ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරිනැමීමේ යෝජිත වෙනස්කම් සහිත පනතට කම්කරු, ග්‍රීන්ස් පක්ෂ සහ ස්වාධීන සෙනට් සභිකයින් විරුද්ධ වෙයි. (SBS සිංහල/වාර්තා)

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමට පෙරාතුව ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා සිව් වසරක් මෙරට වාසය කිරීම, ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීනත්වය මැන බලන අපහසු පරීක්ෂණය මෙන්ම ඔස්ට්‍රේලියානු වටිනාකම් පිළිබඳ දෙනු ලබන පරීක්ෂණය මෙම යෝජිත වෙනස්කම් අතර වේ.

Australian citizenship overhaul

Source: AAP

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරිනැමීමේදී ඔස්ට්‍රේලියානු රජය විසින් යෝජිත වෙනස්කම් ඊයේ (13/09) දිනයේදී සෙනට්  සභාව තුළ විවේචනයට ලක්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව ටර්න්බුල් රජය විසින් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සම්බන්ධ මෙම යෝජිත පනතට විරුද්ධව ග්‍රීන්ස් පක්ෂය ඊයේ සෙනට් සභාවේදී හඬ නගා ඇති අතර ඔවුන් රජයට මේ සම්බන්ධ මෝසමක් ද ඉදිරිපත් කර තිබේ.
කෙසේනමුත්, ප්‍රථමයෙන් මෙම පනත සහමුලින්ම ඉවත් කිරීමට ග්‍රීන්ස් පක්ෂයට අවශ්‍ය වුවද ස්වාධීන සෙනට් සභික Jacqui Lambie ඉදිරිපත් කළ වෙනස්කම් සහිත යෝජනාවකට අනුව එළඹෙන ඔක්තෝබර් 18 වන දින දක්වා මෙය වෙනස් කිරීමට කාලය ලබා දී තිබේ.
අද (14/09) පටන් ඔක්තෝබර් 18 වන දින දක්වා මාසයක කාලයක් පැවතුනත් එම කාලය තුළ පාර්ලිමේන්තු සැසිවාර 4 ක් පමණක් පැවැත්වෙන බව සඳහන්.

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමට පෙරාතුව ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා සිව් වසරක් මෙරට වාසය කිරීම, ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීනත්වය මැන බලන අපහසු පරීක්ෂණය මෙන්ම ඔස්ට්‍රේලියානු වටිනාකම් පිළිබඳ  දෙනු ලබන පරීක්ෂණය මෙම යෝජිත වෙනස්කම් අතර වේ.

සෙනට් සභාවේ තීරණාත්මක ඡන්ද  බලය හිමි  Nick Xenophon ගේ කණ්ඩායම ද මෙයට විරුද්ධත්වය ප්‍රකාශ කර ඇති අතර රජය මෙම වෙනස්කම් වලට මුලට ගොස් ඒවා නැවත නිර්මාණය කළ යුතු බව පවසයි.

රජය මෙය සෙනට් සභාවේ විවාදයට ගෙන ඒමට ප්‍රථම එම යෝජිත වෙනස්කම් නැවත නිසි පරිදි සැකසිය යුතු බව Nick Xenophon ගේ කණ්ඩායම නියෝජනය කරනු ලබන සෙනට් සභික Skye Kakoschke-Moore පැවසුවාය.
රජයේ මෙම යෝජිත වෙනස්කම් ස්ථිර කරගැනීමට කල් යාමෙන් ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමට අපේක්ෂාවෙන් පසුවන පුද්ගලයින්ට මෙන්ම ස්ථිර පදිංචි කරුවන් හටද මහත්වූ පීඩනයක් ගෙන දෙන බව ග්‍රීන්ස් පක්ෂය පෙන්වා දෙයි.
නමුත් ලිබරල් පක්ෂෙය් සෙනට් සභික James McGrath මෙම අදහස් හා ක්‍රියා තරයේ හෙළා දකිමින් ඊයේ (13/09) දිනයේ සෙනට් සභාවේදී  ප්‍රකාශයක් කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ශක්තිමත් කරලීමේ අරමුණින් ගෙන එන මෙම වෙනස්කම් පිළිබඳ විවාදයක් හෝ නොකර කම්කරු හා ග්‍රීන්ස් පක්ෂ මීට විරුද්ධ වීම අනුමත කළ නොහැකි බව ඔහු පැවසීය.

නමුත්, ග්‍රීන්ස් පක්ෂය ඉදිරිපත් කළ මෝසම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය පිළිබඳ ග්‍රීන්ස් පක්ෂය අවම තරමකින් හෝ සැලකිල්ලක් දක්වන බවට ඉඟියක් ලැබුණු බවද ඔහු එහිදී පැහැදිලි කළේය.

මේ අතර ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය  Peter Dutton ද මේ සම්බන්ධව විපක්ෂයේ ක්‍රියා පිළිවෙත දැඩි ලෙස විවේචනය කළේය.
දැනට ඇති තත්ත්වය අනුව ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරිනැමීමේදී ඔස්ට්‍රේලියානු රජය විසින් යෝජිත වෙනස්කම් පිළිබඳ යෝජිත පනත සඳහා කම්කරු පක්ෂය, ග්‍රීන්ස් පක්ෂය සහ ස්වාධීන සෙනට් සභිකයින් විරුද්ධත්වය පා ඇති අතර රජයට එම පනත නැවත වෙනස් කිරීමට සිදුව තිබේ.
සෙනට් සභාවට ඉදිරිපත් කෙරුණු යෝජිත පනතකට විරුද්ධව මෙවැනිම ආකාරයේ මෝසමක් ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව තුළ 1995 වසරේ ඉදිරිපත් කෙරුණු අතර එය සාර්ථක වූ බවද වාර්තා වේ.

*********************************************************************

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 

 සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************




Share

Published

Updated

By Myles Morgan, Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරිනැමීමේ යෝජිත වෙනස්කම් සහිත පනතට කම්කරු, ග්‍රීන්ස් පක්ෂ සහ ස්වාධීන සෙනට් සභිකයින් විරුද්ධ වෙයි. (SBS සිංහල/වාර්තා) | SBS Sinhala