සංක්‍රමණ පනතේ හිඩැසින් පැන ගත් අය ආපසු අල්ලා ගන්න සංක්‍රමණ ඇමැති අතීතයට බලපාන නීති සෑදීමේ උත්සාහයක

සමස්ත සිර දඬුවම් ස්වයංක්‍රීයව වීසා අවලංගු කිරීමට හේතු විය නොහැකි බව සොයා ගත් අධිකරණ තීන්දුවකින් පසුව සංක්‍රමණික කටයුතු පිළිබඳ අමාත්‍ය ඇන්ඩෲ ගයිල්ස් විසින් සංක්‍රමණ පනතට සංශෝධනයක් හඳුන්වා දී තිබේ

Immigration Minister Andrew Giles at a press conference.

Immigration Minister Andrew Giles. Source: AAP / Lukas Coch

Key Points
  • සංක්‍රමණ පනතේ 501 වගන්ති යටතේ අයහපත් චරිතය හේතුවෙන් යම් කෙනෙකුගේ වීසා බලපත්‍රය අහෝසි කිරීමට ආගමන අමාත්‍යවරයාට බලය හිමි වේ.
  • යෝජිත නව පනත මගින් අතීත තීරණ වලංගු කිරීම සඳහා සංක්‍රමණ පනත නැවත බල ගන්වනු ලැබේ.
  • යෝජිත ව්‍යවස්ථාවේ ප්‍රත්‍යාවර්තභාවය සදාචාරාත්මක දැයි විවිධ පුද්ගලයන් විසින් අවධානය යොමු කර තිබේ.
සාපරාධී අපරාධ පිළිබඳ වාර්තා සහිත පුද්ගලයන් 163 දෙනෙකු සංක්‍රමණ රැඳවුම් භාරයෙන් නිදහස් කරන ලද නීතිමය හිඩැසක් වසා දැමීමට කම්කරු පක්ෂය යුහුසුළුව කටයුතු කරයි.

සංක්‍රමණ පනතේ 501 වගන්තිය යටතේ, සමස්ත සිර දඬුවම් මගින් ස්වයංක්‍රීයව වීසා බලපත්‍රය අවලංගු කිරීමට නොහැකි බව පසු ගිය දෙසැම්බර් මාසයේ මහාධිකරණ තීන්දුවකින් අනාවරණය විය.
එම වගන්තිය මගින් "සැලකිය යුතු අපරාධ වාර්තාවක්" ඇති කෙනෙකුගේ වීසා අවලංගු කිරීමට ආගමන කටයුතු පිළිබඳ අමාත්‍යවරයාට බලය පැවරේ

එහිදී "සැලකිය යුතු අපරාධ වාර්තාවක්" යනු මාස 12 ක් හෝ ඊට වැඩි සිර දඬුවමක් යනුවෙන් අර්ථ දක්වා තිබේ.

වෙන වෙනම වැරදි 10ක් සඳහා වසර හතරකුත් මාස තුනක සිරදඬුවමක් විඳිමින් සිටි නවසීලන්ත කාන්තාවක් වන කේට් පියර්සන්ට පක්ෂව තීන්දුවක් දුන් මහාධිකරණය විසින් “සැලකිය යුතු අපරාධ වාර්තාවක්” සලකා බලන නීති සම්පාදනයේදී "සමස්ත දඬුවම්" ඊට ඇතුළත් කර නොමැති බව සොයා ගන්නා ලදී.

පසු ගිය සඳුදා රාත්‍රියේ සෙනෙට් ඇස්තමේන්තු සභාවාරයේ දී කතා කරමින්, ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ සංක්‍රමණ කටයුතු පිළිබඳ සහකාර ලේකම් සොෆී ෆොස්ටර් විසින් මෙම අධිකරණ තීන්දුවෙන් පසු පුද්ගලයින් 163 දෙනෙකුට වීසා නැවත නිකුත් කර ඇති බව තහවුරු කළේය.
එදිනම පාර්ලිමේන්තුවේදී, සංක්‍රමණ කටයුතු පිළිබඳ අමාත්‍ය ඇන්ඩෲ ගයිල්ස් විසින් මෙම ව්‍යවස්ථාදායක හිඩැස වසා දැමීම සඳහා සංක්‍රමණ පනතට සංශෝධනයක් ඉදිරිපත් කළේය.

පියර්සන් නඩු තීන්දුවේ පදනම මත අවලංගු කර ඇති අතීත තීරණ සහ ක්‍රියාවන් වලංගු කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත මගින් සංක්‍රමණ පනත නැවත සලකා බලනු ඇති බව ඔහු පැවසීය.

ඔස්ට්‍රේලියානු ප්‍රජාව ආරක්ෂා කිරීමට ගත් තීරණවලට නැගී සිටීමට මෙම පනත් කෙටුම්පත වැදගත් වේ.

අතීතයට බල පැවැත්වෙන පරිදි නීති සැකසීම සදාචාරාත්මකද?

මෙම පනතට විපක්ෂයේ සහය ලැබුණු නමුත් ග්‍රීන්ස් පක්ෂය සහ මෙම පනතේ සදාචාරාත්මක ගැටළු මතු කළ Zoe Daniel ඇතුළු විවිධ ස්වාධීන මන්ත්‍රීවරුන් පිරිසක් ඊට විරුද්ධ විය.

අතීතයට බලපාන පරිදි නීති සම්පාදනය කිරීම යන්නෙන් මෙහි අදහස් කරන්නේ රජය විසින් දින හෝ සති කිහිපයක් නිදහස් කර ඔවුන්ගේ පවුල් සහ ප්‍රජාවන් සමඟ නැවත එක් වූ පුද්ගලයින් බලහත්කාරයෙන් නැවත රඳවා තබා ගැනීමට ඉඩ ඇති බව යැයි ඩැනියෙල් මහත්මිය පැවසුවාය.

ඩැනියෙල් මහත්මිය ඇයට හමු වූ දකුණු සුඩාන ජාතිකයෙකු ගැන සඳහන් කළාය.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ඔහුට මාස 18 ක සිරදඬුවමක් හිමි වූ අතර පසුව ඔහුගේ දඬුවම මාස 10 දක්වා අඩු කර තිබේ.

පියර්සන් තීන්දුවේ ප්‍රතිඵලයක් ලෙස ඔහු නිදහස් වීමට පෙර, ඔහුගේ වීසා බලපත්‍රය අවලංගු කර තිබුණි.

යුද්ධය නිසා ඇතිවූ කම්පනය, අනාථ වීම, සරණාගත කඳවුරු සහ නව පරිසරයක් හරහා ගමන් කිරීම හේතුවෙන් මත්ද්‍රව්‍ය සහ මත්පැන් වලින් සැනසීම ලබා ගැනීමට ඔහුට සිදු වෙන්නට ඇතැයි ඇය පෙන්වා දුන්නාය.

මේවා නීති මගින් ආමන්ත්‍රණය නොකරන මානව සාධක වන බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.

සරණාගත කටයුතු පිළිබඳ නීතිඥයෙක්ගෙන් ව්‍යවස්ථාමය අභියෝගයක් ගැන අනාවැකියක්

සරණාගත කටයුතු පිළිබඳ නීතිඥ හමිෂ් ග්ලෙනිස්ටර් පැවසුවේ සංක්‍රමණ රැඳවුම් භාරයෙන් නිදහස් වූ පුද්ගලයින් 163 දෙනා අතර සිටින තම සේවාදායකයාට ඔහුගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමේ අභිප්‍රාය පිළිබඳ දැන්වීමක් දැනටමත් නිකුත් කර ඇති බවයි.

රජය විසින් සිදු කරන මෙම සංශෝධනය අනිවාර්‍ය අවලංගු කිරීම් පැනවිය හැකි වැරදි කාණ්ඩය විශාල ලෙස පුළුල් කර ඇති බවත් එය ව්‍යවස්ථාමය අභියෝගයක් විය හැකි බවත් පුරෝකථනය කළේය.

අතීතයට බල පැවැත්වෙන නීති සම්පාදනය බොහෝ විට ව්‍යවස්ථාමය අභියෝගයකට මූලාරම්භය වේ.
නමුත් මෙම නීති සම්පාදනය අධිකරණ සමාලෝචනයට ඇතුළත් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 75 වැනි වගන්තියට ද බාධා කරන බව ග්ලෙනිස්ටර් මහතා පැවසීය.

"නීති සම්පාදනය වලංගු යැයි උපකල්පනය කළහොත්, එහි ප්‍රතිඵලය වනුයේ නිදහස් කරන ලද සියලු දෙනා නැවත සංක්‍රමණ රැඳවුම් භාරයට යවනු ලැබීමයි,"
Refugee lawyer Hamish Glenister
ග්ලෙනිස්ටර් මහතා පැවසුවේ රජයේ මෙම නීති සංශෝධනයේදී තනි පුද්ගල තත්වයන් සැලකිල්ලට ගත යුතු බවයි.

ආණ්ඩුවට මෙම නීති සංශෝධනය කිරීමට අවශ්‍ය වූයේ එහි පෙර ආකෘතියේ දී, ඉතා බරපතල වැරදිවලට වරදකරු වූ අයෙකු අල්ලා ගැනීමට නොහැකි වූ නිසා වන බව ඔහු පෙන්වා දුන්නේය.

නමුත් දැන් රජය මෙම නීති සම්පාදනයේදී අනෙක් අන්තයට ගොස් ඇති බැවින් , කුඩා වැරදි කිහිපයක් සිදු කරන පුද්ගලයින්ට පවා ඔවුන්ගේ වීසා බලපත්‍රය ස්වයංක්‍රීයව අවලංගු වීමේ අවදානමක් ඇති විය හැකියි.

මෙම නීති සංශෝධනය කිරීමට වඩාත්ම සුදුසු ක්‍රමය වනුයේ සමස්ථ දඩුවම තුළ ඇති තනි තනි දඩුවම් සලකා බැලීමයි.

Share

Published

Updated

By Sara Tomevska , Athini Amarasiri
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
සංක්‍රමණ පනතේ හිඩැසින් පැන ගත් අය ආපසු අල්ලා ගන්න සංක්‍රමණ ඇමැති අතීතයට බලපාන නීති සෑදීමේ උත්සාහයක | SBS Sinhala