ඉතිහාසය නැවත සිදුවෙමින් වසර 27 කට පසුව එංගලන්තය ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි. (SBS සිංහල/වාර්තා)

ICC Cricket World Cup 2019

Source: ICC/ Facebook

මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 41 වන තරගය ලෙස ඊයේ (03/07) Chester-le-Street හිදී එංගලන්තය සහ නවසීලන්තය අතර පැවති තරගයෙන් එංගලන්තය ලකුණු 119 ක දැවැන්ත ජයක් අත්කරගත්තේය.

මෙම ජයග්‍රහණයත් සමග එංගලන්තය මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට සුදුසුකම් ලැබීය.

කාසියේ වාසිය දිනූ එංගලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 කට ලකුණු 305 ක් රැස් කිරීමට සමත් විය.

වේගවත් ආරම්භයක් ලබාගත් එංගලන්ත ආරම්භක පිතිකරුවන් පළමු කඩුල්ල සඳහා ලකුණු 123 ක සම්බන්ධතාවක් පිහිටවුයේය.

එහිදී Jonny Bairstow අගනා ලකුණු 106 ක් ලබාගත් අතර Jason Roy ලකුණු 60 ක් ලබාගත්තේය.

ඊට අමතරව එංගලන්ත නායක Eoin Morgan ලකුණු 42 ක් ලබාගත්තේය.
ICC Cricket World Cup 2019
Jonny Bairstow Source: Getty Images Europe
ජයග්‍රාහී ලකුණු 306 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 45 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකිවුයේ ලකුණු 186 ක් පමණි.

ඒ අනුව එංගලන්තයට ලකුණු 119 ක දැවැන්ත ජයක් හිමිවූ අතර එංගලන්තයේ  Jonny Bairstow හට තරගයේ වීරයා සම්මානය හිමි විය.

ප්‍රසාද ලකුණු සටහන

මෙම තරගය ජයගැනීමත් සමග එංගලන්තය ප්‍රසාද ලකුණු 12 ක් ලබමින් ප්‍රසාද ලකුණු සටහනේ 3 වන ස්ථානයට පත්වී ඇති අතර අවසන් පූර්ව වටයට ද සුදුසුකම් ලැබීය.

ඔස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු 14 ක් ලබා තවමත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් වී සිටින අතර ඔවුන් ද අවසන් පූර්ව වටයට ද සුදුසුකම් ලබා ඇත.

ප්‍රසාද ලකුණු 13 ක් ලබා ඉන්දියාව ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන අතර ඔවුන්ද මේ වන විට අවසන් පූර්ව වටයට ද සුදුසුකම් ලබා තිබේ.

ඒ අනුව මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන සිව්වන කණ්ඩායම ලෙස මේ වන විට පාකිස්තානය හා නවසීලන්තය අතර තියුණු තරගයක් ඇතිවී ඇත.

නවසීලන්තය පළමු වටයේ තරග 9 ම ක්‍රීඩා කර ඇති අතර ඔවුන් ප්‍රසාද ලකුණු 11 ක් හිමිකරගෙන සිටී.

පාකිස්තානයට තවත් එක් තරගයක් ඉතිරිවී ඇති අතර ඔවුන් මේ වන විට ප්‍රසාද ලකුණු 09 ක් හිමිකරගෙන සිටී.

පාකිස්තානයට ඉතිරිව ඇති තරගය බංග්ලාදේශය සමග වන අතර එම තරගය හෙට දිනයේදී පැවැත්වේ.

එංගලන්තය සහ නවසීලන්තය අතර ඊයේ පැවති තරගය අවසන් වීමත් සමග 2019 එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සමස්ත ප්‍රසාද ලකුණු සටහන පවතින්නේ පහත අයුරිනි.
ICC Cricket World Cup 2019
Source: Facebook

ඉතිහාසය නැවත සිදු වේද?

එංගලන්තය මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්නේ 1992 වසරින් අනතුරුව වීම විශේෂත්වයකි.

1992 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය පැවැත්වුනේද මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන Round Robin ආකාරයටමය.

එහිදී පළමු වටයේදී පාකිස්තානයේ තරග ප්‍රතිඵල ද මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියයේ පළමු වටයේ තරග ප්‍රතිඵල ද මේ වන විට එක හා සමානය.

1992  ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසකම් ලැබුවේද පාකිස්තානය හා එංගලන්තය වන අතර එහිදී එංගලන්තය ලකුණු 22 කින් පරදා පාකිස්තානය ලෝක ශූරයින් බවට පත් විය.
ICC Cricket World Cup 2019
The final of the 1992 ICC Cricket World Cup was played at the Melbourne Cricket Ground, Melbourne on 25 March 1992.The match was won by Pakistan, under the capt Source: Facebook
මේ අතර අද දිනයේ ඇෆ්ගනිස්තානය  සහ කොදෙව් දූපත් අතර තරගය පැවැත්වීමට නියමිතය.

එම තරගය ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් අද රාත්‍රී 7.30 ට ආරම්භ වේ.
ICC Cricket World Cup 2019
Source: SBS Sinhala

Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service