ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් ගැන නොතකා ජනවාරි 26 ඔස්ට්‍රේලියාව ක්‍රිකට් තරගයක් සැලසුම් කිරීම නිසා අර්බුදයක්

ඔස්ට්‍රේලියාව, ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ගේ අයිතීන් ව්‍යවස්ථාපිතව සුරකීමේ ක්‍රියාවලියක නිරත වෙමින් සිටින මේ කාල වකවානුවේ ජනවාරි 26 ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් තරගයක් ලැයිස්තුගත කිරීම මේ වන විට අර්බුදයක් මතු කරමින් පවතී.

Cricketers Ashleigh Gardner and Usman Khawaja next to each other.

Australian cricketers Ashleigh Gardner and Usman Khawaja have expressed concern about the scheduling of cricket matches on 26 January. Source: AAP

2023/24 ග්‍රීෂ්ම කාලයේ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කාල සටහන පසුගිය සතියේදී නිකුත් කෙරිණි.

එම කාල සටහනට අනුව 2024 ජනවාරි 26 වන දින ඔස්ට්‍රේලියානු පිරිමි ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කිරීම පිළිබඳ මේ වන විට දැඩි ආන්දෝලනාත්මක කතා බහකට ලක්වී තිබේ.

ජනවාරි 26 ක්‍රිකට් ක්‍රීඩා කිරීම ගැන ඔස්ට්‍රේලියානු සුපිරි කාන්තා ක්‍රිකට් තරුව නොසතුටින්

2024 ජනවාරි 25 වන දින ඔස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවැනි හෙවත් අවසන් ටෙස්ට් තරගය බ්‍රිස්බේන් නුවර Gabba ක්‍රීඩාංගනයේදී දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙස ආරම්භ කිරීමට නියමිතය.

මෙම ටෙස්ට් තරගයේ දෙවැනි දිනය යෙදී ඇත්තේ ජනවාරි 26 වන දිනට වන අතර එය "ඔස්ට්‍රේලියා දිනය" ලෙසත් ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් විසින් එදින "ආක්‍රමණික දිනය" ලෙසත් සමරනු ලබයි.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————
ඔස්ට්‍රේලියාව, ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ගේ අයිතීන් ව්‍යවස්ථාපිතව සුරකීමේ ක්‍රියාවලියක නිරත වෙමින් සිටින මේ කාල වකවානුවේ ජනවාරි 26 ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් තරගයක් ලැයිස්තුගත කිරීම මේ වන විට අර්බුදයක් මතු කරමින් පවතී.

ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රිකට් තරුවක් වන Ashleigh Gardner මෙම තීරණය පිළිබඳ සිය කණගාටුව පළ කිරීමත් සමග මෙම ආන්දෝලනාත්මක කතා බහ ඇරඹිණි.

"මේ වසරේත් මේ සිදුවීමම සිදුවුණා. එහිදී මම මගේ මතය කිව්වා, එය වැදගත් බව මම ජනතාවට පැවසුවා. මෙය නැවත සිදුවීම හරහා නිසැකවම බලාපොරොත්තු සුන්වීමක් ඇති කර ඇති බව මම හිතනවා," Gardner, News Corp වෙත පැවසුවාය.
වසරේ ශෝක දිනයක් වන එතරම් හොඳ ඉතිහාසයක් නොමැති දිනයක් වන ජනවාරි 26 වන දින ක්‍රිකට් තරගයක් තිබිය යුත්තේ ඇයි කියා තමන්ට නොතේරෙන බව ඇය ප්‍රකාශ කළාය.

තමන් ක්‍රීඩාව දකින්නේ සැමරුමක් සහ විනෝදාස්වාදයක් ගෙන දෙන දෙයක් ලෙස බවත් එම අවස්ථාවට ජනතාව උද්යෝගයෙන් සහභාගී විය යුතු දෙයක් ලෙස බවත් ප්‍රකාශ කරන Ashleigh Gardner ශෝක දිනයකදී එම අවශ්‍යතාව ඉටු කිරීමට හැකියාවක් ලැබෙන්නේ කෙසේද යන්න ප්‍රශ්න කළාය.

එය බොහෝ විට සුදුසු නොවන බවද ඇය අවධාරණය කළාය.

ඔස්ට්‍රේලියානු සුපිරි පිතිකරු Usman Khawaja ත් අදහස් දක්වයි

ජනවාරි 25 ආරම්භ කිරීමට සැලසුම් කර ඇති Gabba ටෙස්ට් තරගය නොපැවැත්වීම ස්වදේශික ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ගේ කැමැත්ත නම්, එම දිනය මඟහැරීම පිළිබඳ Cricket Australia ආයතනය සලකා බැලිය යුතු බව ඔස්ට්‍රේලියානු පිරිමි ටෙස්ට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක Usman Khawaja පැවසුවේය.

ජනවාරි 26 ට යෙදී ඇති ඔස්ට්‍රේලියානු දිනය වෙනස් කළ යුතු බව තමා විශ්වාස කළත් ජනවාරි 26 වැනිදා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කිරීම පෞද්ගලිකව තමාට ගැටලුවක් නොවන නමුත් ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ගේ කැමැත්ත අනුව එය කල් දැමීමට තමා කැමති බව ද Khawaja පැවසීය.

"මට කතා කළ හැක්කේ මා වෙනුවෙන් පමණයි. මට ජනවාරි 26 වැනිදා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කිරීම ගැන ප්‍රශ්නයක් නැහැ, නමුත් ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් එය වෙනස් කරන ලෙස ඉල්ලනවා නම්, මම හිතන්නේ අපි එය සොයා බලා ඒ ගැන කතා කළ යුතුයි" ඔහු වාර්තාකරුවන්ට පැවසීය.

2023 වසරේ සිදුවූ සිදුවීම නැවතත් සිදු වේවිද?

2023 වසරේ ජනවාරි 26 වන දින ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සහ පාකිස්තාන කාන්තා කණ්ඩායම අතර පැවැත්වූ 20-20 ජාත්‍යන්තර තරඟය එදිනට සැලසුම් කිරීම පිළිබඳවද Ashleigh Gardner හෙළා දුටුවාය.

මේ ක්‍රියාව 2024 ජනවාරි 26 වන දින නැවත කිරීමෙන් ඔස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරන ස්වදේශික ඔස්ට්‍රේලියානු ක්‍රීඩක Scott Boland ද ඒ හා සමාන අපහසුතාවයකට පත් කළ හැකි බවත් Gardner පැවසුවාය.
ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ 2023/24 ග්‍රීෂ්ම කාලයේ තරග කාල සටහන සැලසුම් කිරීම ඉතා දුෂ්කර එකක් වූ බවත් එහිදී ජාතික ඇබෝර්ජීනියානු සහ ටොරස් දූපත් වාසීන්ගේ ක්‍රිකට් උපදේශක කමිටුව (NATSICAC) ඒ පිළිබඳ දැනුවත් කර ඔවුන්ගේ උපදේශනය සහ සහය ඇතිව මෙම කාල සටහන සකස් කළ බවත් Cricket Australia ආයතනයේ තරග කාල සටහන් පිළිබඳ කළමණාකරු Peter Roach පැවසුවේය.

"අපි ඇත්තටම Ashleigh Gardner ගේ මතයට ගරු කරන අතර බොහෝ ඔස්ට්‍රේලියානුවන් සහ ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරනවා. විශේෂයෙන් ජනවාරි 26 විවිධ අර්ථයන් ඇති දිනයක්" බවත් ඔහු වාර්තාකරුවන්ට පැවසීය.
AUS Summer TT 2023
Credit: Cricket Australia
ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමේ නායිකා Meg Lanning, Ashleigh Gardner ගේ ස්ථාවරයට සහය පළ කළ නමුත් තරග කාලසටහන් තීරණය කිරීම ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතේ නොමැති බව අවධාරණය කළාය.

ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ට ව්‍යවස්ථාපිත පිළිගැනීමක් ලබා දීම සඳහා වන voice to parliament ජනමත විචාරණය ඉදිරියේදී පැවැත්වීමට කටයුතු කර ඇති බවත් ඒ පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ සාකච්ඡා සහ අධ්‍යාපන ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් මේ අර්බුදය ඉදිරි මාසයක පමණ කාලයකදී විසඳා ගැනීමට අපේක්ෂා කරන බවත් ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමේ නායිකා Meg Lanning පැවසුවාය.


Share

Published

By Madhura Seneviratne
Source: SBS, AAP

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service