Highlights
- වසංගත තත්ත්වය සඳහා වික්ටෝරියා ප්‍රාන්තය නව මහජන සෞඛ්‍ය නීති ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙයි.
- ජාත්‍යන්තර සිසුන් ගෙන්වා ගැනීම සඳහා ක්වීන්ස්ලන්තය සිය සැලසුම් නිවේදනය කරයි.
- නිරෝධායනය රහිත ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට Northern Territory සූදානම් වේ.
වික්ටෝරියා ප්‍රාන්තය
ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,510 ක් සමග කොවිඩ් මරණ 4 ක් වාර්තා වේ.
ප්‍රධාන වෛද්‍ය නිලධාරීන්ගේ සහ මහජන සෞඛ්‍ය කණ්ඩායමේ උපදෙස් සලකා බැලීමෙන් පසු වික්ටෝරියා ප්‍රාන්ත අගමැතිවරයාට වසංගත තත්ත්වයක් ප්‍රකාශ කිරීමට හැකි වනු ඇත.
මෙම නව නීති වර්තමාන සෞඛ්‍ය නීති රාමුව ප්‍රතිස්ථාපනය කරන බව වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍ය Martin Foley පැවසුවේය.
දැනට ක්‍රියාත්මක හදිසි තත්ත්වය සති හතරකට වරක් අමාත්‍යවරයා විසින් සමාලෝචනය කර දීර්ඝ කළ යුතුවේ.
මේ අතර දඩ මුදල් සඳහා නව සහන ක්‍රමයක් ද ප්‍රකාශයට පත් කෙරිණි.
ඒ අනුව ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන පුද්ගලයින්ට ඔවුන්ගේ දඩ මුදල් අඩු කර ගැනීමට ඉල්ලුම් කළ හැකිය.
මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් නීති එළඹෙන සිකුරාදා පස්වරු 6 සිට තවත් ලිහිල් කිරීමට මේ වන විට තීරණය කර ඇත.
වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 282 ක් හමුවී තිබේ.
ඊට අමතරව එක් කොවිඩ් මරණයක්ද වාර්තා වේ.
මේ වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වයස අවුරුදු 16 ට වැඩි ජනගහනයෙන් 85% ක් පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලබා ඇත.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන සොයා ගැනීමට මෙතනින් පිවිසෙන්න.
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය
ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වේ.
මේ අතර වසර 2022 වන විට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට ජාත්‍යන්තර සිසුන් ගෙන්වා ගැනීමට සැලසුම් කරන බව ප්‍රාන්ත අගමැතිනී Anastasia Palaszczuk අද නිවේදනය කළාය.
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.
පසුගිය පැය 24දී ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වී ඇති කොවිඩ් තොරතුරු:
ගතවූ පැය 24 තුළ ACT හි නව ආසාදිතයින් 12 ක් වාර්තා වේ.
ජනවාරි 18 සිට පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලැබූ සංචරකයින්ව නිරෝධයනයෙන් නිදහස් කිරීමට Northern Territory සූදානම් වේ.
ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.
- නිව් සවුත් වේල්ස් ගමනාගමන හා ප්‍රවාහන සහ නිරෝධායන කටයුතු
- වික්ටෝරියා අවසර පත්‍ර , විදෙස් සංචාරකයින් සහ නිරෝධායන කටයුතු
- ACT ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- NT ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- ක්වීන්ස්ලන්තය ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- දකුණු ඔස්ට්‍රේලියාව ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- ටස්මේනියා ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- බටහිර ඔස්ට්‍රේලියාව ගමනාගමන සහ නිරෝධායන කටයුතු
ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, Victoria, Queensland, Western Australia, South Australia, Northern Territory, ACT, Tasmania.
පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:
එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න
- නිව් සවුත් වේල්ස්
- වික්ටෝරියා
- ක්වීන්ස්ලන්තය
- දකුණු ඔස්ට්‍රේලියාව
- ACT
- බටහිර ඔස්ට්‍රේලියාව
- ටස්මේනියා
- නොදර්න් ටෙරිටරිය