COVID 19 update 15 November: පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද දේශීය සංචාරකයින්ට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත සීමා විවෘත කරයි

2021 නොවැම්බර් 15 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Queensland is opening its border to fully vaccinated domestic travellers

A Virgin Australia plane is seen on approach into Brisbane airport. Source: AAP

Highlights

  • අද (15/11) පස්වරු 5 සිට පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද පුද්ගලයින්ට ගුවන් මගින් ක්වීන්ස්ලන්තයට යාමට අවසර දෙනු ලබන අතර පිටවීමට පැය 72 කට පෙර සිදුකරගත් කොවිඩ් පරීක්ෂණයක සෘණාත්මක ප්‍රතිඵල පෙන්විය යුතු බවත් දින 14 ක් නිවසේ නිරෝධායනය විය යුතු බවත් දන්වයි. ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය ඊයේ දිනයේදී (14/11) පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද පිරිසේ 70% මට්ටමට ළඟා විය.
  • දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද පිරිසේ ප්‍රතිශතය 80% මට්ටමට ලබන සතියේදී ළඟා වීමට අපේක්ෂා කරන නිසා සිට තවදුරටත් ප්‍රාන්තය පුරා lockdown කිරීම් නොකරනු ඇත.
  • වික්ටෝරියානු ප්‍රාන්තයේ මුල් ළමාවිය සේවාවන්හි COVID-19 පැතිරීම කළමනාකරණය කිරීමට උපකාර කිරීම සඳහා මෙම සතියේ ළදරු පාසල් සහ long daycare මධ්‍යස්ථාන වෙත නොමිලේ rapid antigen පරීක්ෂණ කට්ටල බෙදා හරිනු ඇත.

COVID-19 සංඛ්‍යා දත්ත

  • ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 860 ක් සමග කොවිඩ් මරණ 5 ක් වාර්තා වේ.
  • ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 165 ක් හමුවී ඇති අතර එක් කොවිඩ් මරණයක් වාර්තා වේ.

ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.

ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.

වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.


භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  
ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:
COVID-19 Vaccination Glossary
Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


Share

Published

Updated

By SBS/ALC Content, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
COVID 19 update 15 November: පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද දේශීය සංචාරකයින්ට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත සීමා විවෘත කරයි | SBS Sinhala