තාරුණ්‍යයට වැඩි අවස්ථා දෙමින් ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතිය උඩු යටිකුරු කරන ලෙසට මධ්‍යම රජයට ඉල්ලීමක්

ඔස්ට්‍රේලියාවේ සංකීර්ණ හා යල් පැන ගිය නීති වේගයෙන් වෙනස් වන ගෝලීය ආර්ථිකය සමඟ සමපාත නොවූ අතර වීසා අයදුම්පත් සැකසුම් ප්‍රමාදයන් ඇති කරන බව Grattan ආයතනයේ ආර්ථික ප්‍රතිපත්ති වැඩසටහන් අධ්‍යක්ෂ Brendan Coates පැවසුවේය.

People at Sydney airport in front of an electronic billboard that reads: 'There's no place like home'     SYD

Net migration to Australia plummeted during COVID-19, as borders snapped shut. Credit: James D. Morgan/Getty Images for Sydney Airport

ඔස්ට්‍රේලියාව ආගන්තුක සේවක සමාජයක් බවට පත් කිරීමට සහ පුහුණු විදේශ ශ්‍රමයේ ප්‍රතිලාභ නාස්ති කිරීම නැවැත්වීම සඳහා ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතියට විශාල වෙනස්කම් අවශ්‍ය බව නව වාර්තාවක් පවසයි.

ඔස්ට්‍රේලියාව තරුණ ගෝලීය දක්ෂතා ආකර්ශනය කරගැනීම උදෙසා වූ වීසා බලපත්‍ර අවශ්‍යතා අඩු බවත් අඩු නිපුණතා සහිත ශ්‍රමිකයින් මත අධික ලෙස රඳා පැවතීම අඩු වැටුප් මත ශ්‍රම සූරාකෑමට තුඩු දෙන බවත් Grattan ආයතනය අනතුරු අඟවයි.

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතිය පිළිබඳ පාර්ලිමේන්තු විමර්ශනයකට ඉදිරිපත් කිරීමට නියමිත මෙම වාර්තාව, සංක්‍රමණ පද්ධතියේ මන්දගාමීත්වය වර්ධනය වැඩි දියුණු කිරීමට සහ ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ආර්ථිකයකට ඔස්ට්‍රේලියාවේ මාවත යොමු කිරීමට මධ්‍යම රජයෙන් ඉල්ලා සිටී.
වැඩිහිටි සංක්‍රමණිකයන්ට හිතකර වැඩසටහන් අහෝසි කිරීම සහ ඉහළ ඉපැයීම් ලබන සංක්‍රමණිකයන් දිගු කාලීනව රැඳී සිටීම වළක්වන බව පැවසෙන සංක්‍රමණ පද්ධතිය විධිමත් කිරීම ඊට ඇතුළත් වේ.

ඔස්ට්‍රේලියාවේ සංකීර්ණ හා යල් පැන ගිය නීති වේගයෙන් වෙනස් වන ගෝලීය ආර්ථිකය සමඟ සමපාත නොවූ අතර වීසා අයදුම්පත් සැකසුම් ප්‍රමාදයන් ඇති කරන බව Grattan ආයතනයේ ආර්ථික ප්‍රතිපත්ති වැඩසටහන් අධ්‍යක්ෂ Brendan Coates පැවසුවේය.
———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
"ඔස්ට්‍රේලියාවේ වත්මන් ක්‍රමය අද ලෝකයට ගැලපෙන්නේ නැහැ, අපි ස්ථිර වීසා ඉලක්ක කර ගත යුතු නැහැ, වසරක් හෝ දෙකක් පවතින ශ්‍රම හිඟකම් යටතේ මිනිසුන්ට දශක ගණනාවක් රැඳී සිටීමට ඉඩ නොදිය යුතුයි" යනුවෙන් ඔහු SBS පුවත් සේවයට පැවසීය.

සයිබර් ආරක්ෂාව වැනි ක්ෂේත්‍රවල නිපුණතා ගොඩනගා ගැනීමට අවශ්‍ය නැඟී එන වෘත්තීන් බොහොමයක් ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතිය රැකියා ලෙස වර්ගීකරණය කර නැති බවද ඔහු පැවසුවේය.
Copy of 2 LINE TEMPLATE GRAPHS AND STATS (3).png
Graph showing decline in net migration during COVID-19.

වඩාත් සරල සංක්‍රමණ පද්ධතියක්

සේවා යෝජකයාගේ අනුග්‍රහය ලබන වීසාවල සැලකිය යුතු වෙනස්කම් සිදු කිරීම Grattan ආයතනයේ මෙම වාර්තාවේ නිර්දේශ අතර ප්‍රධාන වේ.

ඇතැම් වෘත්තීන්හි සේවකයින්ට Temporary skilled migration වීසා දැනට ලබා ගත හැක්කේ ඔවුන් වසරකට අවම වශයෙන් ඩොලර් 53,900ක් උපයන්නේ නම් පමණි.

ඕනෑම සේවා යෝජකයෙකුට ඩොලර් 85,000කට වඩා වැඩි මුදලකට සංක්‍රමණිකයන්ට ස්ථිරව අනුග්‍රහය දැක්වීමට ඉඩ දීම Grattan ආයතනය නිර්දේශ කරන අතරම, $70,000ට වඩා උපයන සියලුම සංක්‍රමණිකයන් තාවකාලික අනුග්‍රහය සඳහා සුදුසුකම් ලබයි.
"ඔවුන් උපයන වැටුප් මත පදනම්ව අපි දක්ෂ සංක්‍රමණිකයන් තෝරා ගන්නා ලෝකයකට මාරුවීම වඩාත් සරල ක්‍රමයක් ඇති කරනවා, එය මිනිසුන්ගේ කුසලතා වටිනවාද නැද්ද යන්න වඩා හොඳින් පිළිබිඹු කරනවා" Grattan ආයතනයේ ආර්ථික ප්‍රතිපත්ති වැඩසටහන් අධ්‍යක්ෂ Brendan Coates පැවසුවේය.

මෙම ක්‍රමය හරහා දශක තුනක් පුරාවට ඔස්ට්‍රේලියානු අයවැය ඩොලර් බිලියන 125කින් ඉහළ නංවනු ඇතැයි Grattan ආයතනය ඇස්තමේන්තු කර ඇත.

ඔස්ට්‍රේලියාවට පැමිණීමේදී වැටුප ඩොලර් 70,000 ඉක්මවන සංක්‍රමණිකයන්ගේ වැටුප් කාලයත් සමඟ වැඩි වන බව ද මෙම වාර්තාව සොයා ගත්තේය.

එහෙත් එම සීමාව යටතේ උපයන අය, සූරාකෑම බෙහෙවින් දක්නට ලැබෙන බවත් එනිසාම අඩු ආදායම්ලාභී අංශ එකතැන පල්වීමට නැඹුරු විය හැකි බවත් වාර්තාව පවසයි.
සංක්‍රමණ ලකුණු මත ලබාදෙන වීසා පුළුල් ලෙස ක්‍රියාත්මක කෙරෙන අතර, වාර්ෂිකව ලබා දෙන ස්ථිර පුහුණු වීසා වලින් දළ වශයෙන් අඩක ඉඩක් ගන්නා බව පවසන ද්විතීයික අයදුම්කරුවන් වන සහකරු හෝ සහකාරිය ඇතුළු සහ පවුලේ සාමාජිකයින්ගේ කුසලතා කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙසද මෙම වාර්තාව ඉල්ලා සිටී.

"ඔස්ට්‍රේලියාව ඉදිරිපත් කර ඇති වීසා කෝටාවට වඩා බොහෝ ප්‍රමාණයක් අයදුම්කරුවන් සිටිනවා. අපි ප්‍රමුඛත්වය දිය යුත්තේ තනිකඩ පුද්ගලයන්ට හෝ දෙදෙනාම ඉහළ කුසලතා ඇති යුවලකටයි" යනුවෙන් Grattan ආයතනයේ ආර්ථික ප්‍රතිපත්ති වැඩසටහන් අධ්‍යක්ෂ Brendan Coates පැවසුවේය.

සංක්‍රමණ පද්ධතියේ Business Innovation and Investment වැඩසටහන ද අහෝසි කෙරෙනු ඇති අතර, ඒ හරහා වීසා ලබන්නන් සාමාන්‍යයෙන් වයස්ගත පුද්ගලයින් වන අතර සේවා යෝජකයාගේ අනුග්‍රහය ලබන සංක්‍රමණිකයන්ට වඩා අඩු ආදායමක් ලබන බව වාර්තාව පවසයි.

Share

Published

By Finn McHugh, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service