ඔස්ට්‍රේලියානු දේශපාලඥයින් පළ කළ අමුතුම තාලේ TikTok වීඩියෝ

ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese ට TikTok ගිණුමක් නොමැති නමුත් ලිබරල් සහ ග්‍රීන්ස් පක්ෂවලට මෙන් කම්කරු පක්ෂයට ද නිල TikTok ගිණුමක් ඇත.

TikTok

The Australian Government has banned TikTok on government devices. Source: AAP

ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය අංශවලට සම්බන්ධ ජංගම දුරකතන ඇතුළු සියලු උපාංගවල TikTok app එක භාවිත කිරීම ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් දැන් තහනම් කර තිබේ.

මෙම පුවතත් සමග ඔස්ට්‍රේලියාවේ දේශපාලනඥයන් ඔවුන්ගේ TikTok ගිණුම් මකා දමයිද යන්න බොහෝ ඔස්ට්‍රේලියානුවන්ට ප්‍රශ්නයක් වී ඇත.


ඔස්ට්‍රේලියානු දේශපාලනඥයන් TikTok

තම TikTok ගිණුම ඉවත් කරන බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Dan Andrews දැනටමත් පවසා ඇත.

නමුත් ඇතැම් රජයේ සේවකයින් රජයේ නොවන උපාංගවලින් TikTok වීඩියෝ පළ කිරීමට ක්‍රමයක් සොයා ගනු ඇත.

ඔස්ට්‍රේලියාව ඇමෙරිකාව, එක්සත් රාජධානිය, නවසීලන්තය සහ කැනඩාව අනුගමනය කරමින් රජයේ උපාංග සඳහා මෙම TikTok තහනම නිකුත් කර ඇත.

තොරතුරු ලබා දීමට සමාගම්වලට බල කළ හැකි ජාතික නීති යටතේ දත්ත රැස්කර ගැනීමට සහ චීන රජයට එම දත්තවලට ප්‍රවේශ වීමට ඇති හැකියාව පිළිබඳ ඇති ගැටලුව නිසා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese ට TikTok ගිණුමක් නොමැති නමුත් ලිබරල් සහ ග්‍රීන්ස් පක්ෂවලට මෙන් කම්කරු පක්ෂයට ද නිල TikTok ගිණුමක් ඇත.

2022 මැතිවරණ පරාජයෙන් පසු තම TikTok ගිණුම මකා දැමීමට පෙර සුරතල් සුනඛයකු සමඟ සෙල්ෆි සහ චීන භාෂාව කතා කිරීමට උත්සාහ කිරීම ඇතුළු වීඩියෝ පළ කළ හිටපු ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison, TikTok වීඩියෝ පළ කළ ජනප්‍රිය ඔස්ට්‍රේලියානු දේශපාලනඥයකි.

ඔස්ට්‍රේලියානු දේශපාලනඥයන් TikTok හි පළ කළ අමුතුම වීඩියෝ


ග්‍රීන්ස් පක්ෂ නායකයා යෝධ කාන්තා Shrek අපේක්ෂකයෙකු දෙස බලයි


මෙම මාතෘකාව එතරම් තේරුමක් නැති අතර ඔබ මෙම වීඩියෝව නරඹන විට පවා එය පැහැදිලිවම අවශ්‍ය නොවන බව පෙනේ.

ඔස්ට්‍රේලියානු ග්‍රීන්ස් පක්ෂ TikTok ගිණුම විසින් පළ කරන ලද වීඩියෝවක, TikTok app එකේ ජනප්‍රිය filter එකක් වූ දිලිසෙන ඇඳුමින් සැරසුණු Shrek අසල ග්‍රීන්ස් පක්ෂ නායක Adam Bandt ව ප්‍රදර්ශනය කර ඇත.

මෙම වීඩියෝව ග්‍රීන්ස් පක්ෂ TikTok ගිණුමෙන් මේ වන විට මකා දමා ඇති බව පෙනී යයි.

Bob Katter, Ra Ra Rasputin ගීතය ගයයි

කෙනඩි ආසනය නියෝජනය කරමින් ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවට පැමිණි Bob Katter කාර්ය මණ්ඩල රාත්‍රී භෝජන සංග්‍රහයක දී මෙම Ra Ra Rasputin ගීතය ගයා තිබේ.

මෙම ප්‍රවීණ ක්වීන්ස්ලන්ත දේශපාලනඥයා ජනප්‍රිය වීඩියෝ තරුවක් වන අතර අනෙකුත් කැරෝකී අවස්ථා සඳහා #bobtok නැමති හැෂ් ටැගය නිර්මාණය කර ඇත.


Josh Frydenberg උසස් පාසැල් ගුරුවරයෙකු ලෙස සේවය කරයි

ඔස්ට්‍රේලියාවේ පැවති ලිබරල් සන්ධාන රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg තමන්ට ශක්තිමත් හස්තයක් ඇති බවට මෙම වීඩියෝවෙන් පෙන්වයි.

ඔහුගේ කලින් ආසනය වූ Kooyong හි පාසල් සල්පිලක මෙම වීඩියෝව පටිගත කර තිබේ.

බැංකුකරුවෙකු බවට් පත්වූ මෙම හිටපු දේශපාලනඥයාට TikTok හි වීඩියෝ පළ කිරීමට තවමත් අවසර ලැබේ.

Julian Hill නින්දට පෙර කතාන්දර කියයි

මෙම නත්තල් කතාව තරමක් දිගු නමුත් සාරාංශයක් ලෙස Scott Morrison ඔස්ට්‍රේලියාවේ අගමැති ලෙස කටයුතු කළ කාලය පිළිබඳ විවේචන ලැයිස්තුවක් එමගින් මොහු එළිදක්වයි.

Bruce ආසනය නියෝජනය කරන කම්කරු පක්ෂයේ මන්ත්‍රී Julian Hill, Twitter හි වැඩිපුරම අනුගාමිකයන් ඇති ඔස්ට්‍රේලියානු දේශපාලනඥයන්ගෙන් කෙනෙකි.

sපාර්ලිමේන්තු ප්‍රශ්න කාලයේ, ඡන්ද දායකයන් සමඟ සිටින විට හෝ කැමරාවට වෙනමම පෙනී සිට ගන්නා තමාගේ වීඩියෝ පට ඔහු නිතිපතා පළ කරයි.

NSW ප්‍රාන්තයේ හිටපු අගමැති සිය පෙර පාසල් වියෙහි පසුවන දියණිය සේවා ස්ථානයට රැගෙන යයි

පසුගියදා නිමාවට පත්වූ NSW මැතිවරණයේ ප්‍රචාරක කටයුතුවලදී ඔහු සමඟ වැඩ කිරීමට ඔහුගේ දෙවන බාල දියණිය තම සේවා නයට ගෙන්වා ගැනීමට සිදු වූ බව හිටපු NSW ප්‍රාන්ත අගමැති Dominic Perrottet පැවසුවේය.


ක්‍රීඩා පිටියක කැරකුණු Lidia Thorpe

ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේ තම කථා සහ ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් පිළිබඳ තමන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ බරපතල වීඩියෝ රාශියක් සෙනට් සභික Lidia Thorpe පළ කරයි.

නමුත් දිනක් කිසියම් හේතුවක් නිසා ඇය ෆෙඩරේෂන් චතුරශ්‍රයේ ක්‍රීඩා පරිශ්‍රයේදී තමන් විනෝද වූ මෙම වීඩියෝව පළ කර තිබුණි.

Share

Published

By Madeleine Wedesweiler, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service