ඔස්ට්‍රේලියාවේ PR ගන්න 2021/22 අය වැයෙන් පසුව නිකුත් වූ පළමු ආරාධනා පත්‍ර වටයේ තොරතුරු (SBS සිංහල/ වාර්තා)

ACT හි නිපුණතා සංක්‍රමණික වැඩසටහනේ ACT Critical Skills ලැයිස්තුව 2021 මැයි 03 වන දින සිට යාවත්කාලීන කර තිබේ.

ACT Invitation round: 14 May 2021

Source: Pixabay

Canberra Matrix ලකුණු ක්‍රමය පදනම් කරගනිමින් Australian Capital Territory (ACT) හි 190 සහ 491 වීසා සඳහා මැයි මාසයේ පළමු ආරාධනා පත්‍ර වටයේ (Invitation round) තොරතුරු මේ වන විට නිකුත් කර තිබේ.

මැයි 14 වන දින නිකුත් කළ එම ආරාධනා පත්‍ර වටයේ තොරතුරු canberrayourfuture වෙබ් අඩවිය වාර්තා කරන ආකාරයට පහත පරිදි වේ.


Highlights

  • Critical Skill Occupations ලැයිස්තුවේ තිබෙන රැකියා හරහා අයදුම්කළ අයදුම්කරුවන් 121 දෙනෙකුට මෙවර 190 වීසා ආරාධනා පත්‍ර නිකුත් කර ඇත.
  • Critical Skill Occupations ලැයිස්තුව හරහා 491 වීසා උප ඛාණ්ඩය සඳහා මෙවර ආරාධනා පත්‍ර වටයේ ආරාධනා පත්‍ර 61 ක් නිකුත් කර ඇති බව සඳහන්.
  • ACT 190 හා 491 වීසා කෝටාව 2021-22 මුල්‍ය වර්ෂය සඳහා ජුනි මාසයේදී සංශෝධනය කෙරෙනු ඇත.

Canberra Matrix මැයි මාසයේ පළමු ආරාධනා පත්‍ර වටය

Canberra Matrix ක්‍රමය යටතේ මැයි මාසයේ පළමු ආරාධනා පත්‍ර වටය 2021 මැයි 14 දින ක්‍රියාත්මක විය.

මෙම වටයේදී 457 සහ 482 යන වීසා ඛාණ්ඩ වල සිටි පුද්ගලයින් කිසිවෙකුට 190 හා 491 වීසා සඳහා ආරාධනා පත්‍ර නිකුත් කර නොමැත.
නමුත් Critical Skill Occupations ලැයිස්තුවේ තිබෙන රැකියා හරහා අයදුම්කළ අයදුම්කරුවන් 121 දෙනෙකුට 190 වීසා ආරාධනා පත්‍ර නිකුත් කර ඇත.

ඊට අමතරව Critical Skill Occupations ලැයිස්තුව හරහා 491 වීසා උප  ඛාණ්ඩය සඳහා මෙවර ආරාධනා පත්‍ර වටයේ ආරාධනා පත්‍ර 61 ක් නිකුත් කර ඇති බව සඳහන්.

ACT හි මීළඟ ආරාධනා පත්‍ර වටය මැයි මාසයේ අග භාගයේ ක්‍රියාත්මක කරන බව වාර්තා වේ.
International Students
Representational image of an international student in Australia. Source: Getty Images

2020-21 මුල්‍ය වර්ෂය සඳහා ACT හි Skilled වීසා කෝටාව

2020-21 මුල්‍ය වර්ෂය සඳහා ACT හි 190 හා 491 වීසා කෝටාව පහත පරිදි වේ.

  • Skilled Nominated (subclass 190) visa - 802
  • Skilled Work Regional (subclass 491) visa - 598
ඉහත කෝටාව 2021-22 මුල්‍ය වර්ෂය සඳහා සංශෝධනය කෙරෙන අතර එය බොහෝ විට ජුනි මස අගදී දැනුම් දෙනු ඇත.

මේ අතර 190 හා 491 වීසා වලට අදාළ මාසික කෝටාව සපුරා ඇත්නම් අදාළ වෘත්තීය සඳහා ආරාධනා පත්‍ර නිකුත් නොකරන බවද canberrayourfuture වෙබ් අඩවිය පවසයි.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


ACT Critical Skills List

ACT හි නිපුණතා සංක්‍රමණික වැඩසටහනේ ACT Critical Skills ලැයිස්තුව 2021 මැයි 03 වන දින සිට යාවත්කාලීන කර තිබේ.

මෙම ලැයිස්තුව ACT 190 හා 491 වීසා සඳහා අදාළ වේ.

ACT Critical Skills List එක සෑම සිව් මසකට වරක්ම සමාලෝචනය කර යාවත්කාලීන කරනු ලැබේ.

මැයි 03 සිට ක්‍රියාත්මක වන ACT Critical Skills List එක මෙතනින් ලබාගත හැකිය.

Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියාවේ PR ගන්න 2021/22 අය වැයෙන් පසුව නිකුත් වූ පළමු ආරාධනා පත්‍ර වටයේ තොරතුරු (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala