Highlights
- දෛනික කොරෝනා ආසාදිතයින් ඉහළ යාමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පවුල් ඒකරාශී වීම ප්‍රධාන සාධකයකි.
- වික්ටෝරියා ප්‍රාන්තයේ lockdown නීති හා සීමාවන් ලිහිල් කිරීම පිළිබඳ තවමත් අවසන් තීරණයක් ගෙන නොමැත.
- දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය සිය lockdown කාලය අවසන් කරන බවට තහවුරු කරයි.
- සිඩ්නි නුවර සිට කොරෝනා ආසාදිතයෙකු පැමිණීම හේතුවෙන් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය දැඩි විමසිල්ලෙන් සිටියි.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොරෝනා ආසාදිතයින් 145 ක් හමුවී තිබේ.
මේ අතර Fairfield ප්‍රදේශයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව අඩුවී තිබේ.
lockdown කාලයේ සිඩ්නි නුවර යම් පුද්ගලයෙකු විරෝධතාවලට සහභාගී වනවානම් එම පුද්ගලයාව අත්අඩංගුවට ගන්නා බවට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පොලිස් කොමසාරිස් Mick Fuller අනතුරු අඟවා ඇත.
ඉදිරි දිනවලදී, දේශීය ඔසුසැල්වලට (pharmacies) වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් හට AstraZeneca එන්නත ලබා දීමට හැකි වනු ඇති බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී Kerry Chant පැවසුවාය.
Pfizer එන්නත් හිඟයක් පවතින බවද අවධාරණය කළ ඇය සියලුම වැසියන්ගෙන් කොවිඩ් එන්නත ලබාගන්නා ලෙස ඉල්ලා සිටියාය.
වික්ටෝරියා ප්‍රාන්තය
ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොරෝනා ආසාදිතයින් 11 ක් හමුවී තිබේ.
එම සියලු ආසාදිතයින් ස්වයං නිරෝධායනය වෙමින් සිටින බව වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ සමග මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 190 දක්වා ඉහළ නැග ඇත.
වික්ටෝරියානු ප්‍රාන්තයට දැනට පනවා ඇති lockdown තත්ත්වය හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිත නමුත් lockdown නීති හා සීමාවන් ලිහිල් කිරීම පිළිබඳ තවමත් අවසන් තීරණයක් ගෙන නොමැත.
පසුගිය පැය 24දී ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වී ඇති තොරතුරු:
- ගිනිකොනදිග ක්වීන්ස්ලන්තය පුරා අනිවාර්යෙන් මුහුණු ආවරණ පැළදීමේ නීතිය ක්‍රියාත්මක වේ. ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයින් ආ ගිය ස්ථාන ලැයිස්තුව මෙතනින් ලබාගන්න.
- දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය සිය lockdown කාලය ජූලි 28 දා බදාදා අලුයම 12:01 න් අවසන් කිරීමට සූදානම් වන නමුත් ඇතැම් කොරෝනා නීති තවදුරටත් බලාත්මක කරනු ඇත.
- ඔස්ට්‍රේලියානු මධ්‍යම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුව මේ වන විට ඔස්ට්‍රේලියාවේ සක්‍රීය COVID-19 රෝගීන් 2117 ක් සිටිති.
COVID-19 මිත්‍යාවක්
COVID-19 වයිරසය මගින් නිරෝගී යෞවනයන්ට බලපෑමක් නැත. එය මහලු හෝ රෝගී පුද්ගලයන්ට පමණක් හානි කරයි.
සත්‍ය කරුණ නම්:
COVID-19 වයිරසය වයස්ගත පුද්ගලයින්ට සහ රෝගාබාධ පවතින පුද්ගලයින්ට බෙහෙවින් බලපායි.
නිරෝධායනය, සංචාරක, පරීක්ෂණ සායන සහ වසංගත ආපදා ගෙවීම්
ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.
- නිව් සවුත් වේල්ස් ගමනාගමන හා ප්‍රවාහන සහ නිරෝධායන කටයුතු
- වික්ටෝරියා අවසර පත්‍ර , විදෙස් සංචාරකයින් සහ නිරෝධායන කටයුතු
- ACT ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- NT ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- ක්වීන්ස්ලන්තය ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- දකුණු ඔස්ට්‍රේලියාව ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- ටස්මේනියා ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- බටහිර ඔස්ට්‍රේලියාව ගමනාගමන සහ නිරෝධායන කටයුතු
ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, Victoria, Queensland, Western Australia, South Australia, Northern Territory, ACT, Tasmania.
පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:
එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න
- නිව් සවුත් වේල්ස්
- වික්ටෝරියා
- ක්වීන්ස්ලන්තය
- දකුණු ඔස්ට්‍රේලියාව
- ACT
- බටහිර ඔස්ට්‍රේලියාව
- ටස්මේනියා
- නොදර්න් ටෙරිටරිය
එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න