2023 ජූලි සිට ගාස්තු තවත් අඩුවෙන ඔස්ට්‍රේලියාවේ Childcare සේවාව නොමිලේම ලබාදීමට රජයේ අවධානය

ඇතැම් පවුල්වලට මෙම නව ක්‍රමය යටතේ ඔවුන්ගේ Childcare ගාස්තුවෙන් සියයට 90 ක් මධ්‍යම රජය විසින් ගෙවනු ඇත.

Two older babies paying on a mat with a woman in a child care setting.

The cost of child care is often a big factor in decisions about work in Australian families who have young children. Source: Getty / FatCamera

ඔස්ට්‍රේලියාවේ Childcare සේවාව ලබන බොහෝ දෙමාපියන්ට 2023 ජූලි මාසයේ සිට Childcare සඳහා අඩු මුදලක් ගෙවීමට අවස්ථාව උදාවෙනු ඇත.නව Childcare සහන අනුපාත යටතේ තවත් පවුල් අඩු Childcare ගාස්තු සඳහා සුදුසුකම් ලබන අතර දැනටමත් ඔවුන්ගේ Childcare සහන ලබා ඇති බොහෝ පවුල් ඊටත් වඩා අඩු මුදලක් Childcare සේවාව සඳහා ගෙවනු ඇත.

ඇතැම් පවුල්වලට මෙම නව ක්‍රමය යටතේ ඔවුන්ගේ Childcare ගාස්තුවෙන් සියයට 90 ක් මධ්‍යම රජය විසින් ගෙවනු ඇත.

කෙසේවෙතත්, ඔස්ට්‍රේලියාවේ Childcare සේවාව ඊටත් වඩා දැරිය හැකි සහ ප්‍රවේශ විය හැකි සේවාවක් බවට පත් කිරීම පිළිබඳ විමර්ශනයක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.

නොමිලේ ලබාදෙන Childcare සේවාවක් කොහේ හෝ ක්‍රියාත්මක වෙයිද?

OECD දත්ත වලට අනුව, විවිධ රටවල දෙමාපියන් Childcare කටයුතු සඳහා ගෙවනු ලබන මුදල තීරණය කෙරෙන පවුලේ ආදායමේ විශාල වෙනස්කම් තිබේ.

ඉතාලිය, ලැට්වියාව සහ මෝල්ටාව නොමිලේ Childcare සේවාව සපයන රටවල් අතළොස්සෙන් ප්‍රධාන තැනක් ගනී.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————

මේ අතර Childcare සේවාව ලබාගැනීම පිණිස පවුලේ ආදායමෙන් වැඩිම කොටසක් අවශ්‍ය වන රටවල් අතර චෙක් ජනරජය (19% සිට 38%) සහ ස්විට්සර්ලන්තය (11% සිට 27%) ප්‍රමුඛ තැනක් ගෙන ඇත.

තම දරුවන්ට Childcare සේවාව ලබාගනිමින් සිටින ඇමරිකානු දෙමාපියන් ඔවුන්ගේ ආදායමෙන් 23% ත් 50% ත් අතර ප්‍රමාණයක් වැය කරයි.

ඔස්ට්‍රේලියානු දෙමාපියන් Childcare වියදම් සඳහා කොපමණ මුදලක් වැය කරනවාද?

ඔස්ට්‍රේලියානු දෙමාපියන්ට Childcare සේවාව සඳහා දරන පිරිවැයෙන් කොටසක් පියවා ගැනීම සඳහා මධ්‍යම රජයේ සහය ලබා ගැනීමට හැකි විය හැකි නමුත් OECD සංඛ්‍යාලේඛනවලට අනුව, පවුල් තවමත් තම පවුලේ ආදායමෙන් 10%ත් 16%ත් අතර ප්‍රමාණයක් Childcare සේවාව සඳහා වැය කරයි.

නමුත් එය OECD සාමාන්‍ය ප්‍රතිශතය වන 8% ත් 10% ත් අතර ප්‍රමාණයට වඩා වැඩිය.
දැනට, ඩොලර් 72,000ට වඩා අඩුවෙන් උපයන පවුල්වලට ඔවුන්ගේ Childcare ගාස්තුවෙන් 85% ක් දක්වා රජය විසින් ගෙවිය හැකි අතර ඉහළ ආදායම් ලබන්නන්ට සිය Childcare පිරිවැයෙන් 20% ක් දක්වා මධ්‍යම රජය විසින් ගෙවනු ලබයි.

ඔස්ට්‍රේලියාවේ 2023 ජුලි 1 වනදා වන විට සිදුවන වෙනස්කම් නිසා ආදායම් සීමාවන් වෙනස් වනු ඇත.

ඒ අනුව වසරකට ඩොලර් 80,000 ට වඩා අඩු ආදායම් ලබන පවුල් ඔවුන්ගේ Childcare ගාස්තුවෙන් 90% ක් රජය විසින් ආවරණය කිරීමට සුදුසුකම් ලබයි.

Childcare සහනය සඳහා සුදුසුකම් ලබන අයගේ උපරිම පවුලේ ආදායම් සීමාවද ඩොලර් 346,000 සිට ඩොලර් 530,000 දක්වා ඉහළ යනු ඇත.
Rear view of a man holding a young boy's hand as they walk next to a fenced playground.
More Australians will be eligible for increased child care subsidies from 1 July. Source: Getty / kevajefimija

අනාගතයේදී ඔස්ට්‍රේලියාවේ විශ්වීය නොමිලේ Childcare සේවාවක් ලබා දිය හැකිද?

මාර්තු මාසයේදී අදහස් ඉදිරිපත් කිරීම් සඳහා විවෘත කරන ලද ඵලදායිතා කොමිෂන් සභා සමාලෝචනයක් ඔස්ට්‍රේලියාවේ මුල් ළමාවිය අධ්‍යාපනය සහ Childcare අංශය වඩාත් ප්‍රවේශ විය හැකි සහ දරුවන්ගේ ඉගෙනීමට සහ සංවර්ධනයට වඩා හොඳ සහායක් ලබා දෙන්නේ කෙසේදැයි සොයා බලයි.

අදාළ විමර්ශනයේ කොටසක් ලෙස, ඵලදායිතා කොමිෂන් සභාව විසින් 90% ක විශ්වීය Childcare සහන අනුපාතයක් ලබාදීමට සලකා බලනු ඇත.

ශ්‍රම බළකාය වැඩි කිරීමට හැකියාව ලබා දීමෙන් ආර්ථික වර්ධනය සහ ඵලදායිතාව වැඩිදියුණු කිරීමට හෝ සහාය වීමට හැකි විකල්ප ද මෙම විමර්ශනයේ විෂය පථයට අයත් වේ.
නොමිලේ ලබාදෙන Childcare සේවාවන් ලොව පුරා සම්ප්‍රදායිකව ක්‍රියාත්මක වූ ආකාරය දෙස බලන කල එය අදාළ රජයන් විසින් මෙහෙයවූ ඒවා බව පෙනී ගොස් ඇතැයි ආර්ථික විද්‍යාඥ Conrad Liveris පැවසුවේය.

"එබැවින් අවම හෝ පුද්ගලික Childcare සේවා සපයන්නන් නොමැත, එය ඕස්ට්‍රේලියාවේ යම් ආකාරයක වෙනසක් වේ, නමුත් අපට සම්පූර්ණයෙන්ම පාහේ පුද්ගලික සැපයුම්කරුවන් සිටීමයි, Childcare සේවා මෙහෙයවන නගර සභා කුඩා ප්‍රමාණයක් ඇති නමුත් ප්‍රාන්ත රජයන් Childcare සේවා ලබා නොදෙයි," ඔහු පැවසීය.

ඔස්ට්‍රේලියාව විශ්වීය නොමිලයේ ලබාදෙන Childcare පහසුකම් ඉක්මනින් හඳුන්වා දෙනු දැකීමට නොහැකි වූයේ මේ නිසා බව ද ආර්ථික විද්‍යාඥ Conrad Liveris පැවසීය.

NSW සහ වික්ටෝරියා ප්‍රාන්ත මෑතකදී ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රම පුළුල් කර ඔවුන්ගේ ප්‍රාන්තවල සිටින දරුවන්ට අමතර වසරක් නොමිලේ ක්‍රියාකාරකම් මත පදනම් වූ අධ්‍යාපනයක් ලබා දීමට ඉඩ සලසයි.
Young children playing inside at a child care centre.
Better affordability and access to child care is expected to boost workplace participation of women. Source: Getty / Westend61

Childcare සහන සහ ශ්‍රම බලකායේ කාන්තාවන්

ඇතැම් කාන්තාවන් දරුවන් ලබා තම මාතෘ නිවාඩු ගත කිරීමෙන් පසු යළි රැකියාවට යාම ආරම්භ කළත් Childcare සඳහා වන පිරිවැය හේතුවෙන් තම පවුලේ ආදායමට ඔවුන්ගේ රැකියාව හරහා සුළු මුල්‍යමය උපකාරයක් පමණක් සපයයි..

2023 ජුලි මාසයේ සිට ක්‍රියාත්මක වන Childcare සහනාධාර අනුපාතය වැඩි කිරීම දරුවන් ලැබීමෙන් පසු තවත් කාන්තාවන් නැවත ශ්‍රම බලකායට පැමිණීමේ තීරණයට සාධකයක් වනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ආර්ථික විද්‍යාඥ Conrad Liveris පැවසීය.

"Childcare සඳහා විශාල ප්‍රවේශයක් ලබාදීමෙන් ශ්‍රම බලකායේ කාන්තාවන්ගේ සහභාගීත්වය වැඩි කරයි," යනුවෙන් ඔහු පැවසීය.
2021 දී ලාභ නොලබන සංවිධානයක් වන The Parenthood විසින් නිකුත් කරන ලද වාර්තාවක ප්‍රධාන නිර්දේශ හතර අතර, ඔස්ට්‍රේලියාවේ සියලුම පවුල් සඳහා නොමිලේ සහ උසස් තත්ත්වයේ මුල් ළමාවිය අධ්‍යාපනය සහ Childcare ලබා දිය යුතු බවට ඉල්ලීමක් විය.

Childcare සඳහා වඩා හොඳ ප්‍රවේශයක් ලබා දීම ළමා සංවර්ධනය වැඩි දියුණු කරන අතර කාන්තා ශ්‍රම බලකායේ සහභාගීත්වය සහ ඵලදායිතාව ඉහළ නංවන බවත් ආදායම් ලැබීමේදී ස්ත්‍රී පුරුෂ පරතරය අඩු කරන බවත් එම වාර්තාව පෙන්වා දී ඇත.

"ඔස්ට්‍රේලියාවට ශ්‍රම බලකායේ කාන්තා සහභාගීත්වය පිරිමින්ගේ සහභාගීත්වය දක්වා ඉහළ නැංවිය හැකි නම්, එය 2050 වන විට දළ දේශීය නිෂ්පාදිතය 8.7% කින් හෝ ඩොලර් බිලියන 353කින් ඉහළ නංවනු ඇත" යනුවෙන් ද එම වාර්තාව පවසා තිබේ.

Share

Published

By Aleisha Orr, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service