ලොව බලගතුම විදෙස් ගමන් බලපත්‍ර අතරේ ඔස්ට්‍රේලියානු සහ ශ්‍රී ලංකා විදෙස් ගමන් බලපත්‍රවලට හිමි නවතම ස්ථාන මෙන්න

ලොව රටවල් 192 කට වීසා රහිතව ගමන් කිරීමට ඉඩ සලසමින් මෙවර දර්ශකයේ ලොව බලගතුම විදේශ ගමන් බලපත්‍රය බවට සිංගප්පූරු විදෙස් ගමන් බලපත්‍රය පත්වී ඇත.

A person holding an Australian passport.

Australian passport holders can travel to 186 countries without a visa. Source: Getty, AFP / Patrick T Fallon

ලොව රටවල විදේශ ගමන් බලපත්‍රවල බලවත්කම මනිනු ලබන ලොව ප්‍රධාන විදේශ ගමන් බලපත්‍ දර්ශකයක් වන Henley විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ නවතම ශ්‍රේනිගත කිරීම් වලට අනුව ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයට හයවන ස්ථානය හිමිව තිබේ.

පසුගිය වර වනතෙක් නොකඩවා පස්වන වරටත් මෙම දර්ශකයේ පළමු ස්ථානයට පත්වුණු ජපාන විදේශ ගමන් බලපත්‍රය මෙවර තුන්වන ස්ථානයට පහත බැස තිබේ.

ලොව බලගතුම විදේශ ගමන් බලපත්‍ර

ලොව රටවල් 192 කට වීසා රහිතව ගමන් කිරීමට ඉඩ සලසමින් මෙවර දර්ශකයේ ලොව බලගතුම විදේශ ගමන් බලපත්‍රය බවට සිංගප්පූරු විදෙස් ගමන් බලපත්‍රය පත්වී ඇත.

ජර්මානු, ඉතාලි සහ ස්පාඤ්ඤ විදේශ ගමන් බලපත්‍ර ලොව දෙවැනි ප්‍රබලතම විදේශ ගමන් බලපත්‍ර බවට පත්වී තිබේ.

එම විදෙස් ගමන් බලපත්‍රවලට ලොව රටවල් 190 කට වීසා රහිතව ගමන් කිරීමට අවස්ථාව හිමිවේ.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

ලොව රටවල් 189 කට වීසා රහිතව ගමන් කිරීමට ඉඩ සලසමින් ජපාන, ඔස්ට්‍රියා, ෆින්ලන්ත, ප්‍රංශ, ලක්සම්බර්ග්, දකුණු කොරියා සහ ස්වීඩන විදේශ ගමන් බලපත්‍ මෙම දර්ශකයේ තුන්වන ස්ථානයට පත්වී ඇත.

එක්සත් රාජධානියේ විදෙස් ගමන් බලපත්‍රය වසර හයක පසුබෑමකින් පසු සිව්වන ස්ථානයට පැමිණ තිබේ.

ඩෙන්මාර්ක, අයර්ලන්ත සහ නෙදර්ලන්ත විදේශ ගමන් බලපත්‍ර ද මෙවර දර්ශකයේ සිව්වන ස්ථානයට පැමිණ ඇත.
රටවල් 187 කට වීසා රහිතව ගමන් කිරීමට අවස්ථාව ලබදෙමින් බෙල්ජියම, චෙක් ජනරජය, මෝල්ටාව, නවසීලන්තය, නොර්වේ, පෘතුගාලය සහ ස්විට්සර්ලන්තය මෙවර පස්වන තැනට පත්වී තිබේ.

ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රය මෙන්ම හංගේරියානු සහ පෝලන්ත විදෙස් ගමන් බලපත්‍ර හයවන ස්ථානයට පත්ව ඇත්තේ රටවල් 186 කට වීසා රහිතව ගමන් කිරීමට අවස්ථාව සලසමිනි.
Infographic showing the world's most powerful passports
According to the Henley Passport Index, Singapore has the world's most powerful passport, while Australia ranks sixth. Source: SBS

Henley විදේශ ගමන් බලපත්‍ර දර්ශකය

ලන්ඩන් නුවර පදනම් කරගත් ආයෝජන සංක්‍රමණ උපදේශක සමාගමක් වන Henley & Partners විසින් මෙම දර්ශකය වසර 18 ක් පුරාවට සම්පාදනය කරයි.

රටවල් 199ක විදේශ ගමන් බලපත්‍රවල වීසා රහිත ප්‍රවේශය ගමනාන්ත 227කට සංසන්දනය කිරීමට ඔවුන් ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන අධිකාරියේ (IATA) දත්ත මේ සඳහා භාවිතා කරයි.

බලගතු බවින් අඩුම විදේශ ගමන් බලපත්‍ර

2023 වසරේ Henley Passport දර්ශකයේ පහළින්ම සිටින විදේශ ගමන් බලපත්‍රය ඇෆ්ගනිස්ථානයේ විදේශ ගමන් බලපත්‍රය වේ.

ඉරාකය, සිරියාව, පාකිස්තානය සහ යේමනය පිළිවෙලින් ඊට ඉහළ මට්ටමක පවතී.
Sri Lankan Passport
Source: Facebook

ශ්‍රී ලංකාව?

මෙවර දර්ශකයේ ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයට 95 වන ස්ථානය හිමිව ඇති අතර එමගින් වීසා නොමැතිව යා හැකි ගමනාන්ත ප්‍රමාණය 41 ක් බව දැක්වෙයි.

පසුගිය වසරේ ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය 100 වන ස්ථානයේ පසුවිය.


Share

Published

By Jessica Bahr, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service