A Sri Lankan has the opportunity to train Australia's cricket coaches for the first time in the history
A Sri Lankan has the opportunity to train Australia's cricket coaches for the first time in the history
This article is more than 2 years old

Exclusive

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් පුහුණුකරුවන්ව හදන්න ලාංකිකයෙක්ට අවස්ථාව

ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකම සහ ටෙරිටරියකම මේ තනතුර පවතින අතර ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසයේ මෙම තනතුරට පත්වූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස තාරක සමරතුංග ඉතිහාසයට එක්වෙනවා.

Published

Updated

By Madhura Seneviratne
Source: SBS
ක්‍රිකට් යනු ශ්‍රී ලාංකේය ජනතාවගේ ජනප්‍රියතම ක්‍රීඩාව බව අවිවාදයෙන්ම පිළිගත යුතු දෙයක්.

අතීතයේ සිට මේ දක්වා ලාංකේය ක්‍රිකට් ක්ෂේත්‍රයෙන් ලෝකයට සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින්, පුහුණුකරුවන්, විනිසුරුවරුන් මෙන්ම ක්‍රීඩා නිලධාරීන්ද බිහිවී තිබෙනවා.

ඔවුන් අතරින් බොහොමයක් ශ්‍රී ලංකාවෙන් පිටතට ගොස් විදෙස් රටවල සමගද කටයුතු කරමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දීමට සමත් වී තිබෙන අතර ඇතැම්හු තවමත් එවැනි සුවිශේෂී කාර්යයන්වල නිරත වෙමින් සිටිනවා.
තවත් අති දක්ෂ ශ්‍රී ලාංකිකකුට ඔස්ට්‍රේලියාවෙන් එවැනිමවූ කාර්යයකට දොර කවුළු විවර වී තිබෙනවා.

Australian Capital Territory හෙවත් ACT වල ක්‍රිකට් හැදීම ඔහුගේ ප්‍රධාන කාර්යභාරය වී තිබෙනවා.

ඔහු නමින් ජනිත් තාරක සමරතුංග.

"ආයුබෝවන් තාරක, මුලින්ම සුබ පතනවා ඔබේ නව තනතුරට."

"ආයුබෝවන්, ආයුබෝවන්. බොහොම ස්තුතියි!"

SBS සිංහල සේවය තාරක සමග සාකච්ඡාවට එළඹුණේ ඒ අයුරිනි.

Tharaka Samaratunga got the opportunity to train Australia's cricket coaches for the first time in history
Tharaka Samaratunga got the opportunity to train Australia's cricket coaches for the first time in history

ACT ක්‍රිකට් සංවර්ධනය කරන්න තාරකට අවස්ථාව

"තාරක මොකද්ද ඔබට ලැබුණු මේ තනතුර? මොකද්ද ඔබේ වගකීම සහ කාර්යභාරය?" SBS සිංහල සේවය පළමුවෙන්ම තාරකගෙන් ඇසුවා.

"මගේ තනතුර Manager - Cricket Coaches Development in ACT, එසේත් නැත්නම් ACT හි ක්‍රිකට් පුහුණුකරුවන් සංවර්ධනය කිරීමේ කළමනාකරු ලෙස තමයි මම කටයුතු කරන්නේ. ACT හි සිටින සියලුම ක්‍රිකට් පුහුණුකරුවන්ව සංවර්ධනය කිරීම, ඒ සඳහා අවශ්‍ය විෂයය ධාරාව සැකසීම, ඒවාට සම්බන්ධ වැඩමුළු, විභාග, පුනරීක්ෂණ වැනි කටයුතු මෙහෙයවීම වැනි කාර්යයන් මෙම තනතුරේ ප්‍රධාන වගකීම් වෙනවා." තාරක පිළිතුරු දුන්නා.

ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකම සහ ටෙරිටරියකම මේ තනතුර පවතින අතර ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසයේ මෙම තනතුරට පත්වූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස තාරක ඉතිහාසයට එක්වෙනවා.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.———————————————————————————

පුහුණුකරුවෙකුගේ වගකීම වෙන්නේ තමා සමග සිටින ක්‍රිකට් ක්‍රීඩකයින්ව සංවර්ධනය කර ඉදිරියට රැගෙන යාමයි.

නමුත් ක්‍රිකට් පුහුණුකරුවන්ව සංවර්ධනය කිරීමේදී මට්ටමක් දෙකක් පිළිබඳ සැලකිලිමත් විය යුතු බව තාරක පවසනවා.

පුහුණුකරුවාව සංවර්ධනය කිරීම තුලින් එම පුහුණුකරුවා සමග කටයුතු කරන ක්‍රීඩකයාව ඉදිරියට රැගෙන යාම එම මට්ටම් ද්විත්වය බව ඔහු හෙළිකළා.

නව තනතුරේ වැඩ කටයතු කරගෙන යාමේ සැලසුම

ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් පුහුණුකරුවන් ලෝකයේ අන් රටවල පුහුණුකරුවන් සමග සසඳන විට බොහෝ ඉදිරියෙන් සිටින බව තාරක පවසනවා.

නමුත් මේ වන විට ක්‍රිකට් පුහුණුකරුවන්ව සංවර්ධනය කිරීම කියන අංශයෙන් ගත් කල එංගලන්තය සහ නවසීලන්තය බොහෝ ඉදිරියෙන් සිටින බවත් ඔහු ප්‍රකාශ කරනවා.

"ඔස්ට්‍රේලියාවත් ඊට ආසන්න මට්ටමක සිටින අතර මේ දිනවල ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් පුහුණුකරුවන්ව සංවර්ධනය කිරීම සඳහා අදාළ ආකෘතියේ යම් යම් සංශෝධන කිහිපයක් සිදුකරගෙන යනවා. 2023-24 තරග වාරයේ සිට ඔස්ට්‍රේලියාව පුරාම සිටින ක්‍රිකට් පුහුණුකරුවන්ව අලුත් තලයකට ගැනීමට ඒ සංශෝධනවල බලාපොරොත්තුවයි." තාරක තම සැලසුමේ ප්‍රධාන කොටසක් අපට හෙළිකළේ අයුරින්.
Tharaka Samaratunga with some of prominent former Sri Lankan Cricketers
Tharaka Samaratunga with some of prominent former Sri Lankan Cricketers

What to Coach නොව දැන් How to Coach

නවීන තාක්ෂණයත් සමග ක්‍රිකට් සම්බන්ධ බොහෝ දැනුම, විධි ක්‍රම අන්තර්ජාලය ඔස්සේ දැන් ඕනෑම අයෙකුට නරඹා ග්‍රහණය කිරීමට, පුහුණු වීමට හැකියාව තිබෙනවා.

නමුත් ලෝකය වටේ ඇති මේ දැනුම කොහොමද තමන්ගේ ක්‍රීඩකයාට අදාළ කරගෙන ඔහුව හෝ ඇයව ඉදිරියට ගෙන යන්නේ කියන ප්‍රශ්නය ක්‍රිකට් පුහුණුකරුවන්ට තිබෙනවා.

මෙය "How to Coach" යනුවෙන් හඳුන්වන බව තාරක පවසනවා.

"What to Coach කියන එක දැන් අන්තර්ජාලය සහ වෙනත් ක්‍රම නිසා පුහුණුකරුවන්ගේ අත ළඟ තිබෙනවා, නමුත් How to Coach කියන එක තමයි ඒ අයට උදව් අවශ්‍ය වෙන තැන." ලෙස තාරක ඒ කරුණ වැඩිදුරටත් පැහැදිලි කළා.

ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් පුහුණුකරුවෙකු වෙන්නේ කොහොමද?

ඔස්ට්‍රේලියාවේ එයට ඉතාම පහසු ක්‍රමයක් නිර්මාණය කරලා තිබෙනවා.

"Cricket Australia Coaching App යනුවෙන් Mobile App එකක් තිබෙනවා, මෙය තමන්ගේ ජංගම දුරකතනයට download කරගෙන ඕනෑම අයෙකුට හැකියාවක් තිබෙනවා සෑම මට්ටමකම තිබෙන විෂයය ධාරාවන් හදාරන්න. එමෙන්ම ඔස්ට්‍රේලියාවේ දැනට ඇති සම්ප්‍රදායට අනුව ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් පුහුණුකරුවෙකු වීමට බොහෝ ක්‍රිකට් ක්‍රීඩා කර අත්දැකීම් බහුල කෙනෙකු වීමට අවශ්‍ය නැති බව තවත් සුවිශේෂී දෙයක්. සාමාන්‍යයෙන් වැඩිමහල් වයසක් ඇති යොවුන් වියේ පසුවන දරුවන්ටත් මෙය විවෘතයි." තාරක පවසනවා.

ඔස්ට්‍රේලියාවට අවශ්‍ය ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාදේශීය කලාපයකටම මෙම ක්‍රිකට් ක්‍රීඩාව පතුරුවා හැරීම නිසා මෙවැනි ක්‍රමෝපායන් අනුගමනය කරන බවද තාරක SBS සිංහල සේවයට සඳහන් කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් සමග රාජකාරී කිරීම

තාරක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් සමග රාජකාරී කටයුතු කිරීම ආරම්භ කළේ වසර 2017 පටන්.

දැනට තාරක දරන තනතුරට සමාන තනතුරක් වන "ක්‍රිකට් පුහුණුකරුවන්ගේ උපදේශකයකු" ලෙස තාරක ශ්‍රී ලංකා ක්‍රිකට් සමග එම කාලයේදී රාජකාරී කළා.

"ශ්‍රී ලංකා ක්‍රිකට්වල එතෙක් තිබුණු පාඨ මාලාවල ආකෘතිය, එම පාඨ මාලා මෙහෙයවන ආකාරය වැනි දේවල් අපි ගොඩක් වෙනස් කළා. ලංකාවේ ක්‍රිකට් පුහුණුකරුවන්ව ලෝකයේ අනෙක් ක්‍රිකට් පුහුණුකරුවන්ගේ මට්ටමට ඉක්මණින්ම ගැනීමට අවශ්‍ය වීම ඊට හේතුවයි." තාරක ශ්‍රී ලංකා ක්‍රිකට් සමග රාජකාරී ඇරඹු අතීතය සිහිපත් කළා.

ඉන් අනතුරුව 2021 දී ජාතික ක්‍රිකට් සංවර්ධන ප්‍රධානී ලෙස තවත් ඉහළ තනතුරක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් තාරකට පිරිනමනවා.

එහිදී ශ්‍රී ලංකාවේ 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ යන සියලුම කණ්ඩායම්වල ජාතික මට්ටමට පැමිණෙන ක්‍රීඩකයින් සමග කටයුය්හු කිරීම එම නව තනතුරත් සමග තාරකට අවස්ථාව ලැබෙනවා.

ඊට අමතරව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ද තාරකගේ යටතට පත්වෙනවා.

ACT ක්‍රිකට් තනතුර බාරගන්නා තෙක් තාරක රාජකාරී කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිකට් සංවර්ධන ප්‍රධානී ලෙසය.

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service