ත්‍රස්තවාදයට වඩා ඔස්ට්‍රේලියානුවාසීන් දේශගුණික විපර්යාසයට බිය බව හෙළිවෙයි. (SBS සිංහල /වාර්තා)

Climate change

Source: AAP

ඔස්ට්‍රේලියාවට ඇති විශාලතම තර්ජනය ලෙස දේශගුණික විපර්යාසය පත්ව ඇති බව නවතම මත විමසුමකින් හෙළිවී තිබේ.


SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese


ඔස්ට්‍රේලියාවට තර්ජනයක් එල්ලවීමට වඩාත්ම ඉහළ සම්භාවිතාවක් ඇති තර්ජන පිළිබඳ සිදුකළ Lowy ආයතනයේ නවතම වාර්ෂික සමීක්ෂණයේදී මේ බව හෙළිවිය.
Climate change
Source: SBS

ඔස්ට්‍රේලියාවට ඇති විශාලතම තර්ජන

Lowy ආයතනයේ නවතම වාර්ෂික සමීක්ෂණය සඳහා ඔස්ට්‍රේලියාවට තර්ජනයක් එල්ලවීමට වඩාත්ම ඉහළ සම්භාවිතාවක් ඇති තර්ජන 12 ක ලැයිස්තුවක් ඔස්ට්‍රේලියානුවාසීන්ට ලබාදී තිබේ.

එහිදී වැඩිහිටියන්ගෙන් 64% ක්ම ඔස්ට්‍රේලියාවට ඇති විශාලතම තර්ජනය ලෙස දක්වා ඇත්තේ දේශගුණික විපර්යාසය බව සඳහන්.

ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ වෙනත් රටවලින් ඔස්ට්‍රේලියාවට එල්ලවිය හැකි සයිබර් ප්‍රහාර ය.

ජාත්‍යන්තර ත්‍රස්තවාදය මෙම තර්ජන ලැයිස්තුවේ තුන්වන ස්ථානයට පත්වන විට උතුරු කොරියාවේ න්‍යෂ්ඨික වැඩසටහන එහි සිව්වන ස්ථානයට පත්ව ඇත.

සාමාන්‍යයෙන් මෑත කාලයේ ඔස්ට්‍රේලියාවට වැඩිම තර්ජනයක් ඇති කරන හේතුවක් ලෙස සැලකෙන ත්‍රස්ත ප්‍රහාර තුන්වන ස්ථානයට ඇද දමා දේශගුණික විපර්යාස මෙම තර්ජන ලැයිස්තුවේ පළමු ස්ථානයට පැමිණීම ඉතාමත් සුවිශේෂී සිදුවීමක් බව හැඳින්විය යුතුය.
Climate change
Source: Getty Images

දේශගුණික විපර්යාස

මෙම සමීක්ෂණයේදී දේශගුණික විපර්යාස යන සාධකය පළමු තැනට පැමිණි ප්‍රථම අවස්ථාව ලෙසද මෙය වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව තුළ බරපතල ලෙස සාකච්ඡාවට ලක් කිරීම ආරම්භ වුයේ වසර 2006 සිටය.

ඔස්ට්‍රේලියාවට මෙම දේශගුණික විපර්යාසය අතිශය බරපතල තර්ජනයක් බවත් ඒ සඳහා අධික මුදලක් වැය වුවද එය මැඩලීමට පියවර ගත යුතු බවත් සමීක්ෂණයට සහභාගී වූ 61% ක පිරිස පවසා තිබේ.

2012 සිට මෙම සමීක්ෂණයේදී "දේශගුණික විපර්යාසය" යන්න විශාලම තර්ජනයක් ලෙස ඔස්ට්‍රේලියානුවාසීන් හඳුනාගෙන තිබු බවත් එනිසාම මෙවර ප්‍රතිඵලය පිළිබඳ පුදුම විය යුතු නැති බවත් Lowy ආයතනයේ පර්යේෂිකා Natasha Kassam, SBS පුවත් වෙත පැවසුවාය.
Climate change
Source: AAP

සමීක්ෂණ ප්‍රතිඵල සාරාංශගතව

  • දේශගුණික විපර්යාසය අතිශය බරපතල තර්ජනයක් බැවින් කොපමණ මුදලක් වැය වුවද එය මැඩලීමට පියවර ගත යුතුය : සමීක්ෂණයට සහභාගී වූ 61% ක පිරිස පවසා ඇත.
  • දේශගුණික විපර්යාසය බරපතල සහ දැවෙන ගැටළුවකි - වයස අවුරුදු 18 -44 වියෙහි පසුවන 76% ක් පවසා ඇත.
  • දේශගුණික විපර්යාසය බරපතල අර්බුදයකි -  වයස අවුරුදු 45 ට වැඩි පිරිසෙන් 49% ක් පවසා ඇත.
  • දේශගුණික විපර්යාසය පිළිබඳ ලිබරල් පක්ෂයට වඩා කම්කරු පක්ෂය යමක් කරනු ඇත - සමීක්ෂණයට සහභාගී වූ 59% ක පිරිස පවසා ඇත.
Climate change
Source: AAP

දේශගුණික විපර්යාසය සහ ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය

මෙවර ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයේ ප්‍රධානතම මාතෘකාවක් බවට දේශගුණික විපර්යාසය පත්ව තිබේ.

දේශගුණික විපර්යාසය මැඩලීමේ ඔස්ට්‍රේලියානු වැඩපිළිවෙල පිළිබඳ මේ වන විට ලිබරල් පක්ෂය සහ කම්කරු පක්ෂය සිය මැතිවරණ ප්‍රතිපත්ති සහ පොරොන්දු ලබාදී තිබේ.

වසර 2030 වන විට ඔස්ට්‍රේලියාවේ කාබන් විමෝචනය 26% කින් අඩු කරන බවට ලිබරල් පක්ෂය මේ වන විට සිය මැතිවරණ ප්‍රතිපත්ති වල සඳහන් කර ඇත.

මේ අතර වසර 2030 වන විට ඔස්ට්‍රේලියාවේ කාබන් විමෝචනය 45% කින් අඩු කරන බවට කම්කරු පක්ෂය පොරොන්දු වී තිබේ.
Climate change
Source: SBS Sinhala

Share

Published

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service