේශීය නිෂ්පාදිත අගයට සාපේක්ෂව ඔස්ට්‍රේලියානු නිවාස ණය අගය 121% ක් වන බවත් මේ තත්ත්වය ඔස්ට්‍රේලියාවේ ආර්ථිකයට එතරම් සුබාදයී තත්ත්වයක් නොවන බවත් ඔවුන් පෙන්වා දෙයි.
house price fall
Source: AAP

2020 දී අර්බුදය සමනය වෙයිද?

ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය ක්‍රමිකව පහත යාමත් ශක්තිමත් සංක්‍රමණිකප්‍රතිශතය නිසාත් නිවාස මිල ගණන් වල ස්ථාවර භාවයක් වසර 2020 වන විට ඇතිවය හැකි බවටද Fitch Ratings ආයතනය අනාවැකි පළ කරයි.

වසර 2019 දී ද සිඩ්නි හා මෙල්බර්න් නිවාස මිල ගණන් සමාන වේගයකින් පහත බසිනු ඇති බවත් ඔවුන් අපේක්ෂා කරයි.
මේ තත්ත්වය හේතුවෙන් බැංකු වලින් නිවාස ණය ලබාගැනීමේදී පළමුව නිවසක් මිලට ගන්නා පුද්ගලයින්ට දැඩි අභියෝගයන්ට මුහුණ දීමට සිදුවනු ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

නිවාස ණය අයදුම්පත් ඉතා දීර්ග අධීක්ෂණයකට භාජනය කිරීම ඊට ප්‍රධාන හේතුවකි.

එමෙන්ම උදාවී ඇති අර්බුදය මත නිවාස ණය නැවත ගෙවීම දින 90 කට වඩා එහා ගොස් පැහැර හැරීම් 2020 වන විට තවත් ඉහළ යනු ඇතැයිද Fitch Ratings ආයතනය අපේක්ෂා කරයි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------



Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ලෝකයේ නිවාස මිල ගණන් කඩා වැටීමේ අයහපත්ම රට බවට ඔස්ට්‍රේලියාව පත්වෙයි. (SBS සිංහල/වාර්තා) | SBS Sinhala