ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර උපාධිධාරීන්ට රැකියා කරන්න වසර දෙකක වීසා දිගුවක්, විස්තරේ මෙන්න (SBS සිංහල/ වාර්තා)

ඕස්ට්‍රේලියානු රජය මගින් ජාත්‍යන්තර උපාධිධාරීන් සඳහා වන post-study work ධාරාව යටතේ පවතින Temporary Graduate visa (subclass 485) වීසා කාලය තවත් වසර දෙකක කාලයක් දක්වා දීර්ග කිරීමට තීරණය කොට තිබේ.

ป้ายสำนักงานแห่งหนึ่งในเมลเบิร์นของกระทรวงมหาดไทย (Department of Home Affairs) ออสเตรเลีย

Source: AAP / AAP / JAMES ROSS/AAPIMAGE

ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර උපාධිධාරීන් සඳහා post-study work ධාරාව යටතේ පවතින Temporary Graduate visa (subclass 485) වීසා කාලය දීර්ග කිරීමට ඕස්ට්‍රේලියානු රජය ගත් තීරණය ඔස්සේ, සුදුසුකම් ලත් ජාත්‍යන්තර උසස් අධ්‍යාපන උපාධිධාරීන්ට, ඔවුන්ගේ "Temporary Graduate visa" වීසා සඳහා අමතර වසර දෙකක කාලයක් දක්වා ලබා දීම සිදු වේ.

ජාත්‍යන්තර උපාධිධාරීන් සඳහා post-study work ධාරාව යටතේ වන දීර්ග කිරීම පහත පරිදි සිදු වේ:
  • තෝරාගත් උපාධි (Bachelor) සඳහා වසර දෙකේ සිට වසර හතර දක්වා
  • තෝරාගත් මාස්ටර් (Masters) උපාධි සඳහා වසර තුනේ සිට වසර පහ දක්වා
  • සියලුම ආචාර්ය (Doctoral) උපාධි සඳහා වසර හතරේ සිට වසර හය දක්වා

මෙම දීර්ග කිරීම 2023 ජූලි 1 සිට ක්‍රියාත්මක වීමට නියමිත බව ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

මේ සඳහා මේ වනවිටත් Temporary Graduate visa (subclass 485) මත සිටින සහ අමතර වසර දෙකක කාලයක් අපේක්ෂා කරන තෝරාගත් සිසුන්ද සුදුසුකම් ලබයි.
uni_graduate.jpg

මේ සඳහා සුදුසුකම් ලබන සහ අයදුම් කරන අයුරු

ජාත්‍යන්තර සිසුන් සහ උපාධිධාරීන් ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යංශ වෙබ් අඩවිය ඔස්සේ ඔවුන්ගේ සුදුසුකම් පරීක්ෂා කළ යුතු බව ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

සුදුසු රෙගුලාසිවලට යටත්ව, වීසා අයදුම්පත් භාරගැනීම 2023 ජූලි 1 වැනිදා ආරම්භ වේ.

File image of university graduates.
File image of university graduates. Source: AAP
මේ වනවිට ඔස්ට්‍රේලියාව තුල මතුව ඇති නිපුණතා හිඟය පියවීම සඳහා පිළියමක් වශයෙන්, මෙලෙස තෝරාගත් උපාධි සහිත ජාත්‍යන්තර උපාධිධාරීන් හට post-study work වීසා කාලය දීර්ග කිරීමට තීරණය කොට තිබේ.

මෙම වීසා කාලය දීර්ග කිරීම සඳහා සුදුසුකම් සහිත රැකියා ඇතුලත් ලැයිස්තුව රජය මගින් මේ වනවිට නිකුත් කොට තිබේ.

මින් පෙර මෙම post-study work වීසා ඛණ්ඩය සඳහා සුදුසුකම් ලබන පිරිසට, ප්‍රාදේශීය ප්‍රදේශවල අධ්‍යාපනය ලැබීම, ජීවත් වීම සහ සේවය කිරීම යන කරුණු මත "එක් වසරක" සිට "වසර දෙක" දක්වා වීසා කාලය දීර්ග කිරීම සිදුවිය.

කෙසේ නමුත් 2023 ජූලි 1 සිට ක්‍රියාත්මක වන මෙම නව වීසා කාලය දීර්ග කිරීම, මේ වනවිට මින් පෙර ක්‍රියාත්මක වූ post-study work වීසා ඛණ්ඩය තුල පවතින දීර්ග කිරීමට අතිරේකව සිදු වේ.

එමෙන්ම ජාත්‍යන්තර සිසුන්ට රැකියා කිරීමට පැවති දෙසතියකට පැය 40ක් වූ කාලය, දෙසතියකට පැය 48ක් දක්වා ද දීර්ග කිරීමට ඕස්ට්‍රේලියානු රජය පියවර ගෙන තිබේ.
DAMA
Large Group of Diverse People with Different Occupations Source: Getty / Getty Images

මෙම පියවර සම්බන්ධයෙන් උපදෙස් ලබා දීම සඳහා Post‑Study Work Rights ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට අධ්‍යාපන අමාත්‍ය මන්ත්‍රී Jason Clare සහ ස්වදේශ කටයුතු අමාත්‍ය Clare O'Neil කටයුතු කොට තිබේ.

මෙම ක්‍රියාකාරී කණ්ඩායම් වාර්තාව සහ වාර්තාවේ නිර්දේශ සඳහා පිවිසෙන්න

වැඩිදුර තොරතුරු සඳහා Post-study work rights factsheet පත්‍රිකාව වෙත පිවිසෙන්න

ජාත්‍යන්තර සිසුන් සඳහා කිරීමට පැවති දෙසතියකට පැය 40ක් වූ කාලය දෙසතියකට පැය 48ක් දක්වා දීර්ග කිරීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සඳහා International student working hour cap factsheet පත්‍රිකාව වෙත පිවිසෙන්න

Share

Published

Updated

By Nipuna Dodangoda
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service