ඕස්ට්‍රේලියාවේ Uber රියදුරන්ට සුභදායක දෙයක් සිදුවීමට යන ලකුණු පලවෙයි (SBS සිංහල/ වාර්තා)

Uber සමාගම එක්සත් රාජධානියේ Uber රියදුරන් වෙත ලබාදුන් තීන්දුව මෙන් තීන්දුවක් ඔස්ට්‍රේලියාව තුළද ක්‍රියාත්මක කළ යුතු බව ඔස්ට්‍රේලියාවේ ප්‍රවාහන සේවක සංගමය පෙන්වා දුන්නේය.

لاجئ سوري في نيوكاسل:" الامطار اضطرتني للتوقف عن العمل كسائق اوبر ولم نجد مساعدة من أحد"

Source: Flickr

එක්සත් රාජධානියේ Uber රියදුරන් දස දහස් ගණනක් "සේවකයින්" ලෙස වර්ග කරන බව Uber සමාගම නිවේදනය කර තිබේ.

ඒ සමගම ඔස්ට්‍රේලියාවේ Uber රියදුරන්ට ද මෙම හිමිකම ලබාදෙන ලෙස ඔස්ට්‍රේලියාවේ ප්‍රවාහන සේවක සංගමය ඉල්ලීමක් කර තිබේ.


Highlights

  • Uber රියදුරන් හට සේවක අයිතිවාසිකම් හිමිවිය යුතු බවට එක්සත් රාජධානියේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය පෙබරවාරි මාසයේදී තීන්දුවක් ලබා දුන්නේය.
  • අවම වැටුප, නීත්‍යානුකුල නිවාඩු හා විශ්‍රාම වැටුප වැනි හිමිකම් මේ නිසා Uber රියදුරන් හට ලැබෙනු ඇත.
  • ඔස්ට්‍රේලියාවේ Uber රියදුරන්ට ද සේවක අයිතිවාසිකම් හිමිවන රෙගුලාසි හඳුන්වා දිය යුතු බව ඔස්ට්‍රේලියාවේ ප්‍රවාහන සේවක සංගමය ඉල්ලයි.

එක්සත් රාජධානියේ Uber තීන්දුව

Uber රියදුරන් හට ලොව අනෙක් සේවකයින්ට හිමි සේවක අයිතිවාසිකම් හිමිවිය යුතු බවට එක්සත් රාජධානියේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය පෙබරවාරි මාසයේදී තීන්දුවක් ලබා දුන්නේය.

ඒ අනුව 70,000 ක් පමණ වන එක්සත් රාජධානියේ Uber රියදුරන්ට Uber සමාගම විසින් එම හිමිකම ලබාදෙන ලදී.

මෙලෙස Uber රියදුරන් සේවකයින් ලෙස සලකා ඔවුන් හට සේවක අයිතිවාසිකම් ලබාදුන් ලොව පළමු රට බවට ද එක්සත් රාජධානිය පත්විය.

කෙසේවෙතත්, එක්සත් රාජධානියේ ශ්‍රේෂ්ඨාධිකරණය සමග Uber සමාගම මුලදී තර්ක කරනු ලැබුවේ Uber රියදුරන් ස්වයං රැකියාලාභීන් ලෙස නම් කරමිනි.

නමුත් මෙම ලබාදුන් තීන්දුවත් සමග Uber ව්‍යාපාර ආකෘතියේ දැවැන්ත වෙනසක් සිදුව තිබේ.
An Uber app on a mobile phone in central London
An Uber app on a mobile phone in central London Source: AAP

ඔස්ට්‍රේලියාවත් එම අයිතිවාසිකම් ඉල්ලයි

ඔස්ට්‍රේලියාවේ Gig workers ලාට හෙවත් ස්වාධීනව රැකියා කරන පුද්ගලයින්ට ද තම හිමිකම් සුරක්ෂිත වන සේ මනාව නියාමනය කෙරෙන රෙගුලාසි හඳුන්වා දිය යුතු බව ඔස්ට්‍රේලියාවේ ප්‍රවාහන සේවක සංගමයේ ලේකම් Michael Kaine පැවසීය.

Uber සමාගම එක්සත් රාජධානියේ Uber රියදුරන් වෙත ලබාදුන් තීන්දුව මෙන් තීන්දුවක් ඔස්ට්‍රේලියාව තුළද ක්‍රියාත්මක කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේය.

රියදුරන්ගේ අයිතිවාසිකම් අත්තනෝමතිකව පාලනය කිරීමට ඔස්ට්‍රේලියාව Uber සමාගමට ඉඩ නොදිය යුතු බව ද Michael Kaine පැවසීය.

ඒ අනුව Uber රියදුරන් ගේ රැකියාවේ සුරක්ෂිතභාවය සහ සේවක හිමිකම් පිළිබඳ තීන්දු ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ගත යුතු බව ඔහු අවධාරණය කරයි.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


Uber රියදුරන්ට හිමිවන අයිතිවාසිකම්

Uber සමාගමට ගන්නට සිදුවී ඇති නවතම තීන්දුවට අනුව එක්සත් රාජධානියේ Uber රියදුරන් හට පහත සඳහන් මූලික සේවක හිමිකම් ලැබෙනු ඇත.

  • අවම වැටුප
  • නීත්‍යානුකුල නිවාඩු
  • විශ්‍රාම වැටුප
කෙසේවෙතත්, Uber රියදුරන් හට මෙම හිමිකම් ලබා දීමේ වෙනස මේ වසරේ සිය ශුද්ධ ආදායමට බලපානු ඇතැයි Uber සමාගම බලාපොරොත්තු නොවූ බව පවසයි.

මේ අතර එක්සත් රාජධානියේ නීති ක්‍රමය ඔස්ට්‍රේලියානු ක්‍රමයට වඩා වෙනස් බව ද අවධානයට ගත යුතු බව Uber Australia සමාගම පැවසීය.

එනමුත් ඔස්ට්‍රේලියානු රජයත් සමග සහයෝගයෙන් වැඩකටයුතු කිරීමට තම සමාගම සූදානම් බව Uber Australia සමාගමේ නියෝජිතයෙකු පැවසීය.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW 

නැතිනම්  රූපවාහිනියේ channel 38


සේවක හිමිකම් ලබාදීමෙන් Uber රියදුරන්ගේ නම්‍යශීලීභාවය අඩු වීමේ අවදානමක්

Uber රියදුරන් හට එක්සත් රාජධානියේ මෙන් සේවක හිමිකම් ලබාදීමෙන් ඔවුන්ගේ නම්‍යශීලීභාවය අඩපණ වීමේ අවදානමක් ඇති බව ඔස්ට්‍රේලියාවේ  Ride Share Drivers සංගමය (Ride Share Drivers' Association of Australia) පවසයි.

මෙලෙස සේවක වර්ගීකරණය කිරීම් සමග හිමිකම් ලබා දීමෙන් Uber රියදුරන්ගේ නම්‍යශීලීභාවය මෙන්ම ඔවුන්ගේ නිදහස ද අහිමි වනු ඇතැයි ඔස්ට්‍රේලියාවේ  Ride Share Drivers සංගමයේ ලේකම් Les Johnson පැවසීය.

ඔස්ට්‍රේලියානු නීතියට අනුව සාධාරණ කොන්ත්‍රාත්තුවක් Uber රියදුරන් හට ලබාදීම මෙන්ම චෝදනාවලට පිළිතුරු දීමේ අයිතිය ලබාදීම වැනි ප්‍රතිසංස්කරණ සිදුකිරීම ඉතා වැදගත් බව එම සංගමය පෙන්වා දෙයි.

Share

Published

Updated

By Massilia Aili, Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service