ඔස්ට්‍රේලියානු සමාජයේ ස්ථුලතාවය බරපතල ලෙස ඉහළ යයි. සංක්‍රමණිකයින්ද ප්‍රධාන ගොදුරක් බවට පත්වෙයි. (SBS සිංහල/වාර්තා)

obesity

Source: AAP

ඔස්ට්‍රේලියාවේ දැවෙන සෞඛ්‍ය ගැටළු අතරින් අධික තරබාරු බව සහ ස්ථුලතාවය ඉහළින්ම සාකච්ඡා වන මාතෘකා දෙකකි.

සෞඛ්‍ය බලධාරීන් කොපමණ වෙහෙසක් දැරුවද ඔස්ට්‍රේලියානුවාසීන්ගේ ස්ථුලතාව සහ අධික තරබාරු බව පහත හෙළීමට තවමත් අපොහොසත් වී තිබේ.


 

SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese


 

සාම්ප්‍රදායික ඔස්ට්‍රේලියානුවාසීන් ට පමණක්  නොව මේ ප්‍රශ්නය සංක්‍රමණික සහ ස්වදේශික ප්‍රජාවටද මේ වන විට ඉතා තදින් බලපා ඇති නමුත් එයද නිසි පරිදි විසඳා ගැනීමට නොහැකිවී තිබේ.
obesity
Source: AAP

ඔස්ට්‍රේලියාවේ ස්ථුලතාව පිළිබඳ නවතම වාර්තාව

ස්ථුලතාව දුරලීම උදෙසා සාමූහික ක්‍රියාකාරීන්ගේ නවතම වාර්තාව පසුගිය සතියේදී නිකුත් විය.

එයට අනුව පසුගිය වසර තුනක කාලය තුළ අමතර ඔස්ට්‍රේලියානුවාසීන් ලක්ෂ 9 ක් පමණ ස්ථුලතාවට පත්වී ඇති බව සඳහන්.

මේ දත්ත වලට අනුව ඔස්ට්‍රේලියානු සමාජය තුළ ස්ථුලතාව දුරලීමට රාජ්‍ය මට්ටමින් මීට පෙර ගත් පියවර ඵල දරා නොමැති අතර ඔස්ට්‍රේලියානුවාසීන් ගේ ස්ථුලතාවය වර්ධනය වීමේ ප්‍රතිශතය ඉතා බරපතල තත්ත්වයක් කරා ගමන් කරමින් පවතින බවත්  අනාවරණය කරයි.
වසර 2011-12 කාලයේ සිට මේ දක්වා ස්ථුලතාවයෙන් පෙළෙන ළමුන් ප්‍රමාණය 249,000 සිට 396,400 දක්වා 60% කින් පමණ ඉහළ ගොස් ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි.

වෙනත් අයුරකින් එය දැක්වුවහොත් ස්ථුලතාවයෙන් පෙළෙන ළමුන් සෑම වසරකම අමතරව 24,500 ක් එකතුවන බවක් පෙනේ.

මෙය ඇත්තෙන්ම දැඩි කම්පනයට පත්විය යුතු තත්ත්වයක් බව ස්ථුලතාව දුරලීම උදෙසා සාමූහික ක්‍රියාකාරීන්ගේ සංගමයේ Nicole Turner, SBS පුවත් වෙත පැවසුවාය.

ස්ථුලතාව සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට 2017-18 වසර තුළ ඩොලර් බිලියන 11.8 ක පිරිවැයක් දැරීමට සිදුවී ඇත.
obesity
Source: Getty Images

සංක්‍රමණිකයින් සහ ඔස්ට්‍රේලියාවේ ස්වදේශික ජනතාව

ස්ථුලතාව වළකාලීමේ උත්සාහයන් බොහෝ සංක්‍රමණික ප්‍රජාවන් මගහරින බව Nicole Turner පැවසුවාය.

ස්ථුලතාව වළකාලීම සඳහා නිර්මාණය කරන පොදු වැඩසටහන් සෑම ප්‍රජාවකටම එක සමාන ලෙස ගැලපෙන්නේ නැති බවත් ඒවා ඒ ඒ ප්‍රජාවන්ට සුදුසු පරිදි නැවත සකස් කළ යුතු බවත් ඇය පෙන්වා දුන්නාය.

එනිසා මෙහිදී ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සංක්‍රමණික ප්‍රජාවන් සමග ඉතා සමීපව සම්බන්ධවී කටයුතු කළ යුතු බවත් ඇය පැවසුවාය.
එහිදී අදාළ ප්‍රජාවන්ගේ සංස්කෘතික ආහාර වර්ග ගැනීමට ඔවුන් උනන්දු කරවීම සහ එම ආහාර ප්‍රවර්ධනය කිරීම මෙන්ම ඒවා නිරතුරුවම ලබාගත හැකි ලෙස වෙළෙඳපොලේ සුලබ කිරීම වැනි ක්‍රමවේදයන් අනුගමනය කිරීමට හැකි බව ස්ථුලතාව දුරලීම උදෙසා සාමූහික ක්‍රියාකාරීන්ගේ සංගමයේ Nicole Turner, SBS පුවත් වෙත පැවසුවාය.

මේ අර්බුදයට ඔස්ට්‍රේලියාවේ ස්වදේශික ජනතාවද ඉතා දැඩි ලෙස මුහුණ පාමින් සිටින බව ද මෙම වාර්තාව පෙන්වා දෙයි.

ඉදිරි දශකය තුළ ඔස්ට්‍රේලියාවේ වැඩිහිටි පරපුරෙන් 40% කට වඩා වැඩි පිරිසක් ස්ථුලතාවයෙන් පෙළෙමින් ජීවත්වන බවට මේ දත්ත සමග අනාවැකි පලකිරීමට හැකි බවද එම වාර්තාව පවසයි.

----------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

----------------------------------------------------------------------------------------------------

Share

Published

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service