ඔස්ට්‍රේලියාවේ ඔබත් පෙට්‍රල් ගහන්නේ එකම තැනකින්ද? එහෙනම් මේ ලිපිය අනිවාර්යෙන් කියවන්න.

ඔස්ට්‍රේලියාවේ අඩුම මිලට සහ වැඩිම මිලට පෙට්‍රල් අලෙවි කරන සමාගම් ගැනයි මේ.

ACCC urges drivers to swap petrol stations.

Source: AAP

ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් අලෙවි කරන ප්‍රධාන සමාගම් වල සිල්ලර මිල ගණන් අතර ලීටරයකට ඩොලර් ශත 9.5 ක වෙනසක් දැකිය හැකි බව Australian Competition and Consumer Commission හෙවත් ඔස්ට්‍රේලියානු තරගකාරී සහ පාරිභෝගික කොමිසම අනාවරණය කරයි.

ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් අලෙවිය පිළිබඳ ඔවුන් සිදු කළ නවතම සමීක්ෂණයේ වාර්තාවට අනුව ඔස්ට්‍රේලියාවේ වැඩිම මිලට පෙට්‍රල් අලෙවි කරන සමාගම ලෙස Coles Express හඳුන්වා දී තිබේ.

Woolworths ඇතුළු අනෙකුත් සමාගම් වල පෙට්‍රල් මිල ඊට වඩා පහළ  අගයක් ගන්නා බවද එම වාර්තාව පෙන්වා දෙයි.

මේ අනුව සෑම කල්හිම පෙට්‍රල් ලබා ගැනීම සඳහා එකම ඉන්ධන පිරවුම් ස්ථානයකට යාම හේතුවෙන් ඔස්ට්‍රේලියානු වාසියෙකු හට පෙට්‍රල් ලීටරයකින් ඩොලර් ශත 10 ක සාමන්‍ය අලාභයක් සිදුවන බව මෙල්බන්, සිඩ්නි ඇතුළු ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර 5 ක් ආශ්‍රිතව සිදු කෙරුණු මෙම සමීක්ෂණය හරහා හෙළිවී තිබේ.
ACCC
Source: AAP

මිල අඩුම පෙට්‍රල් කාගෙන්ද?

මෙල්බන් සහ  බ්‍රිස්බන් හි United ද , සිඩ්නි නුවර Speedway ද, ඇඩිලේඩ් නුවර Liberty  මෙන්ම පර්ත් නුවර Vibe  ඒ ඒ නගරවල පෙට්‍රල් අඩු මිලට අලෙවි කරන සමාගම් ලෙස හඳුනාගෙන ඇත.

මේ අතර ඔස්ට්‍රේලියාවේ අඩුම පෙට්‍රල් මිල සහ වැඩිම පෙට්‍රල් මිල අතර ඇති පරතරය පසුගිය දශකය තුළ සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති බවද එම වාර්තාවෙන් හෙළිවී තිබේ.

2007 වසරේදී ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර පහේ පෙට්‍රල් ලීටරයක මිලෙහි සාමාන්‍ය වෙනස ඩොලර් ශත 2.4 ක් වූ අතර 2017 වන විට එම අගය ඩොලර් ශත 6.3 ක් ලෙසට ඉහළ ගොස් ඇත.
ACCC urges drivers to swap petrol stations.
Source: AAP

පාරිභෝගිකයින් කළ යුතු දේ

ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් මිල පහළ දැමීමට අදාළ සමාගම් වෙත ඒත්තු ගැන්වීම සඳහා පාරිභෝගිකයින් එකම ඉන්ධන පිරවුම් සමාගමකින් පෙට්‍රල් ලබා නොගෙන විවධ සමාගම් වෙතින් පෙට්‍රල් ලබා ගැනීම කරන ලෙස ඔස්ට්‍රේලියානු තරගකාරී සහ පාරිභෝගික කොමිසමේ සභාපති Rod Sims පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියි.

"සාමන්‍යයෙන් පාරිභෝගිකයින්ගෙන්  බහුතරයක් පෙට්‍රල් ලබා ගැනීමට එකම ඉන්ධන පිරවුම්හලක් වෙත යාමට පුරුදුව තිබෙනවා. 2007 ට වඩා 2017 දී තමන් කුමන පෙට්‍රල් අලෙවි සමාගමකින් පෙට්‍රල් මිලට ගන්නවා ද යන්න තීරණය කිරීම අතිශය වැදගත්. ඉන්ධන අලෙවි කරන සමාගම් වල ඉන්ධන මිල ගණන් විවිධයි. ඔවුන්  තමන් වෙත පාරිභෝගිකයින් ගෙන්වා ගැනීමට සහ හසු කරගැනීමට විවිධ උපක්‍රම යොදනවා." යනුවෙන් ඔස්ට්‍රේලියානු තරගකාරී සහ පාරිභෝගික කොමිසමේ සභාපති Rod Sims වැඩි දුරටත් පැවසුවේය.

අන්තර්ජාලය හරහා නිරතුරුවම අඩුම මිලට ඉන්ධන ලබා දෙන සමාගම් මොනවාදැයි පිරික්සා ඔවුන් වෙතින් එම සේවය ලබා ගැනීමෙන් පාරිභෝගිකයින් හට සැලකිය යුතු මුදලක් ඉතිරි කරගත හැකි බවද ඔහු පෙන්වා දෙයි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service