Highlights
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ දැඩි සත්කාර ඒකකයේ සිටින රෝගීන්ගෙන් බහුතරයක් කොවිඩ් එන්නත ලබා නොගත් අය බව සඳහන්.
- වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වූ අලුත්ම ආසාදිතයින් වයිරසය ශරීරගතව තිබියදී ප්‍රජාව තුළ සිටි බව සඳහන්.
- ක්වීන්ස්ලන්තයේ එන්නත්කරණ වැඩසටහනට ඔසුසැල් 300 කට අධික ප්‍රමාණයක් සම්බන්ධ වේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොරෝනා ආසාදිතයින් 291 ක් හමුවී තිබේ.
ඔවුන්ගෙන් අවම වශයෙන් 48 ක් පමණ වයිරසය ආසාදනය වී තිබියදී ප්‍රජාව තුළ සිටි බවට විශ්වාස කෙරේ.
ඊට අමතරව එක් කොරෝනා මරණයක් ද වාර්තා වේ.
නිරිතදිග සිඩ්නි කලාපයේ වාසය කළ 60 වන වියෙහි පසුවූ කොවිඩ් එන්නත ලබා නොගත් කාන්තාවක් එලෙස මිය ගොස් තිබේ.
වාර්තා වූ ආසාදිතයින්ගෙන් බහුලව වාර්තා වී ඇත්තේ Canterbury-Bankstown කලාපයේ බැවින් එම කලාපයේ මහජන සෞඛ්‍ය නීති තහවුරු කිරීමට විශාල පොලිස් රැකවරණයක් යෙදවූ බව ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පැවසුවාය.
මේ අතර දැඩි සත්කාර ඒකකයේ සිටින පුද්ගලයින් 50 දෙනාගෙන් 44 දෙනෙකු කොවිඩ් එන්නත් ලබා නොගත් පුද්ගලයින් වන අතර සෙසු පිරිස ඔවුන්ගේ පළමු මාත්‍රාව ලබා ගෙන ඇති බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය Kerry Chant පැවසුවාය.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
වික්ටෝරියා ප්‍රාන්තය
ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 6 ක් හමුවී තිබේ.
ඒ සියලු ආසාදිතයින් වයිරසය ශරීරගතව තිබියදී ප්‍රජාව තුළ සිටි බව සඳහන්.
මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා දාම දෙකක් නම් කර ඇති අතර ඒවා Hobsons Bay සහ Maribyrnong නමින් හැඳින්වේ.
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය
ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 10 ක් හමුවී තිබෙන අතර ඒ සියලු ආසාදිතයින් දැනට හඳුනාගෙන ඇති කොරෝනා පොකුරට සම්බන්ධ බවට වාර්තා වේ.
මේ අතර ක්වීන්ස්ලන්තයේ ඔසුසැල් 330 කට අධික ප්‍රමාණයක් හරහා දැන් කොවිඩ් එන්නත ලබාදීම ආරම්භ කර තිබේ.
ගිනිකොණ දිග ක්වීන්ස්ලන්තයේ lockdown කිරීම අගෝස්තු 8 දායින් අවසන් වේදැයි පැවසීමට තවමත් කල් වැඩියැයි ක්වීන්ස්ලන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය Jeanette Young පැවසුවාය.
නිරෝධායනය, සංචාරක, පරීක්ෂණ සායන සහ වසංගත ආපදා ගෙවීම්
ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.
- නිව් සවුත් වේල්ස් ගමනාගමන හා ප්‍රවාහන සහ නිරෝධායන කටයුතු
- වික්ටෝරියා අවසර පත්‍ර , විදෙස් සංචාරකයින් සහ නිරෝධායන කටයුතු
- ACT ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- NT ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- ක්වීන්ස්ලන්තය ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- දකුණු ඔස්ට්‍රේලියාව ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- ටස්මේනියා ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- බටහිර ඔස්ට්‍රේලියාව ගමනාගමන සහ නිරෝධායන කටයුතු
ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, Victoria, Queensland, Western Australia, South Australia, Northern Territory, ACT, Tasmania.
පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:
එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න
- නිව් සවුත් වේල්ස්
- වික්ටෝරියා
- ක්වීන්ස්ලන්තය
- දකුණු ඔස්ට්‍රේලියාව
- ACT
- බටහිර ඔස්ට්‍රේලියාව
- ටස්මේනියා
- නොදර්න් ටෙරිටරිය
එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න
- නිව් සවුත් වේල්ස්
- වික්ටෝරියා
- ක්වීන්ස්ලන්තය
- දකුණු ඔස්ට්‍රේලියාව
- ACT
- බටහිර ඔස්ට්‍රේලියාව
- ටස්මේනියා
- නොදර්න් ටෙරිටරිය