2008 න් පසු ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන්වල විශාල පහත වැටීමක්, නවතම තොරතුරු මෙන්න (SBS සිංහල/ වාර්තා)

පොලී අනුපාත ඉහළ යාම බලපෑමක් ඇති කරන නමුත් දේපල වටිනාකම් තවමත් පූර්ව වසංගත මට්ටම්වලට වඩා ඉහළින් පවතින බව ඔස්ට්‍රේලියාවේ නිවාස මිල පිළිබඳ නවතම දත්ත පෙන්නුම් කරයි.

Residential properties in Melbourne.

The annual decline in Australia's housing prices is the largest since the global financial crisis. Source: AAP / James Ross

2008 වසරේ ගෝලීය මූල්‍ය අර්බුදයෙන් (GFC) ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන් 6.4% කින් පහත වැටුණු පසු කැලැන්ඩර වර්ෂයක විශාලතම අඩුවීම මේ වන විට අත්විඳ ඇත.

පසුගිය කාල සීමාවේදී ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත ක්‍රමිකව ඉහළ නැංවීමට සමගාමීව පසුගිය මාස නවය තුළ නිවාස මිල අඛණ්ඩව පහත වැටී ඇත.
දෙසැම්බර් මාසයේදී නිවාස මිල ගණන් 1.1% කින් පහත වැටුණු බව CoreLogic දත්ත පෙන්වා දී ඇති අතර, මාස 12 ක් නිවාස මිල පහත වැටීමේ සම්පූර්ණ අගය 5.3% ක් ලෙස එම දත්ත පෙන්වා දෙයි.

මේ අතර, පසුගිය වසර තුළ නිවාස කුලියද සමස්ත ඔස්ට්‍රේලියාවේම සාමාන්‍යයෙන් 10.2% කින් වැඩි විය.

නිවාස මිල පහත වැටීමට හේතුව සහ එය දිගටම පවතිනු ඇතිද?

ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ අඛණ්ඩ පොලී අනුපාතික වැඩි කිරීම හරහා වර්තමානයේ 3.1% දක්වා ඉහළ යාම බොහෝ දුරට නිවාස මිල ප්‍රවණතා මෙහෙයවන බව CoreLogic හි දේපල විශ්ලේෂක Eliza Owen පැවසුවාය.

නව වසරේ ද පොලී අනුපාතික අඛණ්ඩව ඉහළ යන තාක් නිවාස මිල පහත වැටීමක් දක්නට ලැබෙනු ඇතැයි ඇය SBS පුවත් වෙත ප්‍රකාශ කළාය.

මේ අතර ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන් 2023 වසරේදීත් පහත වැටෙනු ඇති බව PropTrack ආර්ථික විද්‍යාඥ සහ වාර්තා කතුවරිය වන Anne Flaherty පැවසුවාය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————
ඉහළ පොලී අනුපාත තවදුරටත් ණය ගැනීමේ හැකියාව අඩු කරන අතර ඒ හරහා නිවාස මිලද අඩු කරන බව ඇය පෙන්වා දුන්නාය.

පොලී අනුපාතික අටවරක් අඛණ්ඩව ඉහළ දැමීම දැනටමත් නිවාස ණය ගැනීමේ ධාරිතාව 25% කින් පමණ අඩු කර ඇත.

කෙසේනමුත්, සමස්තයක් ලෙස ඔස්ට්‍රේලියාවේ නිවාස මිල තවමත් පූර්ව COVID මට්ටම් වලට වඩා ඉහළින් පවතී.

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවලට මෙය බලපාන්නේ කෙසේද?

CoreLogic දත්තවලට අනුව මෙල්බර්න් හි නිවාසවල වටිනාකම් දැන් 2020 මාර්තු මට්ටම්වලට වඩා 1.5% ක් පමණක් ඉහළ මට්ටමක් පවතියි.

දෙසැම්බර් මාසයේ ඔස්ට්‍රේලියාවේ නිවාස මිල දර්ශකය පහත හෙලීමට ද මෙල්බර්න් නගරයේ නිවාස මිල පහත වැටීම උපකාරී වූ අතර, දෙසැම්බර් මාසය තුළ මෙල්බර්න් නිවාස මිල ගණන් 1.2% කින් පහත වැටුණි.

ඊට වෙනස්ව, ඇඩිලේඩ් නුවර නිවාස මිල ගණන් එහි උපරිමයෙන් 1.5% කින් පමණක් පහත වැටී ඇති අතර, නිවාස මිල පූර්ව COVID මට්ටම්වලට වඩා 42.8% ක වැඩිවීමකින් පවතියි.

සිඩ්නි කලාපයේ නිවාසවල වටිනාකම් වේගයෙන්ම පහත වැටෙමින් තිබේ.

ඔස්ට්‍රේලියාවේ සෙසු නගර හා සසඳන විට -ජනවාරි මාසයේදී සිඩ්නි නිවාස මිල 12% කින් පහත වැටෙමින් තිබේ.

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර සහ ප්‍රාදේශීය කලාපවල නිවාස මිල වෙනස් වී ඇති අයුරු පහත වගුවෙන් දැක්වේ.
A table summarising the annual change in Australia's housing prices.
Australia's property downturn has picked up pace again, but Melbourne is the only capital city getting close to erasing the entirety of its pandemic upswing. Source: SBS

නිවාස කුලිය කෙරෙහි ඇති බලපෑම කුමක්ද?

පසුගිය මාස 12 තුළ ඔස්ට්‍රේලියාවේ සියලුම ප්‍රදේශවල නිවාස කුලිය ඉහළ ගොස් ඇති බව CoreLogic දත්ත සොයාගෙන තිබේ.

ACT හි නිවාස කුලීය වාර්ෂිකව 4% කින් ඉහළ ගොස් ඇති අතර සිඩ්නි කලාපයේ නිවාස කුලිය 15.5% ක් දක්වා වැඩිවී තිබේ.

නිවාස කුලීය ඉහළ යාමට හේතුව ජනවිකාස ප්‍රවණතා මිස පොලී අනුපාත නොවන බව CoreLogic හි දේපල විශ්ලේෂක Eliza Owen පැවසුවාය.

s"කොවිඩ් වසංගතය සමයේදී එක් කුලී නිවසකට තරග කරන කුලී නිවැසියන් ප්‍රමාණය අඩුයි. නමුත් දැන් ඔස්ට්‍රේලියාවට විදේශ සංක්‍රමණිකයින් පැමිණීමට පටන් ගෙන තිබෙනවා. බොහෝ විදේශ සංක්‍රමණිකයන් පළමුවෙන්ම නිවාස කුලියට ගන්නා නිසා විශේෂයෙන් සිඩ්නි සහ මෙල්බර්න් කුලී නිවාස වෙලඳපොලවල් මත විශාල පීඩනයක් ඇති කරනවා." යනුවෙන් ඇය පැහැදිලි කළාය.


Share

Published

By Madhura Seneviratne
Source: AAP, SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service