Explainer

ඔස්ට්‍රේලියාවේ සිටින ඔබ 2023 දී සිදුකරගත යුතු වැදගත් සෞඛ්‍ය පරීක්‍ෂණ සහ එන්නත් පහක් (SBS සිංහල/ වාර්තා)

2023 වසරේදී සිදුකරගත යුතු වැදගත් සෞඛ්‍ය පරීක්ෂණ සහ එන්නත් කිරීම් අතපසු නොකරන ලෙස සෞඛ්‍ය විශේෂඥයෝ ඔස්ට්‍රේලියාවේ ජනතාවට අනතුරු අඟවති. ඒවායින් ඔබ සලකා බැලිය යුතු ප්‍රධාන 5 ක් පිළිබඳ තොරතුරු මෙම ලිපියෙන් ගෙන එයි.

A woman has her arm strapped by a doctor for a blood pressure check.

People in Australia are being encouraged to prioritise their health this year. Source: Getty / Fly View Productions

01. සමේ පිළිකා ඇතිදැයි පරීක්ෂා කරන skin cancer පරීක්ෂණයකට වේලාවක් වෙන්කරවා ගන්න

ගිම්හාන නිවාඩු කාලය එළිමහනට යාමට හොඳ කාලයක් විය හැකි නමුත් ඔබේ සම හානිකර හිරු එළියට නිරාවරණය වීමේ අවදානමක් ඇත.

වළාකුළු පිරි දිනවලදී පවා හිරු කිරණ අනතුරුදායක බව චර්ම රෝග විශේෂඥයෝ පවසති.

සෑම ගිම්හාන සෘතුවක පළමු දිනයේ හෝ පළමු සති අන්තයේ සෑම කෙනෙකුම තමන්ගේම සම පරීක්ෂා කර නව තුවාල හෝ වෙනස්කම් සොයා බැලීම වැදගත් බව Skin Health ආයතනයේ වෛද්‍ය Rosemary Nixon පවසයි.

සමේ පිළිකාවට මුල් වන මෙලනෝමා බොහෝ විට ඇතිවිය හැකි බවත් එය පරීක්ෂා කරගැනීම සඳහා පරීක්ෂණ කිහිපයක් ඇති බවත් ඇය උපදෙස් දෙයි.

සමේ පිළිකා පිළිබඳ පවුලේ ඉතිහාසයක් ඇති ඕනෑම අයෙකුට සෑම වසරකම මාස තුන, හය හෝ 12 යන කාල සීමාවන්හිදී චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයකු සමඟ නිරන්තර නිරීක්ෂණ අවශ්‍ය වේ.

සමේ පිළිකා සහ මෙලනෝමා පිළිබඳ වැඩිදුර තොරතුරු healthdirect.gov.au/skin-cancer-and-melanoma හරහා සොයා ගත හැක.
Sydneysiders enjoy a sunny day at Bondi Beach.
Sydneysiders enjoy a sunny day at Bondi Beach. Source: AAP

02. Pap පරීක්ෂණය

වසර 2022 දී, ගැබ්ගෙල පිළිකා සඳහා වඩාත් නිවැරදි පරීක්ෂණ ක්‍රමයක කොටසක් ලෙස නව ස්වයං පරීක්ෂණයක් ඔස්ට්‍රේලියාව පුරා ලබා ගත හැකි විය.

මෙය කලින් 'Pap smear' ලෙස හැඳින්වූ පරීක්ෂණය ප්‍රතිස්ථාපනය කරයි.

මෙම ස්වයං පරීක්ෂණය ගැබ්ගෙල පිළිකා පරීක්‍ෂා කිරීමට අකමැති පුද්ගලයින්ට වැඩි පෞද්ගලිකත්වයක් ලබා දෙන බව කාන්තා සෞඛ්‍ය සංවිධානයක් වන Jean Hailes හි වෛද්‍ය Tessa King පවසයි.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

ඔබගේ අවසන් Pap පරීක්ෂණයෙන් වසර පහක් හෝ ඊට වැඩි කාලයක් ගත වී ඇත්නම්, ඔබ දැන් පරීක්ෂාවට ලක් විය යුතුය. ඕනෑම කෙනෙකුට වෛද්‍ය සායනයකදී ස්වයං-පරීක්ෂණය සහ වෛද්‍ය වෘත්තිකයෙකු විසින් කරන ලද පරීක්ෂණය යන දෙකටම ප්‍රවේශ විය හැක.

මේ අතර BreastScreen Australia විසින් වයස අවුරුදු 50 ත් 74 ත් අතර අයට සෑම වසර දෙකකට වරක් මැමෝග්‍රෑම් පරීක්ෂණයක් කරන ලෙස ආරාධනා කරයි.

වයස අවුරුදු 40 ත් 49 ත් අතර සහ වයස අවුරුදු 75 සහ ඊට වැඩි කාන්තාවන් ද පරීක්ෂා කරන නමුත් ඔවුන්ට තැපෑලෙන් සිහි කැඳවීමක් නොලැබේ.

A stock photo of a woman speaking to a female doctor.
It's important to keep track of when your last screening was. Source: Getty / Anchiy

03. ඔබේ COVID-19 බූස්ටර් එන්නත සමඟ යාවත්කාලීනව සිටින්න

ඔස්ට්‍රේලියාව COVID-19 රෝගීන් දිගින් දිගටම වාර්තා කරන බැවින්, වයස අවුරුදු 16 ට වැඩි සෑම කෙනෙකුටම තුන්වන කොවිඩ් එන්නත් මාත්‍රාව ලබා ගැනීමට උපදෙස් දෙනු ලැබේ.

වයස අවුරුදු 50 ට වැඩි පුද්ගලයින් සඳහා සිව්වන මාත්‍රාවක් නිර්දේශ කරනු ලබන අතර, වයස අවුරුදු 30 ත් 49 ත් අතර අයට අවශ්‍ය නම් සිව්වන මාත්‍රාව ලබා ගත හැකිය.

ප්‍රතිශක්තීකරණය අඩු අයට පස්වන එන්නත් මාත්‍රාව ද ලබා ගත හැකිය.

බූස්ටර් එන්නත් නොමිලේ ලබාගත හැකි අතර ඔබේ පෙර මාත්‍රාවෙන් මාස තුනකට පසුව වෙන්කරවා ගත හැක.

ඔබට මධ්‍යම රජයේ Vaccine Clinic Finder භාවිතා කර එන්නත් මාත්‍රාව ලබාගැනීමට වේලාවක් online වෙන්කරවා ගැනීමට හැකිය.

මේ අතර නව වසරේ ඉන්ෆ්ලුවෙන්සා එන්නත් 2023 අප්‍රේල් මාසයේදී පමණ ලබා ගත හැකි බව මධ්‍යම රජය පවසයි.

මාස හයකට වැඩි ඕනෑම අයෙකුට ජුනි සහ සැප්තැම්බර් අතර උච්චතම ඉන්ෆ්ලුවන්සා සමයේදී ඉන්ෆ්ලුවන්සා වාර්ෂික එන්නත මගින් තමන්ව ආරක්ෂා කර ගැනීම නිර්දේශ කෙරේ.

ඉන්ෆ්ලුවන්සා එන්නත පිළිබඳ වැඩි විස්තර මෙතැනින් ලබාගත හැකිය.
A woman receives a COVID-19 vaccination.
You can book your booster shot online. Source: Getty / Fly View Productions

04. ඔබේ පවුලේ සෞඛ්‍ය ඉතිහාසය ගැන ඔබේ ආදරණීයයන් සමඟ කතා කරන්න

රෝගියෙකුගේ පවුල් සෞඛ්‍ය පසුබිමට සෞඛ්‍ය පරීක්‍ෂණ සඳහා මුහුණ දිය යුතු වාර ගණන සහ ආරම්භක කාල රාමුව වෙනස් කළ හැකි බව වෛද්‍ය King පවසයි.

ඇතැම් පවුල් ඔවුන්ගේ සෞඛ්‍ය ඉතිහාසය ගැන කතා කිරීමට කැමති නැති නමුත් හැකි සෑම විටම අතීත පිළිකා රෝග විනිශ්චයන් හෝ ආඝාත ගැන ප්‍රශ්න ඇසීම වැදගත් වන බව ඇය පැහැදිලි කරයි.

බොහෝ පිළිකාවලට මෙලනෝමා, පියයුරු පිළිකා සහ බඩවැල් පිළිකා වැනි ප්‍රබල ජානමය මූලාශ්‍රයක් ඇති බව වෛද්‍ය Musgrave පවසයි.

එනිසා ඔබේ පසුබිම හෝ ඔබේ ස්ත්‍රී පුරුෂ භාවය නොසලකා ඒ පිළිබඳ ක්‍රියා කිරීමට වගබලාගන්නා ලෙසද ඔහු අනවධාරණය කරයි.

නිතිපතා සිදු කළ යුතු සෞඛ්‍ය පරීක්ෂණ සිදුකරන ලෙසත් ඔබට ඇතැම් ඒවා මග හැරී ඇත්නම්, ඒවා සම්පුර්ණ කරගැනීමට දැන් හොඳම කාලය එළඹී ඇතැයි ද ඔහු සඳහන් කරයි.
වයස අවුරුදු 30 ට වැඩි ඕනෑම ස්වදේශ ඔස්ට්‍රේලියානුවකු හෝ වයස අවුරුදු 45 ට වැඩි ඕනෑම අයෙකු තම වෛද්‍යවරයා සමඟ නිරන්තර හෘද සෞඛ්‍ය පරීක්ෂාවකට සහභාගී විය යුතු බව පැවසෙයි.

සෑම වසර පහකට වරක් කොලෙස්ටරෝල් පරීක්ෂා කළ හැකිය.

දියවැඩියාව සහ හෘද රෝග කලින් හඳුනා ගැනීමෙන් ඒවායින් වන හානිය අවම කර ගත හැකි බවද වෛද්‍යවරු පවසති.
A doctor recording a patient's blood bressure
People with health concerns are encouraged to speak with their doctor. Source: Getty / SolStock

05. ඔබේ සාමාන්‍ය සෞඛ්‍යය සහ මානසික යහපැවැත්ම ඉහළින්ම තබා ගන්න

මුඛ සෞඛ්‍යය පරීක්ෂා කිරීම සඳහා සාමාන්‍ය දන්ත වෛද්‍ය පරීක්ෂණ සෑම මාස හයකට හෝ 12කට වරක් සිදු විය යුතුය.

ඔබ වයස අවුරුදු 65 ට අඩු නම්, හෝ ඔබ වැඩිහිටි නම් සෑම වසර තුනකට වරක් අක්ෂි වෛද්‍යවරයෙකුගේ අක්ෂි පරීක්ෂණ Medicare මගින් ආවරණය කෙරේ.

විශේෂයෙන්ම COVID-19 වසංගතය හමුවේ මිනිසුන් ඔවුන්ගේ මානසික සෞඛ්‍යය කෙසේද යන්න සලකා බැලිය යුතුය.

රජයේ Head to Health වෙබ් අඩවිය ඔබට නොමිලේ සහ අඩු වියදම් දුරකථන සහ online මානසික සෞඛ්‍ය සම්පත් සොයා ගැනීමට උපකාර කරයි.

Share

Published

Updated

By Stephanie Corsetti, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියාවේ සිටින ඔබ 2023 දී සිදුකරගත යුතු වැදගත් සෞඛ්‍ය පරීක්‍ෂණ සහ එන්නත් පහක් (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala