COVID 19 update 17 August: වැඩියෙන් කොවිඩ් පරීක්ෂණ සහ එන්නත් ලබාගැනීම සිදුකරන ලෙසට ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත බලධාරීහු ජනතාවගෙන් ඉල්ලති

2021 අගෝස්තු 17 වනදා ඔස්ට්‍රේලියාවේ කොරෝනා වයිරස තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Jeshi la Ulinzi la Australia

Maafisa wa jeshi la Australia, wawasaidia watu walio enda kupokea chanjo katika kituo cha chanjo cha Qudos Bank Arena, NSW. Source: AAP Image/Bianca De March

Highlights

  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තා වූ ආසදිතයින්ගෙන් බහුතරයක් වයස අවුරුදු 40 ට අඩු පිරිස්.
  • වැඩි පිරිසකට කොරෝනා පරීක්ෂාවන් කරගන්නැයි වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති ඉල්ලයි.
  • ACT හි නව ආසාදිතයින් 17 ක්.
  • Northern Territory වලින් කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොරෝනා ආසාදිතයින් 452 ක් හමුවී තිබේ.

ඒ අතරින් අවම වශයෙන් ආසාදිතයින් 50 ක් පමණ වයිරසය ශරීරගතව තිබියදී ප්‍රජාව තුළ සිටි බවට විශ්වාස කෙරේ.

වාර්තා වූ නව ආසාදිතයින්ගෙන් 75% ක් පමණ වයස අවුරුදු 40 ට අඩු පුද්ගලයින් බව සඳහන්.

ඊට අමතරව එක් කොරෝනා මරණයක් වාර්තා වූ අතර එම පුද්ගලයා කොවිඩ් එන්නත ලබානොගත් 70 වන වියෙහි පසුවූ කාන්තාවක් බව පැවසේ.

අපජල පරීක්‍ෂණයේදී කොවිඩ් වයිරසයේ කොටස් හමු වූ බැවින් Lennox Head ප්‍රදේශයේ පදිංචිකරුවන්ගෙන් කොවිඩ් පරීක්ෂාවන් සිදුකරගන්නා ලෙස නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය බලධාරීහු ඉල්ලා සිටිති.

මේ අතර වයස අවුරුදු 70 ට වැඩි පුද්ගලයින්ට කොවිඩ් එන්නත ලබාගන්නා ලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian විශේෂ ඉල්ලීමක් කර තිබේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

වික්ටෝරියා ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 24 ක් හමුවී තිබේ.

ඒ සියලු ආසාදිතයින්ගෙන් තිදෙනෙකු දැනට හඳුනාගෙන ඇති කොරෝනා පොකුරු වලට සම්බන්ධ නොවන බව හෙළිවී ඇත.

එමෙන්ම අදාළ ආසාදිතයින් 24 දෙනාගෙන් 10 දෙනෙකු වයිරසය ශරීරගත වී තිබියදී ප්‍රජාව තුළ සිටි බවද වාර්තා වේ.

වැඩිපුර කොවිඩ් පරීක්ෂාවන් සිදුකරගන්නා ලෙස විශේෂයෙන් Port Phillip සහ Bayside ඇතුළු St Kilda කලාපයේ උප නගර වල වැසියන්ගෙන් මෙන්ම අනෙකුත් මෙල්බර්න් වැසියන්ගෙන් වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews ඉල්ලා සිටියි.

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් පරීක්ෂාවන් සිදුකරගත හැකි ස්ථාන මෙතනින්.

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.


ACT, NT සහ ක්වීන්ස්ලන්තයේ නවතම තොරතුරු

  • ACT හි නව ආසාදිතයින් 17 ක් වාර්තා වේ. ඒ අනුව එහි සක්‍රිය ආසාදිතයින් ගණන 45 දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන විට ACT හි ආසාදිතයින් ආ ගිය ස්ථාන ලැයිස්තුව 100 කට ආසන්න වී ඇත.
  • Northern Territory වලින් කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවේ. ගතවූ පැය 24 තුළ එහි කොවිඩ් පරීක්ෂණ 1,846 ක් සිදුකර තිබේ.
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් එක් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී ඇති අතර එම පුද්ගලයා ද නිවසේ ස්වයං නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකි.
alc covid mental health
Source: ALC

Share

Published

Updated

By SBS/ALC Content, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service