COVID 19 update 08 October: ඔස්ට්‍රේලියාවේ ඉහළම දෛනික කොවිඩ් ආසාදිතයින්ගේ වාර්තාව වික්ටෝරියා ප්‍රාන්තය යළි අලුත් කරයි

2021 ඔක්තෝබර් 08 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

People are seen canoeing at Albert Park Lake in Melbourne, Thursday, October 7, 2021.

People are seen canoeing at Albert Park Lake in Melbourne, Thursday, October 7, 2021. Source: AAP/James Ross

Highlights

  • වික්ටෝරියා ප්‍රාන්ත සීමාවේ වෙසෙන ප්‍රජාවන්ට "border bubble" නැවත හඳුන්වාදෙයි.
  • COVID- ආරක්ෂිත හැසිරීම් රටාවක් පවත්වා ගන්නා ලෙස NSW ප්‍රාන්ත රජය සෑම ප්‍රාන්ත වැසියෙකුගෙන්ම ඉල්ලා සිටී.
  • කැන්බරා වැසියන්ගෙන් 68% කට අධික පිරිසක් පූර්ණ කොවිඩ් එන්නත්කරණයට.
  • ක්වීන්ස්ලන්ත සහ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත සීමා නීති ලිහිල් කෙරේ.

වික්ටෝරියා ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,838 ක් සමග කොවිඩ් මරණ 5 ක් වාර්තා වේ.

ඒ අනුව කොවිඩ් වසංගතය ආරම්භයේ පටන් මේ දක්වා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයකින් හෝ ටෙරිටරියකින් දෛනිකව වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන ලෙස වික්ටෝරියානු ප්‍රාන්තය තබා තිබූ වාර්තාව අද දිනයේ මේ හරහා අලුත් විය.

මේ අතර Benalla, Greater Bendigo, Buloke Shire, Loddon, Yarriambiack, Hay, Edward River, Lockhart, Murrumbidgee, Wagga Wagga ඇතුළු වික්ටෝරියා ප්‍රාන්ත සීමාවේ ඇති නගර සභා කලාප කිහිපයක්  "border bubble" එකට ඇතුළත් කර තිබේ.

"border bubble" එක තුළ ගතවූ දින 14 ගත කළ වැසියන්ට අවසර පත්‍රයක් නොමැතිව වික්ටෝරියා ප්‍රාන්තයෙන් පිටවීමට හා ඇතුළුවීමට හැකිය.

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 646 ක් හමුවී තිබේ.

ඊට අමතරව කොවිඩ් මරණ 11 ක්ද වාර්තා වේ.

ඒ අනුව ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය නිසා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මිය ගිය පිරිස 414 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර Hunter New England කලාපයේ Wee Waa සහ බටහිර නිව් සවුත් වේල්ස් හි Quirindi සහ Brewarrina ප්‍රදේශවල  අප ජල සාම්පල වල තිබී කොවිඩ් වයිරසයේ කොටස් සොයාගෙන ඇත.

මුව ආවරණ පළඳින ලෙසත්, ස්ථානවලට යාමේදී QR කේත භාවිත කර check in වන ලෙසත්, පුද්ගල දුරස්ථභාවය රකින ලෙසත් කොවිඩ් රෝග ලක්ෂණ ඇත්නම් වහාම කොවිඩ් පරීක්ෂාවක් සිදුකර හුදකලා වන ලෙසත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය Kerry Chant ප්‍රාන්තයේ සෑම දෙනාගෙන්ම ඉල්ලා සිටියාය.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන සොයා ගැනීමට මෙතනින් පිවිසෙන්න.

Australian Capital Territory

ගතවූ පැය 24 තුළ ACT හි නව ආසාදිතයින් 40 ක් වාර්තා වේ.

මේ වන විට ACT හි කොවිඩ් රෝගීන් 16 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර එයින් 6 දෙනෙකු දැඩි සත්කාර ඒකකවලද පස් දෙනෙකු ශ්වසන ආධාරක මතද සිටින බව සඳහන්.

ACT හි කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

පසුගිය පැය 24දී ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වී ඇති තොරතුරු:

  • ඔක්තෝබර් 8 පස්වරු 4 සිට Brisbane, Logan, Gold Coast, Moreton Bay, Magnetic Island ඇතුළු Townsville සහ Palm Island වෙත ක්වීන්ස්ලන්තයේ සෙසු ප්‍රදේශවල ක්‍රියාත්මක වන 3 වන මට්ටමේ කොවිඩ් නීති පැනවේ.
  • දකුණු ඔස්ට්‍රේලියාවේ ගිනිකොනදිග කලාපය ඇතැම් අතිරේක කොවිඩ් නීති සමග ප්‍රාන්තයේ සෙසු ප්‍රදේශයන් මෙන් නැවත 1 වන මට්ටමේ කොවිඩ් නීතිවලට යටත් කෙරේ.

ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.

ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.

වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.


භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  
ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:
COVID-19 Vaccination Glossary
Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


Share

Published

Updated

By SBS/ALC Content, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service