Highlights
- අනුමැතිය ලැබුණු පසුව ඔස්ට්‍රේලියාවේ දෙවැනි කොවිඩ් එන්නත් මාත්‍රාව ලබා හය මසකින් පසුව බූස්ටර් එන්නත ලබාගත හැකිය.
- ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ගේ කොවිඩ් එන්නත්කරණ අනුපාතය ඉහළ නැංවීම සඳහා වික්ටෝරියා ප්‍රාන්තය අලුත් උත්සාහයක.
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සියලු වසරවල සිසුන්ට අද සිට පාසල් යළි විවෘත කෙරේ.
වික්ටෝරියා ප්‍රාන්තය
ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,461 ක් සමග කොවිඩ් මරණ 7 ක් වාර්තා වේ.
එම මරණ අතර 20 වන වියෙහි පසුවූ කාන්තාවක්ද ඇතුළත් බව සඳහන්.
මේ අතර ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ගේ කොවිඩ් එන්නත්කරණ අනුපාතය ඉහළ නැංවීම සඳහා ඒ පිළිබඳ දැනුවත් කිරීමේ නව වැඩසටහනක් පිළිබඳ වික්ටෝරියා ප්‍රාන්ත රජයේ සෞඛ්‍ය ඇමති Martin Foley අද නිවේදනය කළේය.
ඒ අනුව කොවිඩ් එන්නත්කරණ අනුපාතය පහළ මට්ටමක ඇති ප්‍රජාවන් ඇති ප්‍රදේශවල තාවකාලික කොවිඩ් එන්නත්කරණ මධ්‍යස්ථාන පිහිටුවීමට ප්‍රාන්ත රජය පියවර ගැනීමට නියමිතය.
වික්ටෝරියා ප්‍රාන්තයේ වෙසෙන වයස අවුරුදු 12 ට වැඩි ඇබෝර්ජීනියානු ප්‍රජාවෙන් 80% කට ආසන්න පිරිසක් මේ වන විට කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා ඇති බවද වාර්තා වේ.
වික්ටෝරියා ප්‍රාන්තයේ වයස අවුරුදු 12 ට වැඩි සමස්ත ජනගහනයෙන් කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා ඇති පිරිස 90% කට අධික බවද සඳහන්.
මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් නීති එළඹෙන සිකුරාදා පස්වරු 6 සිට තවත් ලිහිල් කරන බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews ඊයේ ප්‍රකාශ කළේය.
ඒ අනුව ඔක්තෝබර් 29 වන දින පස්වරු 6 න් පසුව වික්ටෝරියා ප්‍රාන්ත වැසියන්ට ප්‍රාදේශීය කලාපවල සහ මෙල්බර්න් මෙට්‍රොපොලිටන් යන ඕනෑම ස්ථානයක තහනමකින් තොරව සංචාරය කළ හැකිය.
වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 294 ක් හමුවී තිබේ.
ඊට අමතරව කොවිඩ් මරණ 4 ක්ද වාර්තා වේ.
අද සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සියලුම වසරවල පාසල් සිසුන්ට යළි පාසල් ආරම්භ විය.
නමුත් පූර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක්වූ ගුරුවරුන් පමණක් පාසල් වෙත වාර්තා කළ යුතු නිසා සම්පුර්ණ ගුරු පිරිසට පාසල් වෙත යාමට අද අවස්ථාව නොලැබුණි.
මේ වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ගුරුවරුන්ගෙන් 95% ක පිරිසක් කොවිඩ් එන්නත ලබා ඇති බවත් එය ඉතාම විශේෂ කැප කිරීමක් බවත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති Dominic Perrottet පැවසීය.
මේ අතර පසුගිය අගෝස්තු මාසයේදී Greater Sydney ප්‍රදේශයේ රජයේ සහ පුද්ගලික රෝහල්වල අහෝසි කළ හදිසි නොවන elective සැත්කම් යළි ආරම්භ කෙරේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන සොයා ගැනීමට මෙතනින් පිවිසෙන්න.
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය
ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කිසිදු කොවිඩ් ආසාදිතයෙකු වාර්තා නොවෙයි.
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.
පසුගිය පැය 24දී ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වී ඇති කොවිඩ් තොරතුරු:
- ගතවූ පැය 24 තුළ ACT හි නව ආසාදිතයින් 9 ක් වාර්තා වේ.
- හෙට සිට දින 14 ක් නිවසේ නිරෝධායනය වීමේ නියමු වැඩසටහනක් සති 4 ක් පුරාවට ක්‍රියාත්මක කිරීමට Northern Territory සූදානම් වේ.
- ප්‍රතිශක්තීකරණය පිළිබඳ ඔස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායමේ අනුමැතිය හිමිවූ පසු දෙවැනි කොවිඩ් එන්නත් මාත්‍රාව ලබා හය මසකින් පසුව ඔස්ට්‍රේලියානුවාසීන්ට බූස්ටර් එන්නත ලබාගත හැකි බව ඔස්ට්‍රේලියාවේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහනේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් John Frewen පැවසීය.
ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.
- නිව් සවුත් වේල්ස් ගමනාගමන හා ප්‍රවාහන සහ නිරෝධායන කටයුතු
- වික්ටෝරියා අවසර පත්‍ර , විදෙස් සංචාරකයින් සහ නිරෝධායන කටයුතු
- ACT ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- NT ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- ක්වීන්ස්ලන්තය ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- දකුණු ඔස්ට්‍රේලියාව ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- ටස්මේනියා ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- බටහිර ඔස්ට්‍රේලියාව ගමනාගමන සහ නිරෝධායන කටයුතු
ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, Victoria, Queensland, Western Australia, South Australia, Northern Territory, ACT, Tasmania.
පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:
එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න
- නිව් සවුත් වේල්ස්
- වික්ටෝරියා
- ක්වීන්ස්ලන්තය
- දකුණු ඔස්ට්‍රේලියාව
- ACT
- බටහිර ඔස්ට්‍රේලියාව
- ටස්මේනියා
- නොදර්න් ටෙරිටරිය
එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න
- නිව් සවුත් වේල්ස්
- වික්ටෝරියා
- ක්වීන්ස්ලන්තය
- දකුණු ඔස්ට්‍රේලියාව
- ACT
- බටහිර ඔස්ට්‍රේලියාව
- ටස්මේනියා
- නොදර්න් ටෙරිටරිය
ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ගේ කොවිඩ් එන්නත්කරණ අනුපාතය ඉහළ නැංවීම සඳහා වික්ටෝරියා ප්‍රාන්තය අලුත් උත්සාහයක.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සියලු වසරවල සිසුන්ට අද සිට පාසල් යළි විවෘත කෙරේ.
වික්ටෝරියා ප්‍රාන්තය
ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,461 ක් සමග කොවිඩ් මරණ 7 ක් වාර්තා වේ.
එම මරණ අතර 20 වන වියෙහි පසුවූ කාන්තාවක්ද ඇතුළත් බව සඳහන්.
මේ අතර ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ගේ කොවිඩ් එන්නත්කරණ අනුපාතය ඉහළ නැංවීම සඳහා ඒ පිළිබඳ දැනුවත් කිරීමේ නව වැඩසටහනක් පිළිබඳ වික්ටෝරියා ප්‍රාන්ත රජයේ සෞඛ්‍ය ඇමති Martin Foley අද නිවේදනය කළේය.
ඒ අනුව කොවිඩ් එන්නත්කරණ අනුපාතය පහළ මට්ටමක ඇති ප්‍රජාවන් ඇති ප්‍රදේශවල තාවකාලික කොවිඩ් එන්නත්කරණ මධ්‍යස්ථාන පිහිටුවීමට ප්‍රාන්ත රජය පියවර ගැනීමට නියමිතය.
වික්ටෝරියා ප්‍රාන්තයේ වෙසෙන වයස අවුරුදු 12 ට වැඩි ඇබෝර්ජීනියානු ප්‍රජාවෙන් 80% කට ආසන්න පිරිසක් මේ වන විට කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා ඇති බවද වාර්තා වේ.
වික්ටෝරියා ප්‍රාන්තයේ වයස අවුරුදු 12 ට වැඩි සමස්ත ජනගහනයෙන් කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා ඇති පිරිස 90% කට අධික බවද සඳහන්.
මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් නීති එළඹෙන සිකුරාදා පස්වරු 6 සිට තවත් ලිහිල් කරන බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews ඊයේ ප්‍රකාශ කළේය.
ඒ අනුව ඔක්තෝබර් 29 වන දින පස්වරු 6 න් පසුව වික්ටෝරියා ප්‍රාන්ත වැසියන්ට ප්‍රාදේශීය කලාපවල සහ මෙල්බර්න් මෙට්‍රොපොලිටන් යන ඕනෑම ස්ථානයක තහනමකින් තොරව සංචාරය කළ හැකිය.
වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 294 ක් හමුවී තිබේ.
ඊට අමතරව කොවිඩ් මරණ 4 ක්ද වාර්තා වේ.
අද සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සියලුම වසරවල පාසල් සිසුන්ට යළි පාසල් ආරම්භ විය.
නමුත් පූර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක්වූ ගුරුවරුන් පමණක් පාසල් වෙත වාර්තා කළ යුතු නිසා සම්පුර්ණ ගුරු පිරිසට පාසල් වෙත යාමට අද අවස්ථාව නොලැබුණි.
මේ වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ගුරුවරුන්ගෙන් 95% ක පිරිසක් කොවිඩ් එන්නත ලබා ඇති බවත් එය ඉතාම විශේෂ කැප කිරීමක් බවත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති Dominic Perrottet පැවසීය.
මේ අතර පසුගිය අගෝස්තු මාසයේදී Greater Sydney ප්‍රදේශයේ රජයේ සහ පුද්ගලික රෝහල්වල අහෝසි කළ හදිසි නොවන elective සැත්කම් යළි ආරම්භ කෙරේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන සොයා ගැනීමට මෙතනින් පිවිසෙන්න.
Australian Capital Territory
ගතවූ පැය 24 තුළ ACT හි නව ආසාදිතයින් 13 ක් වාර්තා වන අතර වයස අවුරුදු 12 හේ පසුවන ළමයින්ගෙන් 84% කට වඩා කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගෙන ඇතැයි වාර්තා වේ.
ACT හි කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය
ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කිසිදු කොවිඩ් ආසාදිතයෙකු වාර්තා නොවෙයි.
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.