ලංකාවට ගෞරවයක් ගෙනදෙමින් චමරි අතපත්තු, ඕස්ට්‍රේලියාවේ WBBL|09 හි "තරඟාවලියේ ක්‍රීඩිකාව" වෙයි

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන WBBL තරඟාවලියේ Sydney Thunder කණ්ඩායම සඳහා තරඟ වදිමින් සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් නායිකා චමරි අතපත්ත,ු "තරඟාවලියේ ක්‍රීඩිකාව" ලෙස නම් කොට ඇති අතර ඇය "තරඟාවලියේ කණ්ඩායම" සඳහාත් තේරී තිබේ.

Chamari was at Chamari Bay_ Image _ Cricket Australia.jpeg

Chamari Athapaththu was at Chamari Bay Credit: Cricket Australia

චමරි අතපත්තු Weber WBBL|09 හි "තරඟාවලියේ ක්‍රීඩිකාව" ලෙස නම් කරයි


මේ වනවිට ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන WBBL තරඟාවලියේ, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නායිකා චමරි අතපත්තු Sydney Thunder කණ්ඩායම සඳහා තරඟ වදිමින් සිටී.

චමරි Sydney Thunder කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකාරිනියක වශයෙන් ක්‍රීඩා කරන අතර ඇය Weber WBBL|09 තරඟාවලිය තුල "තරඟාවලියේ ක්‍රීඩිකාව" වශයෙන් නම් කොට තිබේ.

මේ අතර Brisbane Heat කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩිකා Charli Knott , WBBL|09 හි "Young Gun" ලෙස නම් කර තිබේ.

Sydney Thunder කණ්ඩායම සඳහා තරඟ වදින චමරි අතපත්තු මෙම තරඟාවලිය තුල අගනා පිතිහරඹයක නිරත වූ අතර ඇය ලකුණු 511ක් ලබාගනිමින් WBBL|09 ලකුණු සටහනේ දෙවන ස්ථානයට පත් වුවාය.

චමරි අතපත්තු මෙම තරඟාවලිය තුල ලකුණු 500 ඉලක්කය වෙත ගිය ක්‍රීඩිකාවන් දෙදෙනකුගෙන් එක් අයකු වේ. ඒ සඳහා හයේ පහර 17ක් සහ හතරේ පහර 69ක් ඇතුලත් වන අතර චමරි ලකුණු 129.69ක ප්‍රහාරක වේගයක් හිමිකරගෙන සිටී.

Sydney Sixers කණ්ඩායමට එරෙහිව කඩුලු 9ක් දවා ගනිමින් ඇය පන්දු යැවීමෙන්ද මෙම තරඟාවලිය තුලදී දක්ෂතා දැක්වූ අතර ඒ සඳහා උඩපන්දු 8ක් ඇතුලත් වේ.

චමරි අතපත්තු Weber WBBL|09 හි "තරඟාවලියේ කණ්ඩායමට" නම් කරයි


මේ අතර, Sydney Thunder කණ්ඩායම සඳහා තරඟවදින චමරි අතපත්තු Weber WBBL|09 හි "තරඟාවලියේ කණ්ඩායම" සඳහාත් ඇතුලත්ව තිබේ.

Weber WBBL|09 හි "තරඟාවලියේ කණ්ඩායම" ප්‍රධාන පුහුණුකරුවන් 8 දෙනෙකු මගින් ප්‍රකාශයට පත්කොට තිබේ.

Weber WBBL|09 හි "තරඟාවලියේ කණ්ඩායම" සඳහා නම් කල ක්‍රීඩිකාවන් පහතින

  • Beth Mooney (wk) (Perth Scorchers)
  • Katie Mack (Adelaide Strikers)
  • Chamari Athapaththu (Sydney Thunder)
  • Sophie Devine (c)(Perth Scorchers)
  • Ellyse Perry (Sydney Sixers)
  • Annabel Sutherland (Melbourne Stars)
  • Amy Edgar (Perth Scorchers)
  • Amanda-Jade Wellington (Adelaide Strikers)
  • Chloe Ainsworth (Perth Scorchers)
  • Lauren Cheatle (Sydney Sixers)
  • Sophie Day (Melbourne Stars)
  • Charli Knott (Brisbane Heat).

Share

Published

By Nipuna Dodangoda
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ලංකාවට ගෞරවයක් ගෙනදෙමින් චමරි අතපත්තු, ඕස්ට්‍රේලියාවේ WBBL|09 හි "තරඟාවලියේ ක්‍රීඩිකාව" වෙයි | SBS Sinhala