ඔස්ට්‍රේලියාවේ පුහුණු ශ්‍රම හිඟයට සහ ගොඩගැසී ඇති වීසා අයදුම්පත්වලට අගමැතිගෙන් විසඳුම් (SBS සිංහල/ වාර්තා)

පුහුණු ශ්‍රමිකයින්ගේ හිඟයට එරෙහිව සටන් කිරීම සඳහා ගොඩගැසී ඇති වීසා අයදුම්පත් ඉක්මනින් සලකා බැලිය යුතු බව ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese පැවසීය.

Australian Prime Minister Antony Albanese

Prime Minister Anthony Albanese Source: AAP Image/Mick Tsikas

ඔස්ට්‍රේලියාවේ පුහුණු ශ්‍රමිකයින්ගේ (Skilled workers) හිඟය සහ සලකා බැලීමට ඇති වීසා අයදුම්පත් විශාල ප්‍රමාණයක් ගොඩගැසී තිබීම පිළිබඳ ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese ගේ අවධානය යොමුවී තිබේ.

පසුගිය සිකුරාදා (ජුනි 17) පැවති නව අගමැති Albanese ගේ මංගල ජාතික කැබිනට් මණ්ඩලයේදී මේ පිළිබඳ මූලික වශයෙන් සාකච්ඡාවට ලක්වී ඇත.


Highlights

  • ඔස්ට්‍රේලියාවේ ඉලක්කගත සංක්‍රමණ ක්‍රියාවලියට යාමට ඇති ගැටළු පිළිබඳ අගමැති Albanese ගේ මංගල ජාතික කැබිනට් මණ්ඩලයේදී ඔස්ට්‍රේලියාවේ සියලුම ප්‍රාන්ත සහ ටෙරිටරි නායකයෝ කරුණු ඉදිරිපත් කළහ.
  • පුහුණු ශ්‍රමිකයින්ගේ හිඟයට එරෙහිව සටන් කිරීම සඳහා ගොඩගැසී ඇති වීසා අයදුම්පත් ඉක්මනින් සලකා බැලිය යුතු බව ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese පැවසීය.
  • කෙටි කාලීන සංක්‍රමණය මෙම ගැටළුවට ඇති විසඳුමේ කොටසක් විය යුතු බව අගමැතිවරයා පැවසීය.

Skilled වීසා සහ ගොඩගැසී ඇති වීසා අයදුම්පත්

අග්‍රාමාත්‍ය Anthony Albanese පවසන පරිදි ඔස්ට්‍රේලියාව පීඩාවට පත් කරන පුහුණු ශ්‍රමිකයින්ගේ හිඟයට එරෙහිව සටන් කිරීම සඳහා සංක්‍රමණයට ඉඩ සැලසීමට ගොඩගැසී ඇති වීසා අයදුම්පත් ඉක්මනින් සලකා බැලිය යුතුය.

ඔස්ට්‍රේලියාවේ ඉලක්කගත සංක්‍රමණ ක්‍රියාවලියට යාමට ඇති ගැටළු පිළිබඳ අගමැති Albanese ගේ මංගල ජාතික කැබිනට් මණ්ඩලයේදී ඔස්ට්‍රේලියාවේ සියලුම ප්‍රාන්ත සහ ටෙරිටරි නායකයෝ කරුණු ඉදිරිපත් කළහ.
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ වැඩසටහන තවමත් COVID-19 වසංගතයේ බලපෑමෙන් පීඩා විඳිමින් සිටින අතර වීසා අයදුම්පත් සලකා බැලීමට ඇති ප්‍රමාදයන් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට ඉමහත් පීඩනයක් එල්ල කරයි.

පුහුණු ශ්‍රමිකයින්ගේ පිරවීම සඳහා ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමට අරගල කරන ව්‍යාපාරවලට උපකාර කිරීම සඳහා වැඩි යමක් කිරීමේ අවශ්‍යතාවය ජාතික කැබිනට් මණ්ඩලය විසින් හඳුනාගෙන ඇති බව ඔහු සිය ප්‍රථම ජාතික කැබිනට් මණ්ඩල රැස්වීම අවසානයේදී පැවසීය.
National cabinet
Chief Minister Andrew Barr, South Australi Peter Malinauskas, Queenslands Annastacia Palaszczuk, NSW Premier Domi Anthony Albanese, Source: AAP

දැඩි ලෙස වීසා ප්‍රමාද වීම

කෙටි කාලීන සංක්‍රමණය මෙම ගැටළුවට ඇති විසඳුමේ කොටසක් විය යුතු බව ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese පැවසීය.

ඇතැම් වීසා අයදුම්කරුවන් සේවා ස්ථානවල තම රැකියාව ලබා ගැනීමට පෙර මාස 12 සිට 18 දක්වා කාලයක් වීසා සඳහා බලා සිටි බව ඔහු පෙන්වා දුන්නේය.
මෙම වීසා අයදුම්පත් සලකා බැලීම ප්‍රමාද වීම වැළක්වීමට සහ වීසා ලබාගැනීමට බලා සිටීමේ දිගු කාලය කෙටි කාලයක් කිරීමට උපකාර කිරීම සඳහා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තුළ සිටින පුද්ගලයින් වෙනත් රාජකාරීවලින් නිදහස් කර මේ සඳහා යොමු කර ඇති බවද ඔහු පැවසීය.

"එය පැහැදිලිවම අවශ්‍ය දෙයක් වන අතර ක්ෂණික වෙනසක් කිරීමට ඇති පහසුම ක්‍රමය එයයි." යනුවෙන් ද අගමැති Albanese පැහැදිලි කළේය.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


නව ශ්‍රමිකයින් ආකර්ෂණය කර ගැනීම

නව ශ්‍රමිකයින් ආකර්ෂණය කර ගැනීම ප්‍රාන්තයේ පවතින ආර්ථික වර්ධනය සුරක්ෂිත කිරීමේ විශාලතම ප්‍රශ්නවලින් එකක් බව බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත අගමැති Mark McGowan එම ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේදී පැවසීය.

වීසා ගැටළු සමඟ කටයුතු කිරීම සඳහා වැඩි මානව සම්පත් යෙදවීමට අගමැති විසින් සිදුකර ඇති කාර්යය පිළිබඳ තමා අගය කරන බවද ඔහු එහිදී පැවසීය.
නිපුණතා සංක්‍රමණය සහතික කිරීම තම ප්‍රාන්තයේ ද අරමුණ බව දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත අගමැති Peter Malinauskas එහිදී ප්‍රකාශ කළේය.

පැහැදිලිවම, රටක් ලෙස නිපුණතා සංක්‍රමණය නැවත විවෘත කිරීමට අවශ්‍ය බව ඔහු එහි සිටි මාධ්‍යවේදීන්ට පැවසුවේය.





Share

Published

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියාවේ පුහුණු ශ්‍රම හිඟයට සහ ගොඩගැසී ඇති වීසා අයදුම්පත්වලට අගමැතිගෙන් විසඳුම් (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala