ඔස්ට්‍රේලියානු මන්ත්‍රීවරුන්ගේ ද්විත්ව පුරවැසිභාව ගැටළු වලට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබන ඔක්තෝබරයේදී. (SBS සිංහල/වාර්තා)

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අගමැති හා නැෂනල්ස් පක්ෂයේ නායක Barnaby Joyce, සෙනට් සභික Matt Canavan, ග්‍රීන්ස් පක්ෂයේ සෙනට් සභික Scott Ludlam සහ Larissa Waters සහ One Nation පක්ෂයේ සෙනට් සභික Malcolm Roberts ගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ගැටලුව සම්බන්ධයෙන් එළඹෙන ඔක්තෝබර් 10-12 දක්වා ඔස්ට්‍රේලියානු ශ්‍රේෂ්ඨාධිකරණය කරුණු විමසනු ඇත.

Dual-citizen politicians will wait until October for High Court hearing.

Source: SBS

ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මුහුණ පා සිටින ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ගැටළුව සම්බන්ධව කරුණු විමසීම ලබන ඔක්තෝබර් මාසයේදී සිදු කිරීමට ඊයේ (24/08) ඔස්ට්‍රේලියානු ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

ඒ අනුව එළඹෙන ඔක්තෝබර් 10-12 දක්වා කැන්බරා හිදී මේ සම්බන්ධ කරුණු විමසනු ඇත.

ඔස්ට්‍රේලියානු ව්‍යවස්ථාවේ 44 වන වගන්තියට අනුව ද්විත්ව පුරවැසිභාවය දරන අයෙකුට ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකි බවට වාර්තා වේ.

ඒ අනුව  ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අගමැති හා නැෂනල්ස් පක්ෂයේ නායක Barnaby Joyce, සෙනට් සභික  Matt Canavan, ග්‍රීන්ස් පක්ෂයේ සෙනට් සභික Scott Ludlam සහ Larissa Waters සහ One Nation  පක්ෂයේ සෙනට් සභික  Malcolm Roberts ගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ගැටලුව සම්බන්ධයෙන් එළඹෙන ඔක්තෝබර් 10-12 දක්වා ඔස්ට්‍රේලියානු ශ්‍රේෂ්ඨාධිකරණය කරුණු විමසනු ඇත.

ඊට අමතරව මෙම අර්බුදයට මුහුණ පා සිටින ස්වාධීන සෙනට් සභික Nick Xenophon සහ නැෂනල්ස් පක්ෂයේ නියෝජ්‍ය නායිකා, සෙනට් සභික Fiona Nash සම්බන්ධවද එම දිනවලදී ම කරුණු විමසනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම කරුණු විමසීම සැප්තැම්බර් මස 13 සහ 14 යන දිනවලදී පවත්වන ලෙසට රජය  වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් Stephen Donaghue ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියත් එය ඔක්තෝබර් දක්වා කල් දැමීමට තීරණය විය.

මීට අමතරව ග්‍රීන්ස් පක්ෂයේ හිටපු සෙනට් සභික  Larissa Waters ඇතුළුව ටර්න්බුල් රජයේ අමාත්‍යවරුන් දෙපලක් වන Barnaby Joyce සහ Matt Canavan හට මන්ත්‍රීවරුන් ලෙස ඉදිරියටත් ක්‍රියා කිරීමට ඉඩ දෙන ලෙසටද Donaghue ඉල්ලා සිටියේය.

එම මන්ත්‍රීවරුන් තිදෙනාම තමන් හට ද්විත්ව පුරවැසිභාවය හිමි බව නොදැන සිටි නිසා ඔවුන් හට ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමට ඉඩ දිය යුතු බවට සොලිසිටර් ජනරාල් Stephen Donaghue පැවසුවේය.

නමුත් ග්‍රීන්ස් පක්ෂයේ හිටපු සෙනට් සභික Scott Ludlam තමන් නවසීලන්ත පුරවැසියෙකු බව පෙරාතුවම දැන සිටි බවත් එනිසාම ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක් දැරීමට නුසුදුසු බවත් Donaghue පවසා තිබුණි.

ඊට අමතරව One Nation පක්ෂයේ සෙනට් සභික  Malcolm Roberts එක්සත් රාජධානියේ පුරවැසියෙකු බවට පත්වූ බව දැනගත්තේ ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට තේරී පත්වීමට පෙරද නැතිද යන්න සූක්ෂමව සොයා බැලිය යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.

මෙම කරුණු විමසීමේ මුලසුන දරනු ලබන්නේ අග විනිසුරුවරිය වන Susan Kiefel ය.

Share

Published

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියානු මන්ත්‍රීවරුන්ගේ ද්විත්ව පුරවැසිභාව ගැටළු වලට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබන ඔක්තෝබරයේදී. (SBS සිංහල/වාර්තා) | SBS Sinhala