COVID 19 update 02 August: ක්වීන්ස්ලන්තයේ lockdown එක තවත් දීර්ග කෙරුණු අතරේ NSW ප්‍රාන්තයෙන් තවත් ආසාදිතයින් 207 ක්

2021 අගෝස්තු 02 වනදා ඔස්ට්‍රේලියාවේ කොරෝනා වයිරස තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

NSW records 207 new cases while Queensland extends its lockdown

NSW records 207 new cases while Queensland extends its lockdown Source: AAP

Highlights

  • තවමත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් දිනකට විශාල ප්‍රමාණයක ආසාදිතයින් හමුවෙයි.
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයින්ගෙන් බහුතරයක් ළමයින් බව සඳහන්.
  • වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක්.
  • දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය ඇතැම් කොරෝනා නීති ලිහිල් කරයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොරෝනා ආසාදිතයින් 207 ක් හමුවී තිබේ.

ඔවුන්ගෙන් අවම වශයෙන් 50 ක් පමණ වයිරසය ආසාදනය වී තිබියදී ප්‍රජාව තුළ සිටි බවට විශ්වාස කෙරේ.

ඊට අමතරව වයස අවුරුදු 90 පසුවූ පිරිමි පුද්ගලයෙකු AstraZeneca එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබා තිබියදී Liverpool රෝහලේදී කොරෝනා වයිරසය නිසා මියගොස් තිබේ.

මේ අතර නගර සභා කලාප 8 ක ආහාර පාර්සල් බෙදාහැරීම, කොරෝනා නීති නිසි පරිදි ජනතාව විසින් ක්‍රියාත්මක කරනවාද යන්න පරීක්ෂා කිරීම වැනි කටයුතු සඳහා ඔස්ට්‍රේලියානු ආරක්ෂක බලකායේ 300 ක් පමණ භටයින් නිව් සවුත් වේල්ස් පොලීසියට අද සිට සහය ලබාදීම ආරම්භ කර ඇත.

එම හමුදාව භටයින් සන්නද්ධ නොවී එම ක්‍රියාවල නිරතවන බව සඳහන්.

මේ අතර ඉදිරියට පැමිණ කොවිඩ් එන්නත ලබාගන්නා ලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian සිය ප්‍රාන්ත වැසියන්ගෙන් ඉල්ලා සිටියි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 13 ක් හමුවී තිබෙන අතර ඉන් බහුතරයක් වයස අවුරුදු 10 ට අඩු ළමුන් බව සඳහන්.

එම සියලුම ආසාදිතයින් දැනට හඳුනාගෙන ඇති කොරෝනා පොකුරට සම්බන්ධ අතර දැනට ප්‍රාන්තයේ සක්‍රිය ආසාදිතයින් සංඛ්‍යාව 31 ක් බවට පත්වී තිබේ.

lockdown නීති හේතුවෙන් අපහසුතාවට පත් සුළු හා මධ්‍යම පරිමාන ව්‍යාපාර ඇතුළු ක්වීන්ස්ලන්ත ව්‍යාපාර වලට උපකාර පිණිස ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය ඩොලර් මිලියන 260 ක් වෙන් කළ බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජයේ භාණ්ඩාගාර අමාත්‍ය Cameron Dick පැවසීය.

මේ අතර ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ගිනිකොන දිග කලාපයට දැනට පනවා ඇති lockdown කාලය අගෝස්තු 8 වනදා දක්වා දීර්ග කර ඇත.

එය Brisbane, Gold Coast, Ipswich, Lockyer Valley, Logan, Moreton Bay, Noosa, Redland, Scenic Rim, Somerset සහ Sunshine Coast ප්‍රදේශ වලට බලාත්මක වේ.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයින් ආ ගිය ස්ථාන ලැයිස්තුව මෙතනින්.


පසුගිය පැය 24දී ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වී ඇති තොරතුරු:

  • ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හමුවී ඇති අතර එම ආසාදිතයින් දෙදෙනාම දැනට හඳුනාගෙන ඇති කොරෝනා පොකුරට සම්බන්ධ බවත් ඔවුන්ට වයිරසය ආසාදනය වන විට ඔවුන් නිරෝධායනය වෙමින් සිටි බවත් වාර්තා වේ.
  • මුව ආවරණ පැළඳීම තවමත් දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ අනිවාර්ය වන නමුත් කොන්දේසි මත නරඹන්නන් සංඛ්‍යාව තීරණය කරමින් ක්‍රීඩා තරග නැවත පැවැත්වීමට ඉඩ ලබා දී තිබේ.

නිරෝධායනය, සංචාරක, පරීක්ෂණ සායන සහ වසංගත ආපදා ගෙවීම්

ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.

ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.

වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.


භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  
ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:
COVID-19 Vaccination Glossary
Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


Share

Published

By Madhura Seneviratne
Presented by SBS/ALC Content
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service