ඔස්ට්‍රේලියාවට බාරගන්නා සංක්‍රමණිකයින්ගේ ප්‍රමාණය කප්පාදු කිරීම ගැන අලුත්ම වාර්තාව මෙන්න.

Here is the latest report about the cut of  Immigration level in Australia.

Source: AAP

ඔස්ට්‍රේලියාවට බාරගන්නා සංක්‍රමණිකයින්ගේ ප්‍රමාණය කප්පාදු නොකරන ලෙසට ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම ආයතනයක් වන Infrastructure Australia පවසයි.

ජනගහනය වර්ධනය වීමත් සමග මතුවන අවස්ථාවන් ඔස්ට්‍රේලියාවට මග හැරිය නොහැකි බව Infrastructure Australia ආයතනය අද එළිදැක්වූ වාර්තාවකින් දන්වා සිටියි.

ඔස්ට්‍රේලියාවට බාරගන්නා සංක්‍රමණිකයින් පිළිබඳ පාර්ලිමේන්තු විවාදය මේ සතියේ නැවත ආරම්භ වූ අතර ඒ සඳහා ආරම්භයක් ලබා දෙමින් ඔස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් කියා සිටියේ ඔස්ට්‍රේලියාවට වසරකට බාරගන්නා සංක්‍රමණිකයින් ප්‍රමාණය 190,000 සිට 110,000 දක්වා 80,000 කින් අඩු කළ යුතු බවයි.

මේ ප්‍රකාශය ටෝනි ඇබට් ගේ අනෙකුත් පක්ෂ හිතවතුන්ගේ දෝෂ දර්ශනයටද ලක්විය.

ඔස්ට්‍රේලියාවේ ජනගහනය වර්තමානය වන විට මිලියන 24 ට මදක් වැඩි අතර එය වසර 2046 වන විට මිලියන 35 දක්වා වැඩි වනු ඇති බවට ඇස්තමේන්තු කර තිබේ.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Share

Published

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service