ඔස්ට්‍රේලියාවේ බඩුවක් මිලට ගන්නකොට ප්‍රමාණය වෙනදට වඩා අඩු වෙන්න පුළුවන්.සිල්ලර බඩු ගන්නකොට පරිස්සමෙන්

මේ වසරේ ඔස්ට්‍රේලියානු වෙළඳ පොලේ නිෂ්පාදන ගණනාවක ප්‍රමාණය අඩු කර තිබේ. ඒ අනුව ඔබ එම භාණ්ඩ සඳහා මීට පෙර ගෙවූ මුදලට සමාන හෝ ඊට වැඩි මුදලක් ගෙවන නමුත් ඔබට ලැබෙන භාණ්දයේ ප්‍රමාණය අඩු වී තිබේ..

A colorful supermarket aisle with people shopping for groceries.

'Shrinkflation' is when you pay the same amount or more for a product despite a decrease in its size. Source: Getty / Tom Werner

KEY POINTS:
  • නවතම දත්ත වලට අනුව, මේ වසරේ වෙළදපොලේ නිෂ්පාදන කිහිපයක්ම මෙසේ Shrinkflation, එනම් මිල එලෙසම තිබියදී ප්‍රමාණය අඩු වීමට ලක් වී තිබේ.
  • මෙය සාමාන්‍යයෙන් සිදුවන්නේ නිෂ්පාදකයෙකුගේ , නිෂ්පාදනය වියදම ඉහළ යන විට බව විශේෂඥයන් පෙන්වා දේ.
  • මේ හේතුවෙන් පාරිභෝගිකයින්ට විවිධ නිෂ්පාද මිලදී ගැනීමේදී , එම නිෂ්පාදන වල ඒකක මිල විමසා බැලීමට නිර්දේශ කෙරේ.
මේ වන විට ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් වලින් භාණ්ඩ මිලදී ගැනීමේදී , ඔබ මීට පෙර ගෙවූ මුදලට සමාන හෝ ඊට වැඩි මුදලක් දැන් ඔබ ගෙවන නමුත් ඔබට ලැබෙන ඇතැම් භාණ්ඩ වල ප්‍රමාණය අඩු වී තිබෙන බව ඔබ තවමත් නොදන්නවා විය හැකිය.

සිල්ලර බඩු සැසඳීමේ ජංගම දුරකථන යෙදුමක් වන Frugl වෙතින් ලබා ගත නව දත්ත ඇසුරෙන් මේ පිළිබඳ නවතම තොරතුරු හෙළි කර තිබේ.

ඒ අනුව මෙම වසරේ පෙබරවාරි මාසයේදී භාණ්ඩ තුනක මෙසේ ප්‍රමාණය අඩු කර තිබේ.

  1. Masterfoods garlic granules - මිල ඩොලර් 3.15ක් ලෙස එලෙසම තිබියදී , ප්‍රමාණය ග්‍රෑම් 50 සිට ග්‍රෑම් 45 දක්වා අඩු කර තිබේ.
  2. Ritz original crackers - මිල ඩොලර් 3.50ක් ලෙස නොවෙනස්ව තිබියදී නිෂ්පාදනයේ ප්‍රමාණය ග්‍රෑම් 300 සිට ග්‍රෑම් 227 දක්වා අඩු කර තිබේ.
  3. Lindt මැක්සි කැරට් නම් චොක්ලට් නිෂ්පාදනය - ප්‍රමාණය ග්‍රෑම් 374 සිට ග්‍රෑම් 354 දක්වා පහත වැටී ඇති අතර මිල 16.50 සිට 17 දක්වා ඉහළ ගොස් තිබේ.
පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී, Woolworths හි මැක්‍රෝ කාබනික තක්කාලි චට්නි ග්‍රෑම් 275 ක ප්‍රමාණයකින් නිෂ්පාදනය කල අතර එහි මිල ඩොලර් 4.20 ක් විය. දැන් එම නිෂ්පාදනය ග්‍රෑම් 250 ක් දක්වා අඩු වී ඇති අතර මිල ඩොලර් 5 දක්වා ඉහළ ගොස් තිබේ.

එහි සැපයුම්කරුගේ තොග නිෂ්පාදන වියදම වැඩිවීම මෙම පියවරට හේතු වූ බව Woolworths සුපිරි වෙළඳසැලේ ප්‍රකාශකයෙකු SBS ප්‍රවෘත්ති වෙත පැවසුවේය.

Coles සහ Woolworths වෙතින් දත්ත විශ්ලේෂණය කරන Frugl ජංගම දුරකථන යෙදුම මගින් මීට පෙර, මෙසේ ප්‍රමාණය අඩු වූ වෙනත් නිෂ්පාදන හදුනා ගෙන තිබේ.
  • Mars chocolate bars
  • Arnott's Tina Wafers
  • Bega peanut butter
ඉහළ නිෂ්පාදන වියදම හේතුවෙන් නිෂ්පාදකයින් සාමාන්‍යයෙන් "නිෂ්පාදන වල අන්තර්ගතය අඩු කිරීමේ උපාය මාර්ගයක්" අනුගමනය කරන බව ක්වීන්ස්ලන්ත තාක්ෂණ විශ්ව විද්‍යාලයේ (QUT) අලෙවිකරණ සහ පාරිභෝගික හැසිරීම් පිළිබඳ මහාචාර්ය ගැරී මෝර්ටිමර් පැවසීය..
ඒ අනුව, ඔබට යම් භාණ්ඩයක් , ඔබ සාමාන්‍යයෙන් වෙනදා ගෙවූ මිලටම, මිලදී ගත හැකි වන නමුත් එම භාණ්ඩයේ ප්‍රමාණය අඩු කර තිබිය හැකි වේ.

මෙමගින් ඇතැම් පාරිභෝගිකයින් අසතුටට පත් වන නමුත් , ඇතැම් පාරිභෝගිකයින් වෙනදා මිලටම යම් ප්‍රමාණයක් අඩුවෙන් වුවද එම භාණ්ඩ මිලදී ගැනීමට කැමැත්තක් දක්වන බව ඔස්ට්‍රේලියානු පර්යේෂකයන් විසින් සොයාගෙන තිබේ.

බ්‍රිස්බේන් හි සුපිරි වෙළඳසැලක සිදු කළ අත්හදා බැලීම් මාලාවකදී, පර්යේෂකයන් විසින් නිෂ්පාදන කිහිපයක් වෙනස් වී ඇති බව එහි ඇති රාක්ක වල නාම පුවරු වල සදහන් කොට පාරිභෝගිකයින් වෙත යොමු කරන ලදී..
එහිදී භාණ්ඩයේ ප්‍රමාණය සහ භාණ්ඩයේ ඒකකයක් මිලදී ගැනීමට යන වියදම යන දෙකම අඩු කළ නමුත් ,
ප්‍රමාණය වැඩි , ඒකක මිල අඩු භාණ්ඩ වලට වඩා, පෙර පැවති මිලටම ප්‍රමාණය අඩු කල භාණ්ඩ වැඩි වශයෙන් අලෙවි වී තිබේ.

ඒ අනුව පාරිභෝගිකයන් ප්‍රමාණය ටිකක් අඩු නිෂ්පාදනයකට වුවද කලින් පැවති මිල ම ගෙවීමට කැමැති බව මහාචාර්ය මෝර්ටිමර් සඳහන් කළේය.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS) පාරිභෝගික මිල දර්ශකය ගණනය කරන විට නිෂ්පාදන වල ප්‍රමාණය අඩු කිරීම නිසා ඇති වන උද්ධමනය නිරීක්ෂණය කරනු ලබයි.

උදාහරණයක් ලෙස, බීම බෝතලයක පරිමාව 750ml සිට 675ml දක්වා පහත වැටී ඇති නමුත්, එහි මිල ඩොලර් 3 ලෙසම පැවතුනහොත්, මෙය පාරිභෝගික මිල දර්ශකයෙහි සියයට 10 ක මිල වැඩිවීමකට සමාන වනු ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පෙන්වා දේ..

සිල්ලර වෙළඳ සාප්පු සවාරි වලදී , භාණ්ඩ මිලදී ගැනීමේදී භාණ්ඩයක ඒකක මිල වෙත අවධානය යොමු කිරීමෙන්, පාරිභෝගිකයින්ට වසරකට ඩොලර් 1,700 ක් දක්වා ඉතිරි කර ගැනීමට හැකි වේ. මේ බව, මහාචාර්යවරයා විසින් ඔහුගේ සගයන් සමඟ සිදු කරන ලද පෙර අධ්‍යයනයක් මගින් අනාවරණය වී තිබේ.

මෙහිදී SBS ප්‍රවෘත්ති සේවය වෙත අදහස් දැක්වීම සඳහා Mars Foods (MasterFoods හි හිමිකරුවන්), Mondelez International (Ritz crackers නිෂ්පාදනය කරන සමාගම) සහ Lindt & Sprüngli සම්බන්ධ වී ඇත.

Share

Published

Updated

By David Aidone, Athini Amarasiri
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service