ලෝකයටම වැදුණු අලුත්ම සයිබර් ප්‍රහාරය මෙන්න. Wannacry වයිරසයෙන් පසුව දැන් Golden Eye. (SBS සිංහල/වාර්තා)

පසුගිය මැයි මාසයේ යුරෝපයට එල්ලවූ Wannacry වයිරසය හා සමාන Golden Eye නැමැති මෙම වයිරසය නිසා ඔස්ට්‍රේලියාවේ හෝබාට් නුවර පිහිටි Cadbury චොකලට් කර්මාන්ත ශාලාව හිමි Mondelez International ආයතනයේ පරිගණක පද්ධතියටද බලපෑම් ඇතිවී ඇති බව සඳහන්.

Cyber attack

Source: SBS

ලෝකය පුරා රටවල් කිහිපයකට නැවත වතාවක් සයිබර් ප්‍රහාර එල්ල වී ඇති බව වාර්තා වේ.

පසුගිය මැයි මාසයේ යුරෝපයට එල්ලවූ Wannacry වයිරසය හා සමාන Golden Eye නැමැති  මෙම වයිරසය නිසා ඔස්ට්‍රේලියාවේ හෝබාට් නුවර පිහිටි Cadbury චොකලට් කර්මාන්ත ශාලාව හිමි Mondelez International ආයතනයේ පරිගණක පද්ධතියටද බලපෑම් ඇතිවී ඇති බව සඳහන්.

එම හේතුවෙන් එම කර්මාන්ත ශලාවේ චොකලට් නිෂ්පාදනය පෙරේදා (27/06) රාත්‍රියේ සිට අත් හිටවූ බව එහි සේවකයින් පවසයි.

මීට අමතරව ඔස්ට්‍රේලියාව පුරා තම කාර්යාල ක්‍රියාත්මක කරනු ලබන ජාත්‍යන්තර නීති සමාගමක් වන DLA Piper හි පරිගණක පද්ධතියටද මෙම සයිබර් ප්‍රහාරය එල්ල වී ඇති බව පැවසේ.

එනිසා ඔවුන්ගේද වැඩ කටයුතු අඩාල වී ඇති බව සඳහන්.

Bitcoin මගින් ඇමෙරිකානු ඩොලර් 300 ක මුදලක් ගෙවන තෙක් පරිගණකය ක්‍රියාත්මක කිරීමට මෙම නවතම වයිරසය ද ඉඩ ලබා නොදේ.

ඔස්ට්‍රේලියාවේ යම් නිවැසියෙකු හෝ සමාගමක් මෙවනිවූ සයිබර් ප්‍රහාරයකට ගොදුරුවී ඇත්නම් එය වහා Australian Cyber Security Centre හෙවත් ඔස්ට්‍රේලියානු සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානය වෙත දැනුම් දෙන ලෙස ඔස්ට්‍රේලියානු රජය නිවේදනය කරයි.

මෙම නවතම සයිබර් ප්‍රහාරයෙන් කිසිදු ඔස්ට්‍රේලියානු රජයේ ආයතනයකට බලපෑමක් නොමැති බව සයිබර් ආරක්ෂණ අමාත්‍ය Dan Tehan පවසයි.

“මෙම වයිරසය යුරෝපය ඉලක්ක කරගනිමින් එල්ල කළ බවත් එමගින් එහි විශාල පරිමාණ සමාගම් සහ රජයේ දෙපාර්තම්න්තු වලට බලපෑම් සිදුවී ඇති බවත් දැනගන්නට ලැබී තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ කිසිදු රජයේ ආයතනයකට හෝ දෙපර්තම්න්තුවකට හෝ මෙම වයිරසය නිසා බලපෑම් ඇතිවී ඇති බවක් දැනට දැනගන්නට ලැබී නැහැ.” අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

යුක්රේනයේ බැංකු, ගුවන් තොටුපොළවල් සහ රාජ්‍ය බලශක්ති සමාගාම, මෙම නවතම සයිබර් ප්‍රහාරයේ ප්‍රථම ගොදුර බවට පත්වූ බව වාර්තා වේ.

ඉන්පසු රුසියාවට මෙම සයිබර් ප්‍රහාරය එල්ලවී ඇති අතර එයින් ප්‍රධානතම ගොදුර වී ඇත්තේ රුසියානු පෙට්‍රෝලියම් දැවැන්තයා වන Rosneft සමාගමය.

ඩෙන්මාර්කයේ දැවැන්තම නැව් සමාගමක් වන Maersk, ඇමෙරිකාවේ සුප්‍රසිද්ධ ඖෂධ සමාගමක් වන Merck, ලන්ඩන් නුවර මූලික කරගත් ප්‍රචාරණ ආයතනයක් වන WPP සහ ප්‍රංශයේ ප්‍රසිද්ධ ඉදිකිරීම් සමාගමක් වන St Gobain මෙම නවතම ප්‍රහාරයේ ගොදුරු බවට මේ වන විට පත්වී ඇත.


Share

Published

Updated

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ලෝකයටම වැදුණු අලුත්ම සයිබර් ප්‍රහාරය මෙන්න. Wannacry වයිරසයෙන් පසුව දැන් Golden Eye. (SBS සිංහල/වාර්තා) | SBS Sinhala