COVID 19 update 03 June: නව ප්‍රභේදවලින් NSW ප්‍රාන්තයේ ආසාදන ඉහළ යයි

2022 ජුනි 03 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

People wearing face masks walk in the Melbourne CBD, Thursday, July 15, 2021. Victoria has reported two new locally acquired COVID-19 cases, on top of the 10 reported in Thursday's official figures. (AAP Image/Luis Ascui) NO ARCHIVING

People wearing face masks walk in the Melbourne CBD Source: AAP Image/Luis Ascui

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 44 ක් වාර්තා වී ඇති අතර වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 22 ක්ද, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් 11 ක්ද සහ ක්වීන්ස්ලන්තයෙන් කොවිඩ් මරණය 06 ක්ද ඊට ඇතුලත්වේ. බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් පෙර සිදුවූ කොවිඩ් මරණ 06 ක් වාර්තා විය.

Omicron හි BA.2 උප ප්‍රභේදය ප්‍රාන්තයේ බොහෝ නව ආසාදන සඳහා වගකිව යුතු බව NSW Health පැවසුවේය.

කෙසේ වෙතත්, BA.4 සහ BA.5 ලෙස හඳුනාගෙන ඇති නිදර්ශකවල අනුපාතය මෑත සතිවල වැඩි වී ඇති අතර, BA.5, BA.4 ට වඩා වැඩි වේ.

මේ අතර NSW ප්‍රාන්තයෙන් යුරෝපයේ සිට ආපසු පැමිණි සංචාරකයෙකු තුළ monkeypox රෝගය හඳුනාගෙන ඇති අතර අදාළ පුද්ගලයා monkeypox  තුන්වන ආසදිතයා ලෙස වාර්තා වේ.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.
ජුනි 6 සිට සති හතරක් සඳහා ටස්මේනියා ප්‍රාන්තය තම වැසියන්ට නොමිලේ flu එන්නත් ලබා දෙනු ඇත.

මේ නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්තය, වික්ටෝරියා, බටහිර ඔස්ට්‍රේලියා සහ දකුණු ඔස්ට්‍රේලියා යන ප්‍රාන්ත තම වැසියන්ට නොමිලේ flu එන්නත් ලබා දීම අරඹා තිබේ.

COVID ආශ්‍රිත වංචාවන් පිළිබඳව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අනතුරු අඟවා තිබේ.

කොරෝනා වයිරසය ආශ්‍රිත වංචා පැමිණිලි 6,415 කට වැඩි ප්‍රමාණයක් සහ වසංගතය ආරම්භ වූ දා සිට වාර්තා වූ පාඩුව ඩොලර් මිලියනයකට ආසන්න ප්‍රමාණයක් බව Scamwatch වාර්තා කරයි.

පැමිණිලි සහ උපකාර සඳහා ඔස්ට්‍රේලියානුවාසීන්ට Scamwatch වෙබ් අඩවිය වෙත මෙතනින් පිවිසිය හැක.

Share

Published

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service