ඔස්ට්‍රේලියාව COVID-19 වයිරසයට එරෙහි නව ප්‍රතිකාරයක් ගෙන්වයි (SBS සිංහල/ වාර්තා)

COVID-19 වයිරසය වැළඳුනු මුල් අවධියේදී ප්‍රතිකාර කිරීම සඳහා මෙම නව ප්‍රතිදේහ ප්‍රතිකාරය යොදාගත හැකි බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පවසයි.

Olympic Park vaccination hub

Source: James Gourley - Pool/Getty Images

COVID-19 වයිරසයට එරෙහි සටනේදී ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් නව ප්‍රතිකාරයක් පිළිබඳ අවධානය යොමු කර තිබේ.

එය ඔස්ට්‍රේලියාවේ ඖෂධ නියාමන ආයතනය වන චිකිත්සක භාණ්ඩ පරිපාලනය විසින් ඇගයුමට ලක් කරමින් පවතී.


Highlights

  • COVID-19 වයිරසයට එරෙහි නව ප්‍රතිකාරයක් ඔස්ට්‍රේලියාවේ චිකිත්සක භාණ්ඩ පරිපාලනය විසින් ඇගයුමට ලක් කරමින් පවතී.
  • Sotrovimab නමින් හැඳින්වෙන මෙය නව ප්‍රතිදේහ ප්‍රතිකාරකයකි.
  • ඔස්ට්‍රේලියාව ඇණවුම් කළ Moderna එන්නතේ පළමු මාත්‍රා තොගය එළඹෙන සැප්තැම්බර් මාසයේදී පැමිණෙනු ඇතැයි මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍යවරයා අපේක්ෂා කරයි.

ඔස්ට්‍රේලියාවේ කොවිඩ් සටනට අලුත් ප්‍රතිකාරයක්

COVID-19 වයිරසය වැළඳුනු මුල් අවධියේදී ප්‍රතිකාර කිරීම සඳහා මෙම නව ප්‍රතිදේහ ප්‍රතිකාරය යොදාගත හැකි බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පවසයි.

Sotrovimab නමින් හැඳින්වෙන මෙම නව ප්‍රතිදේහ ප්‍රතිකාරයේ මාත්‍රා 7,700 ක ප්‍රථම තොගය චිකිත්සක භාණ්ඩ පරිපාලනය විසින් ඇගයුමට ලක් කෙරේ.

මෙම ප්‍රතිකාරය මගින් කොවිඩ් රෝගීන් රෝහල් ගත වීම ක්‍රමිකව අඩු කරන බව පෙන්වා දී ඇති බවත් බරපතල නොවන කොවිඩ් රෝගීන් වී සිට පසුව බරපතල රෝගීන් බවට පත්වන වැඩිහිටියන්ගේ මරණ අවදානමද මෙයින් අඩු කරන බවත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පවසයි.
මේ සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ චිකිත්සක භාණ්ඩ පරිපාලනය විසින් සිදුකරන ඇගයීම් අවසන් වූ පසු එය මේ වසරේදී ඔස්ට්‍රේලියාවේ භාවිතා කිරීමට අපේක්‍ෂා කෙරේ.

"එය කොවිඩ් රෝගය නිට්ටාවටම සුව කරන ප්‍රතිකර්මයක් නොවන නමුත් එයින් නියත වශයෙන්ම ජීවිත ගලවා ගත හැකි අතර කොවිඩ් වයිරසයෙන් පීඩාවට පත් විය හැකි යැයි සැලකෙන ජීවිත ආරක්ෂා කළ හැකි බව ද මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt සඳහන් කළේය.
Minister for Health Greg Hunt at a press conference at the Department of Health in Canberra on Monday, 14 June, 2021.
Minister for Health Greg Hunt at a press conference at the Department of Health in Canberra on Monday, 14 June, 2021. Source: AAP

මෙම ඖෂධය සෑම අයෙකුටම නොවේ

කොවිඩ් වයිරසයට එරෙහිව සටන් කිරීමට හැකි යයි ලෝකයේ නිපදවූ සිය ගණනක් ප්‍රතිකාර වලින් මෙය එකක් බව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී මහචාර්ය Paul Kelly පැවසීය.

මෙම ඖෂධය සෑම අයෙකුටම නොවන බවද ඔහු පැවසීය.
"බොහෝ දුරට එය එන්නත ලබා නොගත් පුද්ගලයින් ඉලක්ක කර ගනු ඇති. එය බොහෝ දුරට බරපතල රෝගාබාධ ඇතිවීමේ වැඩි අවදානමක් ඇති පුද්ගලයින් සඳහා වන අතර ප්‍රතිකාර ආරම්භ කිරීමට කලින් එය ලබා දීම අවශ්‍ය වෙනවා." යනුවෙන් ද මහචාර්ය Paul Kelly වැඩි දුරටත් පැහැදිලි කළේය.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

මෙම ප්‍රතිකාරය නිෂ්පාදනය කරනු ලබන්නේ ගෝලීය සෞඛ්‍ය සේවා සමාගමක් වන GSK විසිනි.

මේ අතර සෞඛ්‍ය සේවා ස්ථානයකදී IV චිකිත්සාවක් හරහා මෙයින් එක් මාත්‍රාවක් පමණක් ලබාගැනීම ප්‍රමාණවත් වන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt සඳහන් කළේය.

ඔස්ට්‍රේලියාවේ මුල් අවධියේ කොවිඩ් -19 වයිරසයට ට ප්‍රතිකාර කිරීම සඳහා නියාමන අනුමැතිය ලබා ගන්නා පළමු ප්‍රතිකාරය මෙය වනු ඇති බව ඔස්ට්‍රේලියාවේ GSK සමාගම ප්‍රකාශයක් කරමින් සඳහන් කර ඇත.
Moderna vaccine
Health Minister Greg Hunt expects Moderna coronavirus jab will be available to young Australians soon. Source: AAP

Moderna එන්නත සැප්තැම්බර් මාසයේදී

ඔස්ට්‍රේලියාව ඇණවුම් කළ Moderna එන්නතේ පළමු මාත්‍රා තොගය එළඹෙන සැප්තැම්බර් මාසයේදී පැමිණෙනු ඇතැයි ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt අපේක්ෂා කරයි.

චික්ත්සක භාණ්ඩ පරිපාලනයේ අවසාන අනුමැතිය ලැබීමට නියමිත Moderna එන්නත ද Pfizer එන්නත මෙන් mRNA වර්ගයේ කොවිඩ් එන්නතකි.
ඉදිරි සති දෙක තුළ එම අනුමැතිය අපේක්‍ෂා කරන නමුත් එය ඉතා සාර්‍ථක බව මුල් අවස්ථා වලින්ම පෙන්නුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

අනුමැතිය ලැබුණු පසුව ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් දක්වා මාසයකට Moderna එන්නතේ මාත්‍රා සැපයුම මිලියන තුන දක්වා වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සතියකට මිලියන දෙක දක්වා Pfizer එන්නත ලබාදීම දෙගුණ කිරීමේ කාර්යයට අමතරව මෙය සිදුවේ.

Share

Published

Updated

By Madhura Seneviratne
Source: AAP, SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service