2024 වසරේ සිට ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත් ගාස්තුව තවත් ඉහල යයි

ලොව වෙනත් රටවලට සංචාරය කිරීමට සිටින ඕස්ට්‍රේලියානුවන්, ඉහල යන ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර අයදුම් ගාස්තු හේතුවෙන් පීඩාවට පත්ව සිටී. මෙම මිල ඉහල යාම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු විපක්‍ෂයද සිය විරෝධය පළකරයි.

A hand holds an Australian passport

A fee increase for 10-year Australian passports will be put into modernising passport systems. Source: Getty, AFP / Patrick T. Fallon

Key Points
  • ජූලි මස 1 වැනිදා සිට ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත්‍ර ගාස්තු 15%ඉහල යාමට නියමිතයි.
  • මේ ඔස්සේ වසර තුනක් තුළ ඩොලර් මිලියන 349 ක් රැස්වනු ඇති බව ඕස්ට්‍රේලියානු රජය පවසයි.
  • මෙම ගාස්තු ඉහල යාම "පිළිගත හැකි" ඉහල යමක් වන බව ඕස්ට්‍රේලියානු භාණ්ඩාගාරික Jim Chalmers කියා සිටී.
ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්ෂික අයවැය ඔස්සේ ප්‍රකාශයට පත් කල මිල ඉහල යාමත් සමග, නව ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් සඳහා ඕස්ට්‍රේලියානුවන්ට නුදුරේදීම ඩොලර් 400 කට ආසන්න මුදලක් වැය කිරීමට සිදුවේ.

පාරිභෝගික මිල දර්ශකයට අනුව, ඕස්ට්‍රේලියානු විදෙස් ගමන් බලපත්‍රයක් සඳහා අයදුම් කරන ඕස්ට්‍රේලියානු සංචාරකයින් හට අයදුම්පත සඳහා 15%ක වැඩිවීමක් අපේක්ෂා කෙරේ.

සැප්තැම්බර් මාසයේ 5.4% ක් වූ වාර්ෂික CPI අනුපාතය මත, අවුරුදු 10ක කාලයකට ලබාදෙන වැඩිහිටි විදේශ ගමන් බලපත්‍රයක මිල, ලබන වසරේ මැද භාගයේ සිට ඩොලර් 325 සිට ඩොලර් 394 දක්වා ඉහළ යනු ඇත.
Major parties agree to citizenship disclosure deadline
Source: AAP / An Australian Passport (AAP)

සංසන්දනාත්මකව බලන කල වසර 10ක් සඳහා ලබාදෙන විදෙස් ගමන් බලපත්‍ර සැකසීමට නවසීලන්ත ජාතිකයින් ඩොලර් 192 ක් සහ කැනේඩියානුවන් ඩොලර් 179 ක් පමණ වැය කරයි.

මෙම නව මිල ඉහල දැමීම ඔස්සේ වසර තුනක් තුළ ඩොලර් මිලියන 349 ක් රැස්වනු ඇති බව ඕස්ට්‍රේලියානු රජය කියාසිටී

මෙමගින් ලැබෙන අදායම විදේශ කටයුතු සහ සෙසු සේවා සඳහා වෙන්කිරීමට නියමිතව තිබේ.

මුදල් මගින් ලැබෙන අමතර ප්‍රතිලාභ සලකා බැලීමේදී ඕස්ට්‍රේලියානු විදෙස් ගමන බලපත් අයදුම් කිරීම සඳහා වන මෙම මිල ඉහල යාම "පිළිගත හැකි" මිල ඉහල යමක් වන බව භාණ්ඩාගාරික
ALCbudget2023 JIM CHALMERS PRESSER
Australian Treasurer Jim Chalmers. Source: AAP / LUKAS COCH/AAPIMAGE
කියා සිටී.

මෙම මිල ඉහල යාම එක්වරක් පමණක් වන අතර, ඒ ඔස්සේ විදේශ ගමන් බලපත්‍ර පද්ධතියට අවශ්‍ය නවීන තාක්ෂණය සහිත සම්පත් ලබාගැනීමට හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

පුද්ගලයින්ගේ ආරක්ෂාව සහ ඔවුන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කිරීම වැනි කටයුතු සඳහා මෙමගින් ලැබෙන අදායම වෙන් කිරීමටත් නියමිතයි.

මෙම නව මිල ඉහල යාම අනුව, වසර 10ක් සඳහා වන ඕස්ට්‍රේලියානු වැඩිහිටි විදේශ ගමන් බලපත්‍රයක් අයදුම් කරන්නන් හට, එක් වසරකට ඩොලර් 40 ට වඩා අඩු මිලක්, අමතරව ගෙවීමට සිදු වේ.

ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට රටවල් 100කට වැඩි ගණනකට වීසා රහිත ප්‍රවේශය ලැබෙන බව පෙන්වා දෙමින් ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කොට සිටින්නේ, විදේශ ගමන් බලපත්‍ර පද්ධති නවීකරණය කිරීම සඳහා අමතර ගාස්තු භාවිතා කරන බවයි.

විදේශ කටයුතු දෙපාර්තමේන්තු ප්‍රකාශකයකු AAP වෙත කියා සිටියේ මෙම නව වෙනස්කම් ඔස්සේ අනන්‍යතා ආරක්ෂාව සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවට ඉදිරියෙන් සිටීමට හැකියාව ලැබෙන බවයි.

ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රය උසස් තත්ත්වයේ සංචාරක ලියවිල්ලක් ලෙස ජාත්‍යන්තරව මේ වනවිටත් ගෞරවයට පාත්‍රව ඇති බවත්, ඉහළ මට්ටමේ තාක්‍ෂණයක් ඒ සඳහා යොදාගෙන ඇති බවත් විදේශ කටයුතු දෙපාර්තමේන්තු ප්‍රකාශකයා පෙන්වා දී තිබේ.
කෙසේ නමුත් විපක්ෂ සංචාරක ප්‍රකාශක Kevin Hogan මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ, මෙම මිල ඉහල යාම එක් වසරක් තුළ සිදු වූ දෙවන විදේශ ගමන් බලපත්‍ර මිල ඉහළ යාම වන බවයි.

එමෙන්ම ඕස්ට්‍රේලියාවෙන් පිටවනවිට ඩොලර් 10 කින් පිටවීමේ බද්ද ඉහළ නැංවීමත් ඉහල ගුවන් ගමන් ගාස්තු සම්බන්ධයෙනුත් Kevin සඳහන් කොට තිබේ.

සංචාරක ව්‍යාපාරය සහ වෙළඳාම ඕස්ට්‍රේලියානු ආර්ථිකය සඳහා ඉතා වැදගත් වන අතර, ඕස්ට්‍රේලියානුවන් දහස් ගණනක් ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශ වල සේවයේ නියුක්ත වන බවත් විපක්ෂ සංචාරක ප්‍රකාශක Kevin Hogan නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මේ හේතුවෙන් වත්මන් රජයේ මෙම මිල ඉහල දැමීම ඔස්සේ ඕස්ට්‍රේලියානු ප්‍රාදේශීය ප්‍රදේශ වල ශ්‍රම බලකායට දැඩි පීඩනයක් එල්ල කරන බවත්, ඕස්ට්‍රේලියානු ආර්ථිකයට හානි කරන බවත් Kevin පෙන්වා දෙයි.

—————————————————————————————————————————————

SBS සිංහල ගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා  --- පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

ගුවන් විදුලියෙන්

97.7 Fm NSW

93.1 Fm VIC

93.3 Fm QLD

96.9fm WA

105.5 Fm ACT

105.7 Fm TAS

106.3 Fm SA

100.9 Fm NT

රූපවාහිනියේ channel 38 (SBS Radio 2)

රූපවාහිනියේ channel 305 (SBS Pop Desi)

අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala

SBS Audio APP (Free)

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala

SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය 



Share

Published

Updated

By Nipuna Dodangoda
Source: AAP

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service