ඔස්ට්‍රේලියානු දේශ සීමා යළි විවෘත කරන දිනය පිළිබඳ අගමැති මොරිසන් ඉඟියක් දෙයි (SBS සිංහල/ වාර්තා)

"දැනට පවතින තත්ත්වය අනුව ජාත්‍යන්තර සංචාරකයින්ට ඔස්ට්‍රේලියාවට පැමිණීමට ඉඩ ලබාදුනහොත් සතියකට කොරෝනා ආසාදිතයින් 1,000 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් හෝ සමග ගනුදෙනු කිරීමට ඔස්ට්‍රේලියානුවන්ට සිදුවේවි." යනුවෙන් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison පැවසීය.

A Qantas plane is seen as passengers walk to their flights at Sydney International Airport in Sydney.

Passengers walk to their flights at Sydney International Airport. Source: AAP Images/Lukas Coch

ඔස්ට්‍රේලියාවේ දේශ සීමා ජාත්‍යන්තර සංචාරකයින්ට විවෘත කළහොත් බරපතල අවදානම් තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබේ.

එසේ වුවහොත් ඔස්ට්‍රේලියාව තුළ සතියකට කොරෝනා ආසාදිතයින් 1,000 ක් දක්වා වාර්තා විය හැකි බවට අපේක්ෂා කරයි.


Highlights

  • ඔස්ට්‍රේලියාවේ ගුවන් සේවා එළඹෙන ඔක්තෝබර් මාසයේදී සිය ජාත්‍යන්තර ගුවන් සේවා ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණි.
  • ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සියලු තීරණ හේතුවෙන් වසර 2022 වන තෙක් ඔස්ට්‍රේලියානු දේශ සීමා විවෘත නොකෙරෙන අයුරු පෙනී යයි.
  • කොරෝනා එන්නත ලබා දුන් ඔස්ට්‍රේලියානුවන්ට සේවා කටයුතු, වෛද්‍ය හෝ සෞඛ්‍ය කටයුතු හෝ අවමංගල්‍ය කටයුතු වැනි වැදගත් අරමුණු සඳහා විදේශගත වීමට ඉඩ දීම ඔස්ට්‍රේලියානු දේශ සීමා නැවත විවෘත කිරීමේ පළමු ඉලක්කය වෙයි.

ඔස්ට්‍රේලියානු දේශ සීමා විවෘත කිරීම තවත් කල් යයි

ඔස්ට්‍රේලියාවේ ගුවන් සේවා එළඹෙන ඔක්තෝබර් මාසයේදී සිය ජාත්‍යන්තර ගුවන් සේවා ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණි.

නමුත් ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත්කරණ වැඩසටහන පෙර සැලසුම් කළ පරිදි නියමිත කාල සීමාවේදී අවසන් කරගැනීමට නොහැකි වීම නිසා ජාත්‍යන්තර ගුවන් ගමන් තවත් කල් යන ලකුණු පෙන්නුම් කරයි.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ මේ සියලු තීරණ හේතුවෙන් වසර 2022 වන තෙක් ඔස්ට්‍රේලියානු දේශ සීමා විවෘත නොකෙරෙන අයුරු පෙනී යයි.
"දැනට පවතින තත්ත්වය අනුව ජාත්‍යන්තර සංචාරකයින්ට ඔස්ට්‍රේලියාවට පැමිණීමට ඉඩ ලබාදුනහොත් ඔස්ට්‍රේලියාවේ කොරෝනා ආසදිතයින්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇති. ඒ අනුව සතියකට කොරෝනා ආසාදිතයින් 1,000 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් හෝ සමග ගනුදෙනු කිරීමට ඔස්ට්‍රේලියානුවන්ට සිදුවේවි." යනුවෙන් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison, 6PR ගුවන් විදුලියට පැවසීය.

ඔස්ට්‍රේලියානු දේශ සීමා විවෘත කර ජාත්‍යන්තර ගුවන් ගමන් නැවත ආරම්භ වන විට පිළිගත හැකි කොරෝනා ආසාදිතයින්ගේ මට්ටම් පිළිබඳව ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් ද එකම තීරණයකට පැමිණිය යුතු බව අග්‍රාමාත්‍ය මොරිසන් පැවසීය.
Prime Minister Scott Morrison at a press conference at Parliament House in Canberra.
Prime Minister Scott Morrison at a press conference at Parliament House in Canberra. Source: AAP

ඔස්ට්‍රේලියානු දේශ සීමා යළි විවෘත කිරීමේ ඉලක්ක

ඔස්ට්‍රේලියානු දේශ සීමා නැවත විවෘත කිරීමේ පළමු ඉලක්කය වන්නේ කොරෝනා එන්නත ලබා දුන් ඔස්ට්‍රේලියානුවන්ට සේවා කටයුතු, වෛද්‍ය හෝ සෞඛ්‍ය කටයුතු හෝ අවමංගල්‍ය කටයුතු වැනි වැදගත් අරමුණු සඳහා විදේශගත වීමට ඉඩ දීම බව අගමැති මොරිසන් හෙළි කළේය.

කොරෝනා එන්නත නියමාකාරයෙන් ලබාගෙන ඇති විදෙස් රටවල සිටින ඔස්ට්‍රේලියානු පුරවැසියන් සහ ස්ථිර පදිංචි ලාභීන් ගෙන්වා ගැනීම දෙවැනි ඉලක්කය ලෙස ඔහු සඳහන් කළේය.
ඊයේ (15/04) පර්ත් නුවර ස්ටර්ලිං ප්‍රජා මධ්‍යස්ථානයේ පැවති ප්‍රජා එන්නත් සංසදයට සහභාගී වෙමින් අගමැතිවරයා මේ බව පැවසුවේය.

ඒ සියලු ඉලක්ක සඳහා කොරෝනා එන්නත ලබාගැනීම අතිශය වැදගත් බවත් මේ කාරණා එන්නත ලබාගැනීමට ජනතාව දිරිගන්වනු ඇති බවත් අගමැති මොරිසන් වැඩි දුරටත් සඳහන් කළේය.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

මේ අතර මෙම කොරෝනා සෞඛ්‍ය අර්බුදයෙන් මිදීමට ඔස්ට්‍රේලියවටම කොරෝනා එන්නත ලබාදෙන බව ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයේ සභාපති Omar Khorshid පැවසුවේය.

"අපට දැන් COVID නොමැති නමුත් COVID එනවා." ඔහු ABC ගුවන් විදුලියට පැවසීය.

"අප සංචාරය නොකරන ජාතියක් බවට පත් නොවන්නේ නම් අපට මෙම වයිරසය සදහටම ඔස්ට්‍රේලියාවෙන් පිටත තබා ගත නොහැකියි." යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

Share

Published

By Madhura Seneviratne
Source: AAP, SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියානු දේශ සීමා යළි විවෘත කරන දිනය පිළිබඳ අගමැති මොරිසන් ඉඟියක් දෙයි (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala