Highlights
- NSW ප්‍රාන්තයේ Byron, Kempsey සහ Tweed කලාප යළි lockdown කෙරේ.
- වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වන විට සිටින සක්‍රිය කොවිඩ් ආසාදිතයින් 6,000 ක් සිටී.
- මානසික සෞඛ්‍ය සේවා සඳහා ACT රජය අමතර මුල්‍ය ප්‍රතිපාදන ලබාදෙන බවට නිවේදනය කරයි.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 1,022 ක් හමුවී තිබේ.
ඊට අමතරව කොවිඩ් මරණ 10 ක්ද වාර්තා වේ.
මේ වනවිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගැනීමට සුදුසු ජනගනයෙන් 53% ක් එන්නතේ මාත්‍රා දෙකම ලබාගෙන ඇති බව වාර්තා වේ.
මේ අතර අද පස්වරු 5 සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Byron Shire, Kempsey සහ Tweed නගර සභා කලාප 7 දින කට යළි lockdown කෙරේ.
සිඩ්නි නුවර සිට කොවිඩ් ආසාදිතයෙකු නිව් සවුත් වේල්ස් උතුරු වෙරළ තීරයේ ප්‍රජාවන් කිහිපයක් වෙත පැමිණීම ඊට හේතුව වේ.
තවද අද සිට වයස අවුරුදු 18 ට අඩු ළමුන් තිදෙනෙකුගේ කණ්ඩායමකට තම නිවසේ සිට කිලෝ මීටර් 5 ක් ඇතුළත එකම නගර සභා කලාපයක පිහිටි ඔවුන්ගේ නිවෙස්වලට එකිනෙකාට යාමට අවසර ලැබේ.
මෙය "friends bubble" හෙවත් "මිතුරු බුබුලක්" ලෙස හඳුන්වන අතර එසේ කිරීමට ඉඩ ඇත්තේ ඒ ළමුන් තිදෙනාගේම නිවෙස්වල වැඩිහිටියන් කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබා ඇත්නම් පමණි.
මේ අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ lockdown නීති නිසා ආර්ථික පීඩාවට පත්ව සිටින තාවකාලික වීසා ලාභීන්ට සහ වීසා නොමැති පුද්ගලයින්ට ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානයෙන් එකවරක් පමණක් ලබා දෙන ආර්ථික සහන දීමනාවක් ලබාදේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන සොයා ගැනීමට මෙතනින් පිවිසෙන්න.
වික්ටෝරියා ප්‍රාන්තය
ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 603 ක් හමුවී ඇති අතර එක් කොවිඩ් මරණයක් වාර්තා වේ.
මේ අතර ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයින් ගණනාවක් කොවිඩ් ආසාදිතයින් වීම හේතුවෙන් මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපය, Geelong, Surf Coast, Ballarat සහ Mitchell Shire යන කලාපවල ඉදිකිරීම් කර්මාන්තය සති දෙකක් සඳහා වසා දමා ඇත.
ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ කොවිඩ් ආසාදිතයින් ගණන මේ වන විට 403 ක් වන අතර ඔවුන් ඉදිකිරීම් වැඩබිම් 186 කට සම්බන්ධ බව සඳහන්.
මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයට Moderna එන්නත් මාත්‍රා 300,000 කට වඩා ලබා ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සැරසේ.
වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.
Australian Capital Territory
ගතවූ පැය 24 තුළ ACT හි නව ආසාදිතයින් 16 ක් වාර්තා වේ.
මේ අතර ACT සඳහා මානසික සෞඛ්‍ය, මධ්‍යසාර සහ වෙනත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් ඉවත් කරනා සේවාවන් සඳහා ආධාර කිරීමට ඩොලර් මිලියන 14 ක අතිරේක අරමුදල් ලබා දෙන බව ACT හි ප්‍රධාන අමාත්‍ය Andrew Barr පැවසීය.
ACT හි කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.
ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.

Domestic infographic Source: SBS
- නිව් සවුත් වේල්ස් ගමනාගමන හා ප්‍රවාහන සහ නිරෝධායන කටයුතු
- වික්ටෝරියා අවසර පත්‍ර , විදෙස් සංචාරකයින් සහ නිරෝධායන කටයුතු
- ACT ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- NT ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- ක්වීන්ස්ලන්තය ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- දකුණු ඔස්ට්‍රේලියාව ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- ටස්මේනියා ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- බටහිර ඔස්ට්‍රේලියාව ගමනාගමන සහ නිරෝධායන කටයුතු
ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, Victoria, Queensland, Western Australia, South Australia, Northern Territory, ACT, Tasmania.
පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:
එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න
- නිව් සවුත් වේල්ස්
- වික්ටෝරියා
- ක්වීන්ස්ලන්තය
- දකුණු ඔස්ට්‍රේලියාව
- ACT
- බටහිර ඔස්ට්‍රේලියාව
- ටස්මේනියා
- නොදර්න් ටෙරිටරිය