ඔස්ට්‍රේලියාවේ වාසය කරන්නන්ගේ සෞඛ්‍ය තත්ත්ව පිළිබඳ නවතම වාර්තාව මෙන්න. (SBS සිංහල/වාර්තා)

Australian National Health records

Source: Getty Images

ඔස්ට්‍රේලියානුවාසීන් ගේ දුම්පානය කිරීම සහ මත්පැන් පානය කිරීම අඩුවී ඇති නමුත් තමන්ගේ ආහාර රටාව පිළිබද සැලකිල්ලක් දක්වා එය දියුණු කර නොගතහොත් රටේ සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට නොහැරෙනු ඇතැයි වාර්තා වේ.

එමෙන්ම ඔස්ට්‍රේලියාවේ තරුණ පරපුර පෝෂ්‍යදායී ආහාර පිළිබඳ එතරම් සැලකිල්ලක් නොදක්වන බව ද ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම ජාතික සෞඛ්‍ය සමීක්ෂණයේ දත්ත පෙන්වා දෙයි.
Australian National Health records
Source: AAP

ඔස්ට්‍රේලියානුවාසීන්ගේ සෞඛ්‍ය තත්ත්වය

ඔස්ට්‍රේලියානුවාසීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ මේ වසරේ සිදුකළ අවසාන සමීක්ෂණයේ ප්‍රතිඵල ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් පසුගිය සතියේදී එළි දක්වනු ලැබීය.

සාමාන්‍ය ඔස්ට්‍රේලියානුවාසියෙකු ගේ බර නියමිත ප්‍රමාණයට වඩා වැඩි බවක් හෝ ස්ථුලතාවයෙන් පෙළෙන බවක් හෝ ප්‍රමාණවත් තරම් එළවලු ආහාරයට නොගන්නා බවත් එහිදී ප්‍රධාන වශයෙන් හෙළිවී තිබේ.


 

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


 

මේ අතර ඔස්ට්‍රේලියානුවාසියෙකු සාමාන්‍යයෙන් දිනකට මිනිත්තු 42 ක පමණ කාලයක් ව්‍යායාම් වල  යෙදෙන නමුත් බහුතරයක් දෙනා ප්‍රමාණවත් තරමේ ව්‍යායාම් වල නොයෙදෙන බවත් ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ සෞඛ්‍ය සංඛ්‍යාලේඛන පිළිබඳ අධ්‍යක්ෂ  Louise Gates පැවසීය.

ඊට අමතරව වැඩ කරන දිනවලදී ඔස්ට්‍රේලියාවේ 44% ක් දෙනා බොහෝ කාලයක් වාඩිවී සිටින බවද එහිදී හෙළිවී තිබේ.

එමෙන්ම පසුගිය වසර තුන ඇතුළතදී ඔස්ට්‍රේලියාවේ වයස අවුරදු 18 ත් 24 ත් අතරේ පසුවන පුද්ගලයින්ගේ බර වැඩිවීම් හෝ ස්ථුලතාවය 18% කින් වැඩිවී ඇති බවද ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම ජාතික සෞඛ්‍ය සමීක්ෂණයේ දත්ත පෙන්වා දෙයි.
Australian National Health records
Source: Getty Images

අයහපත් සෞඛ්‍ය පුරුදු අඩුව්වීමේ ප්‍රවණතාවක්

ඔස්ට්‍රේලියානුවාසීන්ගේ අයහපත් සෞඛ්‍ය පුරුදු අඩුව්වීමේ ප්‍රවණතාවක් ක්‍රමිකව දක්නට ලැබෙන බව ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සභාපති වෛද්‍ය Kean-Seng Lim, SBS පුවත් වෙත පැවසීය.

දුම්පානය කිරීමේ අඩුවීමක් දක්නට ලැබීම ඊට කදිම නිදසුනක් ලෙස ඔහු පෙන්වා දෙයි.

දුම්පානය  අඩු වීමට ප්‍රධානතම හේතු ලෙස සිගරට් හා දුම්කොළ සඳහා බදු ඉහළ දැමීම, දුම්පානයේ ආදීනව පිළිබඳ දැනුවත් කිරීම, සේවා ස්ථාන වල දුම්පානය කිරෙමේ සංස්කෘතිය වෙනස් කිරීම දකිව්‍ය හැකි බව සඳහන්.

මේ ක්‍රමයම අපට අහිතකර ආහාර පාන වලින් ජනතාව ඈත් කරවීමට පෙළඹවීම සඳහා යොදාගත හැකි බව ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සභාපති වෛද්‍ය Kean-Seng Lim පැවසීය.

මේ අතර ඔස්ට්‍රේලියානුවාසීන්ගේ මත්පැන් පානය කිරීමද 16% කින් අඩුවී ඇති බවද වාර්තා වේ.
Australian National Health records
Source: Getty Images

ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය දත්ත

එක් නිධන්ගත රෝගයක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සමග 47% ක ඔස්ට්‍රේලියානුවාසීන් වාසය කරයි.

පසුගිය වසර 4 ඇතුළත මානසික හෝ හැසිරීමේ ආබාධ 20% දක්වා 2.6% කින් වැඩිවී තිබේ.

ඔස්ට්‍රේලියානු වැඩිහිටියන්ගෙන් 13% ක් අධික මානසික පීඩාවන්ගෙන් පෙළෙයි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share

Published

By Madhura Seneviratne
Source: SBS News, SBS Sinhala program

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service