ශ්‍රී ලංකා ක්‍රිකට් තරුව චමරි අතපත්තුට ගෞරවයක් ලෙස, ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රිකට් පිටියේ seating zone එකක්

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන Women's Big Bash League තරඟාවලියේ Sydney Thunder කණ්ඩායම යටතේ තරඟවදින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් නායිකා චමරි අතපත්තු හට කරන ගෞරවයක් වශයෙන්, සිඩ්නි ක්‍රිකට් පිටියේ "Chamari Bay" නමින් ආසන කලාපයක් නම් කිරීම සිදු වේ.

CA.jpg

A seating zone in SCG to name after Sri Lankan star Chamari Athapaththu Credit: SBS Sinhala

මේ වනවිට ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන Women's Big Bash League (WBBL) තරඟාවලියේ Sydney Thunder කණ්ඩායම යටතේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් නායිකා චමරි අතපත්තු ක්‍රීඩා කරමින් සිටී.

මෙම තරඟාවලියේ Sydney Thunder කණ්ඩායම සහ Sydney Sixers කණ්ඩායම අතර තරඟය නොවැම්බර් 26 වන දින සිඩ්නි ක්‍රිකට් පිටියේදී පැවැත්වේ.

ඔවුන්ගේ මෙම WBBL ක්‍රිකට් ගැටුම සඳහා, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රිකට් පිටියේ "Chamari Bay" ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකා චමරිගේ නමින් seating zone හෙවත් ආසන සහිත කලාපයක් නම් කිරීමට Sydney Thunder කණ්ඩායම තීරණය කොට තිබේ.

චමරි අතපත්තුගේ නමින් සිඩ්නි ක්‍රිකට් පිටියේ මෙලෙස ආසන සහිත කලාපයක් නම් කිරීමට ගත් තීරණය ඔස්සේ, ඕස්ට්‍රේලියාවේ බහු සංස්කෘතික ක්‍රිකට් ප්‍රජාව පෝෂණය කිරීම සිදු වන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට අමතක නොවන අත්දැකීමක් ලබා දෙනු ඇතැයි Sydney Thunder කණ්ඩායම පවසයි.

මෙය චමරි අතපත්තු සිය ක්‍රිකට් දිවිය තුල දැක්වූ දස්කම් සඳහා වන උපහාරයක් පමණක් නොව, Sydney Thunder කණ්ඩායම මගින් සිදු කරන බහු සංස්කෘතික ක්‍රිකට් ප්‍රවර්ධන කාර්යයේ පියවරක් වශයෙන්ද සැලකේ.

————————————————————————————————————————————
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhala

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala


SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

—————————————————————————————————————————————


Sydney Thunder කණ්ඩායම මෙවර Women's Big Bash League තරඟාවලියේදී කැපී පෙනෙන දස්කම් දැක්වීමක් සිදු කොට ඇති අතර තරඟ 9 කදී ලකුණු 374 ක් රැස්කරගෙන සිටී.

මේ සඳහා Sydney Thunder කණ්ඩායමට චමරි අතපත්තුගෙන් සුවිශේෂී දායකත්වයක් ලැබුණු අතර එය ඇගයීමද Sydney Thunder කණ්ඩායමේ මෙම වැඩසටහනේ අරමුණ වේ.

මේ අනුව, දිගු ඉතිහාසයකට උරුමකම් කියන SCG හෙවත් සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ඕනෑම තරඟයකදී චමරි අතපත්තුගේ නමින් වන මෙම අසන කලාපය ශ්‍රී ලාංකීය ක්‍රිකට් ලෝලීන් හට දැකගැනීමට හැකියාව හිමි වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Sydney Thunder කණ්ඩායමට ක්‍රීඩා කරන ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩිකා චමරි අතපත්තු සඳහන් කොට සිටියේ මෙය තමාට ඉමහත් සතුටක් මෙන්ම ගෞරවයක්ද වන බවයි.

මෙය තමාට සුවිශේෂී අවස්ථාවක් වන බවත් ඇය පැවසුවාය.

චමරි අතපත්තු Sydney Thunder කණ්ඩායම මගින් මෙලෙස සිඩ්නි ක්‍රිකට් පිටියේ "Chamari Bay" ලෙස ආසන කලාපයක් වෙන් කිරීම පිළිබඳව දැක්වූ අදහස් සහිත වීඩියෝව පහතින්


එමෙන්ම චමරි වැඩිදුරටත් කියා සිටියේ SCG ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරඟය සඳහා තමන් සුදානම් අතර "Chamari Bay" ලෙසින් නම් කරන ලද ආසන කලාපයට ක්‍රීඩා ලෝලීන් රැසක් එක්වනු ඇතැයි විශ්වාස කරන බවයි.

මෙය WBBL තරඟාවලියේ 09 වන දිගහැරුම වන අතර Sydney Thunder කණ්ඩායමේ මෙම පියවර, කාන්තා ක්‍රිකට් ක්‍ෂේස්ත්‍රය පොහොසත් කරන විවිධ දක්ෂතා පිළිගැනීම සහ සැමරීම සඳහා මනා පූර්වාදර්ශයක්ද සපයයි.

Share

Published

Updated

By Nipuna Dodangoda
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service