457 වීසා වෙනස්කම් සමග ලබන වසරේ සිට ඔස්ට්‍රේලියානු රැකියා වෙළෙඳ පොළ වෙනස්වන හැටි. (SBS සිංහල/වාර්තා)

ඔස්ට්‍රේලියාවේ වෘත්තිමය රැකියා වලට පමණක් නොව අවම නිපුණතා සහිත රැකියා වන ඉදිකිරීම්, hospitality, සිල්ලර සහ අනෙකුත් සේවා සපයන රැකියා ක්ෂේත්‍ර වලට පවා තාවකාලික සේවක වීසා සහිත සංක්‍රමණිකයින් විශාල පීඩනයක් එල්ල කරන බව ඔහු පෙන්වා දෙයි.

457 visa overhaul unlikely to be a game changer for Australia’s local jobs.

Source: AAP

2018 මාර්තු මස සිට ඔස්ට්‍රේලියාවේ Temporary Work වීසා,  Temporary Skill Shortage වීසා (TSS වීසා) වෙත වෙනස් කිරීමෙන් දේශීය සේවකයින් හට වඩා වැඩි අවස්ථාවක් හිමි වීමට ඉඩ ඇති බව සිඩ්නි විශ්ව විද්‍යාලයේ ව්‍යාපාරික පාසලේ කම්කරු වෙළෙඳ පොළ නියාමනය සහ ආගමන කටයුතු පිළිබඳ විශේෂඥ ආචාර්ය Wright පවසයි.

“මෙම වෙනස්කම් නිසා අදාළ සේවක වීසා සඳහා අයදුම් කරන ප්‍රමාණය අඩු වනු ඇති බව මම පිලිගන්නවා. නමුත් මෙම වෙනස්කම් දේශීය සේවකයින් හට විශාල අවස්ථාවන් සහ එම ක්ෂේත්‍රයේ විශාල වර්ධනයක් සිදු වේවිදැයි මට සම්පූර්ණ විශ්වාසයක් නැහැ.” ඔහු SBS ලෝක පුවත් සේවයට පැවසීය.

ලිබරල් සන්ධාන රජයේ 457 වීසා වෙනස්කම පිළිබඳ ස්වාධීන පර්යේෂණ සංවිධානයක් වන ඔස්ට්‍රේලියානු ජනගහන පර්යේෂණ ආයතනය සිදු කළ පර්යේෂණයේ ප්‍රතිඵල පසුගිය බදාදා (09/08) නිකුත් විය.
ලිබරල් සන්ධාන රජයේ 457 වීසා වෙනස්කම, ඔබ හිතනවාට වඩා දැඩි බව එම පර්යේෂණ ආයතනයේ සභාපති සහ වාර්තාවේ කර්තෘ ආචාර්ය Bob Birrell පැවසීය.
ඔස්ට්‍රේලියාවේ වෘත්තිමය රැකියා වලට පමණක් නොව අවම නිපුණතා සහිත රැකියා වන ඉදිකිරීම්, hospitality, සිල්ලර සහ අනෙකුත් සේවා සපයන රැකියා ක්ෂේත්‍ර වලට පවා තාවකාලික සේවක වීසා සහිත සංක්‍රමණිකයින් විශාල පීඩනයක් එල්ල කරන බව ඔහු පෙන්වා දෙයි.

ඔස්ට්‍රේලියාවේ වත්මන් විරැකියා අනුපාතිකය 5.8% ක් වන අතර එය පසුගිය ජුනි මාසයේ 5.6% ක් විය.

ඔස්ට්‍රේලියානු රැකියා සඳහා ප්‍රමුඛත්වය හිමිවිය යුත්තේ ඔස්ට්‍රේලියානු සේවකයින් හට බව පසුගිය අප්‍රේල් මාසයේ මෙම වෙනස්කම් පිළිබඳ නිවේදනය කරමින් අගමැති මැල්කම් ටර්න්බුල් පැවසීය.

“අපි 457 වීසා සම්පූර්ණයෙන් අහෝසි කරන අතර ඒවාට හිමි රැකියා ඔස්ට්‍රේලියානුවන් හට හිමි කර දෙනවා.” යනුවෙන් අගමැති ටර්න්බුල් වැඩිදුරටත් පැවසීය.

හඳුන්වා දෙන නව TSS වීසා යටතේ සුදුසුකම් ලද රැකියා ප්‍රමාණය 651 සිට 435 දක්වා අඩු කර ඇති අතර ඇතැම් රැකියා සඳහා වසර දෙකක වීසා කාලයක් ලබා දෙන අතරේ අනෙක් ඛාණ්ඩයට වසර 4 ක වීසා කාලයක් ලැබේ.

මෙම සීමා හේතුවෙන් TSS වීසා හිමියන් හට Employer Nomination Scheme හෙවත් ENS වීසා වෙත ස්ථිර ලෙස ඇතුල්වීමේ අවස්තාව ඇහිරේ.

2015 -16 වසර සඳහා ලබාදුන්  ENS වීසා ප්‍රමාණය මේ වසරේදී තුනෙන් එකකටත් වඩා අඩු වනු ඇතැයි ආචාර්ය Bob Birrell පැවසීය.

විශේෂයෙන් වසර 2ක තාවකාලික TSS වීසා හිමියන් හට ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට නොහැකි වන බවද ඔහු පෙන්වා දුන්නේය.
ඊට අමතරව වසර දෙකේ හෝ හතරේ TSS වීසා හිමියන් හට අදාළ ක්ෂේත්‍රයේ වසර දෙකක අවම පළපුරුද්දක් තිබිය යුතුද වෙයි. මෙම සේවා පළපුරුද්ද අනිවාර්ය කිරීම තාවකලික සේවක වීසා වල හැරවුම් ලක්ෂයක් වනු ඇති බවද ඔහු පැවසීය.
මීට පෙර ලබාදුන් 457 වීසා ප්‍රමාණයෙන් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් ලබාදී ඇත්තේ ඔස්ට්‍රේලියාව තුළ සිටි අය හට බවත් ඉන් බහුතරය ජාත්‍යන්තර සිසුන් බවත් ආචාර්ය Bob Birrell පැවසීය.

------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

------------------------------------------------------------------

Share

Published

Updated

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service