Highlights
- නොවැම්බර් 08 සිට ඔස්ට්‍රේලියානුවාසීන්ට බූස්ටර් කොවිඩ් එන්නත ලබාගත හැකි බව අගමැති මොරිසන් කියයි.
- ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය පැතිරීම ආරම්භයේ පටන් වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වූ ඉහළම කොවිඩ් මරණ සංඛ්‍යාව ගතවූ පැය 24 න්.
- අනිවාර්ය කොවිඩ් එන්නත්කරණය හේතුවෙන් ක්වීන්ස්ලන්තයේ පොලිස් නිලධාරීන් 150 ක පමණ පිරිසක් සේවයෙන් පහ කරයි.
වික්ටෝරියා ප්‍රාන්තය
ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 1,923 ක් හමුවී ඇඇති අතර කොවිඩ් මරණ 25 ක් ද සිදුවී තිබේ.
ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය පැතිරීම ආරම්භයේ පටන් වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වූ ඉහළම කොවිඩ් මරණ සංඛ්‍යාව ලෙස එය සටහන් වේ.
කොවිඩ් වයිරසය නිසා මිය ගිය පුද්ගලයින් වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වල උදවියට ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison සිය සංවේගය පළ කළේය.
මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ බොහෝ කොවිඩ් නීති හෙට පස්වරු 6 සිට ලිහිල් කෙරේ.
තවද කොවිඩ් එන්නතෙන් නිදහස් වීමට හිමිකම් කියන පුද්ගලයින් දැන් තමන්ගේ ඔස්ට්‍රේලියානු ප්‍රතිශක්තිකරණ ලේඛනයේ පිටපතක් සාක්ෂියක් ලෙස ඉදිරිපත් කළ යුතු බව වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 293 ක් හමුවී තිබෙන අතර කොවිඩ් මරණ 2 ක්ද වාර්තා වේ.
මේ අතර Darlinghurst හි පිහිටි City Gym කායවර්ධන මධ්‍යස්ථානය ආශ්‍රිතව කොවිඩ් ආසාදිතයින් 15 දෙනෙකු සිටින බව තහවුරු වී තිබේ.
ඒ අනුව ඔක්තෝබර් 18 සිට 23 දක්වා හෝ ඔක්තෝබර් 25 දින එම කායවර්ධන මධ්‍යස්ථානයට ගිය පිරිස් වෙතොත් ඔවුන් වහාම කොවිඩ් පරීක්ෂණයක් සිදුකර ඍණාත්මක ප්‍රතිඵල පැමිණෙන තෙක් හුදකලා විය යුතුය.
තවද හෙට සිට යම් පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතයෙකු නිරාවරණය වූ ස්ථානයකට ඇතුළු වුවහොත් Service NSW app එක හරහා ඒ පිළිබඳ දැනුම් දීම ආරම්භ කරන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පාරිභෝගික සේවා ඇමති Victor Dominello පැවසීය.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන සොයා ගැනීමට මෙතනින් පිවිසෙන්න.
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය
ඔක්තෝබර් 4 ට පෙර කොවිඩ් එන්නත ලබාගැනීමට අපොහොසත් වූ ක්වීන්ස්ලන්ත පොලිස් නිලධාරීන් 150 කගේ පමණ වැඩ තහනම් කර තිබේ.
මේ අතර ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කිසිදු කොවිඩ් ආසාදිතයෙකු වාර්තා නොවේ.
පසුගිය පැය 24 තුළ ඔස්ට්‍රේලියාව වටා වාර්තා වූ කොවිඩ් තතු
- ප්‍රාථමික, ද්විතීයික හෝ බූස්ටර් මාත්‍රා ලෙස ඔස්ට්‍රේලියාව පුරා සියලුම ඔසුසල්වලින් Pfizer එන්නත නොවැම්බර් 8 දා සිට ලබා ගත හැකිය.
- ගතවූ පැය 24 තුළ ACT හි නව ආසාදිතයින් 8 ක් වාර්තා වේ.
- ඔස්ට්‍රේලියානුවාසීන්ගෙන් හතරෙන් තුනක් මේ වන විට පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලබා ඇති බව ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison පවසයි.
ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.
- නිව් සවුත් වේල්ස් ගමනාගමන හා ප්‍රවාහන සහ නිරෝධායන කටයුතු
- වික්ටෝරියා අවසර පත්‍ර , විදෙස් සංචාරකයින් සහ නිරෝධායන කටයුතු
- ACT ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- NT ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- ක්වීන්ස්ලන්තය ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- දකුණු ඔස්ට්‍රේලියාව ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- ටස්මේනියා ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- බටහිර ඔස්ට්‍රේලියාව ගමනාගමන සහ නිරෝධායන කටයුතු
ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, Victoria, Queensland, Western Australia, South Australia, Northern Territory, ACT, Tasmania.
පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:
එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න
- නිව් සවුත් වේල්ස්
- වික්ටෝරියා
- ක්වීන්ස්ලන්තය
- දකුණු ඔස්ට්‍රේලියාව
- ACT
- බටහිර ඔස්ට්‍රේලියාව
- ටස්මේනියා
- නොදර්න් ටෙරිටරිය